IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


රත්ගම ඝාතනයට තවත් අටක් රිමාන්ඩ්

ඩි.ජී.සුගතපාල

 

රත්ගම පුද්ගලයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ  දෙපාර්ත‍මේන්තුව විසින් අත්අඩංගුවට ගන්නා ලද දකුණු පළාත් විශේෂ  අපරාධ විමර්ශන ඒකකයේ තවත් නිලධාරින් හත් දෙනෙකු සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අඩවි වන නිලධාරියකු ඇතුළු සැකකරුවන් අට දෙදෙනකු ද 27 වැනි දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළේය.

මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබුවේ උප පොලිස් පරික්ෂක විමලරත්න, උප පොලිස් පරික්ෂක විමලසිරි, සැරයන්වරුන් වන ප්‍රේමලාල්, චමින්ද, කොස්තාපල්වරුන් වන අසංක, විදානගම, පොලිස් රියදුරු ජයරත්න සහ වලස්මුල්ල අඩවි වන නිලධාරි එස්.ජේ.බී.සුවාරිස් යන සැකකරුවන් අට දෙනාය.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (18) සවස අත්අඩංගුවට ගෙන ඇති මෙම සැකකරුවන් මධ්‍යම රාත්‍රීයේම මහේස්ත්‍රාත්වරයාගේ නිල නිවසට ඉදිරිපත් කිරිමෙන් පසු මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරිමට නියෝග කළේය.

මෙයට පෙර අත්අඩංගුවට ගන්නා ලද දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් පරික්ෂක කපිල නිශාන්ත සිල්වා, උප පොලිස් පරික්ෂක එච්.ජී.විරාජ් මධුසංක, කොස්තාපල් එච්.ජී. සංජය චානක වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වලස්මුල්ල කණුමල්දෙණිය රක්ෂිතයේ බීට්ටු නිලධාරි කංකානම්ගේ මාෂල් තුෂාර නලින්ද දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිව සිටි ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ.ඒ.සමන් රෝහණ, උප පොලිස් පරික්ෂක විදානගේ තිලකරත්න, කොස්තාපල් කොස්තාපල් උපුල් රංජිත් යන සැකකරුවන් හත් දෙනා ද 27 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකර ඇත.

ඒ අනුව මෙම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන්ගේ සංඛ්‍යාව 15කි. එම සැකකරුවන්ගෙන් 13ක් පොලිස් නිලධාරින් වන අතර දෙදෙනක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරිහු වෙති.

පොලිස් නිලධාරින් අතර ප්‍රධාන පොලිස් පරික්ෂකවරයෙක් පොලිස් පරික්ෂකවරයෙක් උප පොලිස් පරික්ෂකවරුන් සිව් දෙනෙකු සැරයන්වරුන් දෙදෙනෙකු කොස්තාපල්වරුන් සිව් දෙනෙකුද පොලිස් රියදුරෙකුද වේ. අනෙක් සැකකරුවන් දෙදෙනා වන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වලස්මුල්ල කණුමල්දෙණිය රක්ෂිතයේ අඩවි වන නිලධාරියා සහ බීට්ටු නිලධාරියා වේ.

මෙලෙස රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලද අඩවි වන නිලධාරියා පළමුවන සැකකාර පොලිස් පරික්ෂකවරයාගේ මිතුරෙක් බවත් ඔහුගේ ඉල්ලීම මත මළ සිරුරු පිළිස්සීම සඳහා  කණුමුල්දෙණිය රක්ෂිතය පෙන්වා ඇත්තේ බීට්ටු නිලධාරියා විසින් බවත් පරික්ෂණ වලදී අනාවරණය වී තිබේ.

දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් පතිවරයා යටතේ ක්‍රියාත්මක වූ දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන අංශයේ සියලුම පොලිස් නිලධාරින් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඝාතනය කරන ලද පුද්ගලයින් දෙදෙනා පැහැර ගෙනගොස් ඝාතනය කිරිමට  යොදා ගන්නා ලද වෑන් රථය ද කැබ් රථය ද  මෝටර් රථය ද  අත්අඩංගුවට ගෙන ඇත.

ඉකුත් ජනවාරි 23 දින රත්ගම බූස්ස රත්නඋදාගම පදිංචිව සිටි ගොනාපීනුවලගේ අසේල මංජුල කුමාර සහ කොස්ම රසික් චින්තක නමැති දෙදෙනා පැහැරගෙන යාම ඝාතනය කිරිම කුමන්ත්‍රණය කිරිම එම අපරාධයට ආධාර අනුබලදීම යන චෝදනා යටතේ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගතකර ඇත.

 

 



අදහස් (0)

රත්ගම ඝාතනයට තවත් අටක් රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

ඇමැති සී.බී. කෝටි 25 සුජීවට ගෙවන්න වෙයි
2025 පෙබරවාරි මස 05 198 0

‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.


රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 645 1

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 181 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 189 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 748 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 248 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 775 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 746 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site