IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


‘‘රට වැසීම අපට ඔරොත්තු දෙන්නේ නෑ‘‘

(සුජිත් හේවාජුලිගේ)

රට තවදුරටත් අඟුලු දැමීම ශ්‍රී ලංකාවට ඔරොත්තු නොදෙන බව මුදල් ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය.

ජනගහනයෙන් අඩකට රට අගුළු දැමීමෙන් ඇතිවන විපාකවලට මුහුණ දීම දුෂ්කර වනු ඇතැයි පැවසූ මුදල් රාජ්‍ය ඇමැතිවරයා රටේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රයේ ලක්ෂ 45කට වැඩි පිරිසකටද මෙමගින් විශාල පීඩනයක් ඇති කරනු ඇතැයි සඳහන් කළේය.

රට අගුලු දැමීමෙන් දළ දේශීය නිෂ්පාදිතයෙන් දිනකට අහිමි වන ආදායම රුපියල් කෝටි 1500 කට වඩා වැඩි යැයිද ඔහු පැවසුවේය.

ශ්‍රී ලංකාව වැනි රටක් වසා දැමීමෙන් ආර්ථික වශයෙන් ඇති වන පීඩනය සුළුපටු එකක් නොවේ යැයිද මෙම අගුලු දැමීම කෙටි කර ගැනීමට සියලු දෙනා කැපවීමෙන් කටයුතු කළ යුතු යැයිද කබ්රාල් මහතා ප්‍රකාශ කළේය.

 



අදහස් (24)

‘‘රට වැසීම අපට ඔරොත්තු දෙන්නේ නෑ‘‘

දරුවන්ට Saturday, 28 August 2021 09:20 PM

කොහොමද කියන්නෙ ශිෂ්‍ය නායකයන්ට කොරෝනා හැදුනෙ උද්ගෝෂණ කරලා කියලා

:       5       27

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 28 August 2021 09:33 PM

දැන්ද මතක් වුනේ. මුලදිම ලෙඩා දෙන්නා හමුවෙන කොටම නිසි ක්‍රියාමාර්ග ගත්තේ නැහැ. එසේනම්, මේ අයුරින් රට වහන්නට වෙන්නේ නැහැ. මුල සිටම වැඩේ වරද්දා ගත්තා.

:       5       60

මැක්ස් Saturday, 28 August 2021 09:51 PM

රට වසා දමා ආර්ථිකය බිමට සමතලා කර රට අගාධයට දැමීම විපක්ශයේ උප්පරවැට්ටියයි. ආණ්ඩුව එම උගුලට හසු වන්නේ ඇයි?

:       67       8

විපරමා Saturday, 28 August 2021 10:17 PM

රට වැසීම වැඩිපුරම ඔරොත්තු දෙන්නේ කාටද කියන එක අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ

:       1       34

අප්පුහාමි Saturday, 28 August 2021 11:12 PM

මිනිස්සුන්ව බේරා ගන්න ඉස්සෙල්ලා.

:       3       39

Mahaja Saturday, 28 August 2021 11:13 PM

එතකොට, මේ මහා වියදම නාස්තියක් කරන ඇමැති මණ්ඩලය නඩත්තු කරන එක අපේ රටට ඔරොත්තු දෙනවද ?

:       1       56

Chana Saturday, 28 August 2021 11:18 PM

මෙයාට මැරෙන අය තවත් එක් මිනිසෙක් වුනාට මැරුණු කෙනාගෙ පවුලට ජීවිතයටම ආදායම් මාර්ග නැතුව යන බව තේරුම් යන් නැත්තේ වයස නිසාද

:       3       53

rosha Sunday, 29 August 2021 12:25 AM

මේ වගේ අයට ඇමතිකම් දීම තමයි මේ රටට ඔරොත්තු නැත්තේ

:       0       13

Sriland Sunday, 29 August 2021 01:42 AM

ලෝකයේ තියෙන කුණු එන්නත් ඔක්කොම ගෙනල්ලා දැන් මොනාද කියන්නේ? දැන් ඉතින් වැහුවත් එකයි ඇරියත් එකයි

:       1       12

ගමේ එකාලා Sunday, 29 August 2021 02:06 AM

සෞඛ්‍ය අංශ ගැන විස්වාසය නොකර දේසපාලුවන්ගේ තීරණ වලට වැඩ කරන්ඩ ගීය එකේ විපාක තමා. රට වැසීම සාමාන්‍ය ජනතාවට කෙසේ වෙතත් දේසපාලුවන්ට නම් ලොකුවට බලපානව ඇති .

:       1       11

wicky Sunday, 29 August 2021 02:58 AM

එහෙනම් ඉතින් අරින්න මෙච්චරකල් ඔරොත්තු දෙන දෙවල්මනේ කලේ.

:       0       10

Rata Perata Sunday, 29 August 2021 04:12 AM

නුඹලා නඩත්තු කරන එකත් අපිට ඔරොත්තු දෙන්නේ නෑ.

:       0       13

ravin Sunday, 29 August 2021 05:16 AM

රටටද.? සෞඛ්‍යටද.?

