IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


රට වැසීම දීර්ඝ කළොත් ජීවිත 10,000ක් රැකගත හැකියි

ලබන මස 18 වැනිදා දක්වා දැඩි සීමා පැනවීමෙන් 7,500ත් 10,000ත් අතර ජීවිත ප්‍රමාණයක් බේරාගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලයේ මූලිකත්වයෙන් පත් කර තිබෙන ස්වාධීන තාක්ෂණික විශේෂඥ කමිටුව සඳහන් කරයි.

ජීවිත බේරාගැනීමට නම් කඩිනම් පියවර ගත යුතු බවත් දැනට තිබෙන දැඩි සීමා සැප්තැම්බර් මස 18 වැනිදා දීර්ඝ කළ යුතු අතරම එම දැඩිව ක්‍රියාත්මක කළ යුතු බවත් ජනතාව ඊට අනුකූල විය යුතු බවත් එම විශේෂඥ කමිටුව නිර්දේශ කර ඇත.

දැනට පරීක්ෂා කර ඇති සාම්පලවලින් සියයට 90කට වැඩි සංඛ්‍යාවකින් පෙනී යන්නේ නව කොරෝනා වයිරසයේ ඩෙල්ටා ප්‍රභේදය බස්නාහිර පළාතේ මෙන්ම අනෙක් පළාත්වලටත් පැතිර ගොස් ඇති බවත් එම කමිටුව නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලයේ මූලිකත්වයෙන් පත් කර තිබෙන ස්වාධීන තාක්ෂණික විශේෂඥ කමිටුව ඊයේ රැස්වූ අතර එම කමිටුවේ ප්‍රධාන නිරීක්ෂණ, තාක්ෂණික සහ නිර්දේශ ඇතුළත් කරමින් සිය නව වාර්තාව ප්‍රකාශයට පත් කර ඇත.

අදාළ වාර්තාවට අනුව නව කොරෝනා වයිරසයේ ඩෙල්ටා ප්‍රභේදය වේගයෙන් පැතිරෙන බවත් රෝහල්වල සම්පූර්ණ ධාරිතාවට පැමිණ ඇති බවත් එමෙන්ම වයිරසයට ගොදුරු වන සෞඛ්‍ය සේවකයන්ගේ සංඛ්‍යාව වේගයෙන් වැඩි වී ඇති බවත් එම වාර්තා වේ දැක්වේ. එමෙන්ම ඔක්සිජන් ඇතුළු අත්‍යවශ්‍ය සැපයුම් තොග ද අඩු මට්ටමක තිබෙන මෙම විශේෂඥ කමිටුව වාර්තා වේ දැක්වේ.

එමෙන්ම නිවාස තුළ ද වයිරසය පැතිරෙමින් තිබෙන බව මෙම වාර්තා වේ දැක්වේ.

මේ තත්ත්වය සැලකිල්ලට ගැනීමේ දී දැඩි සීමා පැනවිය යුතු බවත් කඩිනමින් එම පියවර ගත බවත් ජනතාව ඊට අනුකූල විය යුතු බවත් වාර්තාව පෙන්වාදෙයි. ඒ අතරවාරයේ දී එන්නත්කරණ ක්‍රියාවලිය වේගවත් කළ යුතු බව එහි දැක්වේ.

වයිරසය සම්ප්‍රේෂණය (ව්‍යාප්තිය), වයිරස ආසාදිතයන්ගේ ගණන සහ මරණ ගණන අඩු කරගැනීමට දැඩි සීමා ගැනීමෙන් ආර්ථික යථා තත්ත්වයට පත් කරගැනීම ඉක්මන් කරගත හැකි යැයි ද එහි සඳහන් ය.

දැනට පවතින දැඩි සීමා අගෝස්තු 31 වැනිදා පහුවන තෙක් දීර්ඝ කිරීමෙන් මරණ අඩු කරගත හැකි යැයි ද ලොක්ඩවුන් සීමා සැප්තැම්බර් 18 වැනිදා දීර්ඝ කිරීමෙන් මරණ 7,500ක් වළක්වා ගත හැකි යැය ද විශේෂඥ කමිටුව සඳහන් කරයි. එම සීමා ඔක්තෝබර් 2 වැනිදා දක්වා දීර්ඝ කිරීමෙන් මරණ 10,000ක් වළක්වා ගත හැකි යැයි ද එම කමිටුව පෙන්වා දෙයි.

එමෙන්ම ශ්‍රී ලංකාවේ මරණ අනුපාතය ඉහළම ඒවායින් එකක් යැයි ද එම වාර්තා වේ සඳහන් ය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්‍රෝස් අදනොම්ගේ විශේෂ නියෝජිත සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේශක විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් මහතා මෙම සාකච්ඡාවල මූලිකත්වය ගෙන පහසුකම් සපයයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත වෛද්‍ය අලකා සිං මෙම විශේෂඥ කමිටුවේ මුලසුන හොබවයි.

