IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


රට විවෘත කිරීමට අලුත් සැලැස්මක්

(සුජිත් හේවාජුලිගේ)

නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු රට නැවත විවෘත කිරීමේදී  පැනවිය යුතු සෞඛ්‍ය නිර්දේශ හා සීමාවන් පිළිබඳ පූර්ණ සැලැස්මක් සකස් කිරීමට කොවිඩ්  මර්දන කමිටුව අද තීරණය කළේය.

අංශ තුනක් යටතේ මෙම නිර්දේශ සකස් කෙරේ .

කොවිඩ්  මර්දන විශේෂ කමිටුව  මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ අද (24) පෙරවරුවේ පැවැත්විණ.

මේ තීරණ ගෙන ඇත්තේ එම රැස්වීමේදීය.

කොවිඩ්  අභියෝගය හමුවේ රටේ ආර්ථික ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට ගෙන යෑමට සියලු අංශ එක්ව කටයුතු කළ  යුතු බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

මෙම වසරේ තෙවැනි කාර්තුවේදී  සියයට12.3ක ආර්ථික වර්ධන වේගයක් පවත්වා ගැනීමට හැකිවූ බවත්  රට වසා තැබීමෙන්  එම  අගය සියයට 3 ක් දක්වා පහත වැටුණු බවත් හෙතෙම සඳහන් කළේය.

හතරවැනි කාර්තුවේදී  ආර්ථික වර්ධන වේගය  සියයට තුනක මට්ටමට පවත්වාගෙන යෑමට ඉලක්ක සහගතව කටයුතු කිරීමේ අවශ්‍යතාවද  ඔහු පෙන්වා දුන්නේය.

රටේ සමස්ත වාර්ෂික ආර්ථික වර්ධනය ප්‍රතිශතයක් ලෙස සියයට 5 ක මට්ටමක පවත්වා ගැනීමට හැකි වනු ඇතැයිද  බැසිල් රාජපක්ෂ මහතා  විශ්වාසය පළ කළේය.

පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ. 



අදහස් (5)

රට විවෘත කිරීමට අලුත් සැලැස්මක්

Sriland Friday, 24 September 2021 08:15 PM

සාකච්ඡා විතරයි තවම රට වහලා, පාසල් වහලා.

:       0       0

මහසෙන් Friday, 24 September 2021 10:01 PM

සැලැස්මටම වෙවි මෙන්න කියලා. මේ රටේ සැලැස්මටම කියලා වෙන්නේ හොරකම පමණයි.

:       0       1

සමන් Saturday, 25 September 2021 12:25 AM

මේ අයගේ විදියට කරනවානම් විවෘත කොට නැති බාර් ව්වෘත කල යුතුයි.

:       0       0

sathyapala Saturday, 25 September 2021 04:33 AM

මේ බැසිල් රාජපක්ෂ තමන්ට රජ වෙන්නට වටපිට හදාගන්නට රටම වුණත් විකුණන සේරිවාණිජ ජාතකයේ වැනි කපටි, කට්ට, කෛරාටික, වෙට්ට පිත්තලයෙක්... ඔහු තමන්ට අවනත නැති සියලුම ඉහළ නිලධාරින් තනතුර හැර යන තැනටම කරදර, හිරිහැර කරනවා. මහින්ද ජනාධිපති වනතුරුම ඔහු එජාපයේ හිටපු කෙනෙක්... එබැවින් එජාපයේ කිහිප දෙනෙකුත් එකතු කරගෙන සුළුජාතික පක්ෂවලට දොළ පිදේනි දී බලය අල්ලන්නට ගන්නා උත්සාහය නැවත රට කබලෙන් ලිපට දැමීමක්. අවසානයේ රාජපක්ෂලා අතර ගැටුම් ඇතිවී රට අවුලකට පත්ව විදෙස් බළල් අතක රූකඩ රාජ්‍යයක් බිහිවීම නියතයි. බැසිල් බලය ඇල්ලීමට කරන වියරු උත්සාහය වෙනුවෙන් රටේ ඕනෑම සම්පතක් විදෙස් රටවලට විකුණා ඔවුන්ගේ උදව්වෙන් රජවීමට යාම රටේ අවාසනාව...

:       1       1

Ras Saturday, 25 September 2021 10:01 AM

ලංකාවේ ප්‍රධානතම කොරෝනා වාහකයා කිටිකිටියේ සෙනඟ තදකරන් යන කිසිවෙකුගේ අධීක්ෂණයට ලක් නොවන දුම්රිය සේවයයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 616 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 172 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 501 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 122 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1737 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 183 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site