:       0       6

ranjith Sunday, 29 August 2021 05:42 AM

මෙයාලට නම් ඔරොත්තු දෙන්නෙම නැතුව ඇති.

:       0       9

rocky Sunday, 29 August 2021 07:05 AM

මොහු ආණ්ඩුවේ මතයට විරුද්ධ කෙනෙකි. වහාම ආණ්ඩුවෙන් ඉවත් කල යුතුයි.

:       4       2

Rohana Sunday, 29 August 2021 07:17 AM

මෙයා තමයි පසුගිය අප්‍රේල් මාසේ රට වහන්න දුන්නේ නැත්තේ.

:       1       13

රටවැසියා Sunday, 29 August 2021 08:34 AM

ඔයාලා වගේ අය කිසිම ප්‍රයෝජනයක් නැතුව මහජනතාවගේ සල්ලි වලින් නඩත්තු කරන එක අපිට ඔරොත්තු දෙන්නේ නැහැ.

:       1       12

sachith Sunday, 29 August 2021 09:16 AM

එතකොට ඔයාගේ ග්‍රීක බැදුම්කරේ...

:       0       17

mp Sunday, 29 August 2021 09:29 AM

අපට ඔරොත්තු නොදෙන්නේ මේ කැබිනට් මණ්ඩලය සහ කෝවිඩ් කමිටුවයි. මිනිස්සු රස්සාවට ගෙන්වන්නේ ඒ මිනිස්සු බලයෙන් ඒ මිනිස්සු බයේ වෙව්ලමින්. ආණ්ඩුවේ අය පමණක් ආරක්ෂාකර ගෙන ඉන්නවා. මොන තරම් සහගහණ අපරාධයක්ද? රජයේ ප්‍රධානීන් ඔවුන් යටතේ සිටින අයට මේ දවස්වල වැඩට ගෙන්වන්නේ තර්ජනය කරමින්, වැඩට එන්න බැරිනම් අස්වෙලා පලයන් කියමින්. කර්මය කරත්ත රෝදය වගේ පසුපස්සෙන් බව අමතක කරන්න එපා.

:       1       12

Suranga Sunday, 29 August 2021 10:51 AM

මේ මනුස්සයානම් අනේ මන්දා, ඉන්නකන් මහ බැංකුවේ ආර්ථිකය කෑවා.

:       1       15

සිල්වා Sunday, 29 August 2021 11:28 AM

අපේ ආර්ථිකය රට වැහුවත් නැතත් එතනමයි. ආර්ථික ප්‍රශ්න අද ඊයේ දෙයක් නෙවෙයි. ජනතාවගෙ ජීවිතය රකින්න මුල් තැන දෙන්න.

:       0       11

Lalith M Sunday, 29 August 2021 11:51 AM

ජන ජීවිතය අවුල් කිරීමට මුල්වූ අයකු වන කබ්රාල් උත්තමයාට මේ විදියට කථා කරන්න අයිතිය නෑ. මහබැංකුව පාලනය කලේ ගෙදරක කුස්සිය වගේ. මතකනේ කරපු විනාශ ග්‍රීක බොන්ඩ් සහ පොලී අනුපාත හරහා. මහජන ද්‍රෝගියෙක්.

:       0       9

සෙනෙවිරත්න Sunday, 29 August 2021 12:11 PM

මේකයි, තමුන්නාන්සෙගෙ බැරිකම වහගන්න මේක හොඳ උත්තරයක්. ඔච්චර කියවන්නෙ ඒකයි. හැබැයි 88/89 කාලෙ බස් ගිනිතියපු නිසාය කිියල කියන්න තරම් මෙයා බුද්ධිමත්.

:       1       6

Anura Wikesinghe Sunday, 29 August 2021 02:29 PM

සුදර්ශනී ඇමතිතුමිය කිව්ව වගේ රට වැහුවට කිසිම වැඩක් නෑ කටයි නහයයි වහගන්නෙ නැතුව. එහෙම නැතුව තව සතියකින් රට වහනව කියන්නෙ මේ ගැටලුව තව සතියකින් තාවකාලිකව කල් දානව කීයන එකයි. සතියකින් පස්සෙ ආයෙත් වැඩි වෙනව. ඒක හරියට ගැබිනි මරණ අඩු කරන්න කියල තාවකාලිකව කසාද බදින එක තහනම් කෙරුව වගේ. කරන්න තියෙන එකම දේ එන්නත්කරනය කරමින්, සෞඛ්‍ය නීති හරියට අවංකව පිලිපැදිමින් හා එයට ප්රබලව අනුබල දෙමින් රට අරින එක විතරමයි. විපක්ෂයට සහය දෙන කිසිම කෙනෙක් මේක කියන්නෙ නෑ. ඔවුන් කියන්නෙ රට වහන්නම කියල. එතකොට ජනතාව අසීරුවට පත්වීමෙන් රජය කෙරෙහි ජනතාව කලකිරවා ඔව්න්ට ඉක්මනින් බලයට ඒම විපක්ෂ කන්ඩායමේ එකම හා පරම අරමුනයි. ජනාධිපති මේ ලනුව කෑවොත් රට අනතුරේ.

:       2       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 668 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 186 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 551 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 137 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1838 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 185 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site