වෛද්‍ය වින්‍යා ආරියරත්න, මහාචාර්ය අසිත ද සිල්වා, විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න, මහාචාර්ය සරෝජ් ගුණරත්න, මහාචාර්ය ඉන්දික කරුණාතිලක, වෛද්‍ය රජීව ද සිල්වා, මහාචාර්ය නීලිකා මලවිගේ, මහාචාර්ය කමිනි මෙන්ඩිස්, මහාචාර්ය මලික් පීරස්, මහාචාර්ය මනුජ් වීරසිංහ, වෛද්‍ය ආනන්ද විජේවික්‍රම යන මහත්ම මහත්මීහු 14 දෙනෙක් මෙම විශේෂඥ කමිටුවේ සාමාජිකත්වය දරති.

එම පිරිසට අමතරව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍යවරු පිරිසක් ද මීට එක්ව සිටිති.

(055)



අදහස් (22)

රට වැසීම දීර්ඝ කළොත් ජීවිත 10,000ක් රැකගත හැකියි

ranjith Friday, 27 August 2021 09:18 PM

මේ වසංගත රෝගය පාලනයට මෙවන් සැබෑ විශේෂඥයින්ගේ උපදෙස් පිළිපැදිය යුතුය. දේශපාලනය කරන අය ඔහේ කටට එන ඒවා කියනවා. එයාලට මේකේ බරපතල කමක් පේන්නේ නැහැ..

:       115       179

කළු බණ්ඩාSaturday, 28 August 2021 06:44 AM

ඇයි අරයා කිව්වෙ කොරෝනා කියන්නෙ සෙම්ප්‍රතිශ්‍යාවක් වගේ බරපතල නැති ලෙඩක් කියල.

:       27       55

jimpoSaturday, 28 August 2021 11:32 AM

ෆ්‍රෙඩී සිල්වා අර ‘‘මොට්ටපාල‘‘ කියන සිංදුව කිව්වෙත් අපි ගැන නේද?

:       36       55

Ashan Saturday, 28 August 2021 03:39 AM

ඔයිට වඩා හොඳ නැද්ද බීරි අලියෙක් හොයාගෙන ඌට වීණා වාදනය කරානම්.

:       113       92

lelwala Saturday, 28 August 2021 07:52 AM

එය සත්‍ය විය හැකිය. ඩබ්ලිව්එච්ඕ දුප්පතුන් සඳහා කරන්නේ කුමක්ද? ඔවුන්ට ආදායමක් නැත.

:       91       167

jayath Saturday, 28 August 2021 07:55 AM

මේ ක ත් කමිටුවක්ද ? මේකේ කොරෝන ගැන දන්නා අය කව්ද ඉන්නේ ?

:       52       3

Rakitha Saturday, 28 August 2021 11:01 AM

මිනිස්සු සෞඛ්‍ය අංශවල නිර්ණායක අනුගමනය නොකිරීම සහ දේශපාලන උද්ඝෝෂණ නිසා තමයි මෙහෙම වුනේ.

:       71       223

සමන්ත Saturday, 28 August 2021 11:48 AM

වහාම දැඩි ලෙස සංචරණ සීමා සමග දැඩි නීති පනවා මිනිසුන් එකිනෙකා මුණ ගැහීම, ගෙවල් අතර හුවමාරුව වැඩපොළ වල එකතුවීම නවටා දැමිය යුතුයි. මිනිස්සු ආහාර නොමැතිව මැරෙන්නේ නැත. එහෙත් කොවිඩ් නිසා මියයාවී. දක්ෂ පරිපාලන නිලධාරීන්ට රට ලොක් ඩවුන් කිරීම බාර දෙන්න. සහන සැලසීමත් ඔවුන් සහ හමුදාවට බාර දෙන්න. සෞඛ්‍ය අංශ වලට රෝගය පාලනය කිරීම බාර දී දේශපාලනය ඒවාට නොගාවන්න . දේශපාලකයන් ඕවා යින් පලවා හරින්න. ජීවිත රැකගන්න.

:       21       55

NuwanSaturday, 28 August 2021 12:44 PM

දවල් හීන දකින්න එපා. වෙන දෙයක් ගැන කියන්න. ලංකාවේ නෙවෙයිද ඉන්නේ.

:       37       15

සමන්ත Saturday, 28 August 2021 11:26 PM

සමන්ත බලා සිටින්න. ලංකාව ලෝක වාර්තාවකට ඉතාම ලඟයි. ලෝකයේ වැඩිම කොවිඩ් මරණ අනුපාතිකය වීමට ආසන්නය. පණ්ඩිතකම් නිසා එය දැන් වලක්වා ගැනීම දැන් අසීරුය. WHO කියන දෙය දැන්වත් ඇසිය යුතුය. ඔවුන් කතා කරන්නේ විද්‍යාත්මක දත්ත ඇසුරෙන් සකස් කල ප්‍රක්ෂේපිත උපමානයන් අනුවය. ඒවා අනාවැකි නොවේ. ඇත්ත සංඛ්‍යාය.ලෝකයට ලොකුකම් කර රැවටෙන්නේ තමන්මය.

:       33       4

de silva Saturday, 28 August 2021 01:59 PM

මෙයාල තමයි හොදටම කරන්නෙ

:       11       48

chandana Saturday, 28 August 2021 02:05 PM

රට වැැසීමටඒක්සත් ජාතීන්ගේ සංවිධානයේම කොටසක් වන ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරද්දී, රට වැසීමේ අර්ථය සාක්ෂාත් කරගැනීම සඳහා හමුදාව සහ පොලිසිය සාර්ථකව ක්‍රියාත්මක වීමේදී ඒම ඒක්සත් ජාතීන්ගේගේසංවිධානයේම කොටසක් වන මානව හිමිකම් සංවිධානය දත නියවා අපට විරුද්ධ වීමට බලාගෙන සිටී. ඒකම සංවිධානයක් තුල නිශ්චිත සබඳතාවයක් නෙමැත. අපේම රට තුල නීතිය වුවද සෞඛ්‍ය පසෙකට තබා හිතෙන හිතෙන දේ කීමේ කිරීමේ වල්බූරු නිදහස ලබා දී තිබේ. සෞඛ්‍ය පමණක් දන්නා අයට ඒය නොතේරේ. තේරුනද ඒය ඔවුන්ගේ විෂයය පථයට අදාල නැත. අප වැනි දුප්පත් රටවලට රට වැසීමෙන් ජන ජීවිතයට වන ආර්ථික හා සමාජයීය හානිය ගැනද නිසි තක්සේරුවක් ඔවුනට නැත. ඒය ඔවුනට අදාලද නැත. අති බහුතර පළතුරු හා ඒලවළු ගොවියාගේ අස්වැන්න අවශ්‍ය තරම් කාලයක් ආරක්ෂිතව ගසේම රදවා ගැනීමට විද්‍යාත්මක ක්‍රම වේද මෙතෙක් සොයාගෙන නැත. මෙලෝ විද්‍යාවක් ගැන හය හතරවත් නොදන්නා අඳබාලයන් විද්‍යාත්මක රට වැසීම් ගැන කථා කරති. අප හට ඇත්තේ රෝගීන් 10,000 ක් බේරා ගැනීමද, ලක්ෂ ගනන් දුප්පතුන්ගේ ජීවිත බේරා ගැනීමද, නැතිනම් මේ වර්ග දෙකම බේරා ගැනීමද.? වත්මන් ආන්ඩුව මෙය ප්‍රවේශමෙන් සිදුකරනු ඇත. ඊට අප සහාය දෙමු.

:       102       219

seneSaturday, 28 August 2021 04:43 PM

ඔවුන් දෙන මුදල් සහ නොමිලේ එන්නත් වැඳලා ගන්නවනේ...? බොරු උද්ද්ච්ඡකම, හිඟන්නන්ට කොහෙන්ද උණු බත්?

:       31       9

senaSaturday, 28 August 2021 04:54 PM

කොවැක්ස් පහසුකම හරහා ඇමරිකා එක්සත් ජනපදයෙන් ෆයිසර් - බයෝ එන්ටෙක් කෝවිඩ් -19 එන්නත් මාත්‍රාවන් 100,000 ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග වශයෙන් අද (28) ලැබුණි.

:       32       4

VithanaSaturday, 28 August 2021 04:56 PM

මේක නම් මාර කතාවක්... මේ කතා කරන්නේ උණ, හෙම්බිරිස්සා ලෙඩ්ඩු ගැන නම් කමක් නෑ. මේ හරිම සැහැල්ලුවෙන් කතා කරන්නේ බෙහෙතක් නැති මාරාන්තික ලෙඩක් හැදුණු ලෙඩ්ඩු ගැන. ඉතා වේගෙන් පැතිරෙන මාරාන්තික ලෙඩක් ගැන. දුප්පත්කම ලොකුයිලු ලෙඩේ හැදිලා මැරෙන එකට වඩා. දුප්පත් වුණා කියලා කවුරුවත් බඩගින්නේ මැරෙන්නේ නෑ. ඒත් මේ ලෙඩෙන් මැරෙනවා ඒකවත් තේරුම් අරන් නෑ. රස්සා කරන්නත්, සල්ලි හොයන්නත් කලින් ජීවත්වෙලා ඉන්න ඕනෑ බව තේරුම් නොගන්න මිනිස්සුත් ඉන්නවා. එක්සත් ජාතීන් ගැන කිව්ව කතාවට ඔක්කෝටම වඩා හිනායනවා. වෙනස් කාර්යන් සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධිත ආයතන විශාල ප්‍රමාණයක් තියෙනවාද කියලා දන්නේ නෑ.

:       23       8

සමන්ත Saturday, 28 August 2021 11:22 PM

සමන්ත කතාවෙන් පෙන්වන්නට උත්සහ කරන්නේ විශාල මානව දයාවක් සහිත මිනිසෙකු බව උවත් උග්‍ර වහල් මෝඩයෙකු බව නිරායාසයෙන්ම පෙනේ. ලෝක සෞඛ්‍ය සංවිධානය යනු කුමක් දැයි වත් නොදන්නා, එහි ඉන්නේ කවුද, කරන්නේ කුමක්ද, නිගමන වලට එන්නේ කෙසේ දැයි නොදන්නා මෙවැනි මෝඩයන් නිසා දුප්පත් අහිංසක මිනිසුන්ගේ ජීවිත ගෙන යන්නේ කබලෙන් ලිපටය. ඔව්, දුප්පත් මිනිසුන්ට ප්‍රශ්නයක් ඇති බව අපි හැමෝම දනිමු.. එහෙත් එයට පිළියම් සොයා විසඳුම් දිය යුත්තේ 2/3 ක් ඡන්ද ගත් ආණ්ඩුවයි. නමුත් මේ ආණ්ඩුවට එය කල නොහැකි බව ඇස් පනා පිට පෙනේ. උදව් කිරීමටද චීනුන් හැර වෙන කිසිවෙක් නැත. ලෝකයේ කිසිම රටක් මොවුන්ට කැමතිද නැත. ලෝක සෞඛ්‍ය සංවිධානය මැදිහත් වී දුන් කොවැක්ස් එන්නත් ප්‍රමාණයද නොමැති නම් චිනුන්ගේ එන්නත් හැර වෙන කිසිම් එන්නතක්ද නැත. ලෝකය චීන එන්නත් පිළිගන්නේද නැති අතර එහි අසාර්ථක බව ඩෙල්ටා සඳහා ක්‍රියා කරන අන්දමින් පෙනේ. හිඟනකම සමග දිළිඳුකමද, අසරණ කමද ඇති මිනිසුන්ට වහලුන්ගේ බණ වලින් වැඩක් නැත. මිනිසුන්ට කන්න නැත, ගත්ත ණය ගෙවාගන්න ක්‍රමයක්ද නැත. රට විකිනිම හැර දෙයක් දන්නේද නැත

:       49       12

සමන්තMonday, 30 August 2021 12:50 AM

ඇයි මේ මගේ නම ඉස්සරහට දාලා මේක දාන්නේ? ඔව් මම තමයි ලිව්වේ. හැබැයි මට නෙමේ අන්ධ මෝඩයන්ට...

:       0       1

Vithana Saturday, 28 August 2021 04:45 PM

ඒක තමයි අපේ ආණ්ඩුව අකමැතිම දේ. ජීවිත වලට මුල් තැන දෙන එක...

:       24       8

ගමේ එකාලා Saturday, 28 August 2021 04:52 PM

එහෙම කියන්නේ කොහොමද? අපේ රටේ බුද්ධිමත් දේශපාලකයින් වෙච්චි අගමැතිවරයා, ජොනී, එස්.බී, ප්‍රසන්න, කිව්වේ ඔය කිසිම දෙයක් ප්‍රායෝගික නැහැ කියලනේ...?

:       20       7

ranjith Sunday, 29 August 2021 10:10 AM

මේ නිර්දේශ දීලා තියෙන්නේ ලෝකයම පිළිගත් වෛද්‍යවරු, කොරෝනා විතරක් නෙවෙයි වෙනත් බොහෝ බෝවන රෝග සම්බන්දයෙන් නියම උපදෙස් දීලා ලෝකේ ජනතාව විපත් වලින් බේරාගන්න මැදිහත්වන අයයි.

:       2       2

Ajith Sunday, 29 August 2021 10:30 AM

රට වහලා අපේ බිස්නස් වට්ටලා අපිව බංකොලොත් කරන්නද හදන්නේ.

:       2       4

nanda Sunday, 29 August 2021 10:31 AM

මේවගේ විද්‍යාත්මක විශ්ලේෂණයක් කරගන්න බැරි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් වැඩක් තියෙනවද.

:       2       1

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 601 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 171 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 490 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 121 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1719 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 182 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site