IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


රත්නපුර රෝහලේ හදිසි නොවන සියලූ සේවා කල්දමයි

(අජිත්ලාල් ශාන්තඋදය)

රත්නපුර ශික්‍ෂණ මහ රෝහලේ ඊයේ (03)  සිට හදිසි ආපදා තත්ත්වයක් ප‍්‍රකාශයට පත්කළ බව රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය අනෝජ් රෝඞ්රිගෝ මහතා අද( 04) පැවසුවේය.

ඒ අනුව සැලසුම්කළ ශල්‍යකර්ම, වෛද්‍ය වාර්තා ලබාදීම, සායන සේවා ඇතුලූ අත්‍යවශ්‍ය නොවන සියලූ සේවාවන්  කල් දැමීම මෙම ආපදා තත්ත්වය යටතේ සිදුවන බවද රෝහල් අධ්‍යක්‍ෂවරයා පැවසුවේය.

එසේම වාට්ටුවලට රෝගීන් ඇතුළත් කිරීමේ ද වෙනසක් ඇති කර ඇති බව කී ඔහු ඉන් රෝගීන්ට කිසිදු බලපෑමක් නොමැති බව ද පෙන්වා දුන්නේය. රෝහලේ බාහිර ප‍්‍රතිකාර අංශය සහ රෝගීන් ඇතුළත් කිරිම සාමාන්‍ය පරිදි සිදු කෙරෙන නමුත් අත්‍යවශ්‍ය නොවන සේවා සියල්ල ම කල්දමා ඇති බව ද කීවේය.

රටේ සහ රෝහලේ පවතින කෝවිඞ්  19 රෝග තත්ත්වයන් සැලකිල්ලට ගෙන කෝවිඞ් මර්දන කටයුතු සදහා රෝහල් කාර්ය මණ්ඩල අවශ්‍යතාව මතුවීම නිසා මෙවැනි පියවරක් ගත් බව ද රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය අනෝජ් රොඞ්රිගෝ මහතා පැවසුවේය.

රත්නපුර ශීක්‍ෂණ මහ රෝහලේ  කෝවිඞ් 19 වැළඳුණ  බරපතල රෝගීන්ට ප‍්‍රතිකාර කරනු ලබයි. ඒ වෙනුවෙන් දැඩි ෂත්කාර ඒකකයක් ද ස්ථාපිත කර ඇත.

මෙම හදිසි තත්ත්වය ප‍්‍රකාශයට පත්කිරිම සම්බන්‍ධයෙන් සෞඛ්‍යසේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාටත්, රත්නපුර දිස්ත‍්‍රික් කොවිඞ් කමිටුවටත් රෝහල් අධ්‍යක්‍ෂවරයා විසින් ලිඛිතව දන්වා යවා ඇත.



අදහස් (1)

රත්නපුර රෝහලේ හදිසි නොවන සියලූ සේවා කල්දමයි

මහසෙන් Wednesday, 04 August 2021 11:29 AM

රත්නපුර රෝහල නොවේ මූලු ලංකාවටම හදිසි රෝගී තත්වයක් තමා ප්‍රකාශ කරන්න වෙලා තියෙන්නේ. එන්නත් විදීම ක්‍රියාවලිය සාර්ථක වුවත් එහි ප්‍රතිඵල සාර්ථක ද යන්න ගැටලුවක්. එන්නත් දෙකම ලබා ගත්තත් රෝගය බෝවුණු යළි හැදුණු අය ඉන්නවා. ලොකු පම්පෝරි නවත්වලා ඇත්ත කියන්න රටට...

:       3       60

ඔබේ අදහස් එවන්න

දියත

අනුර උතුරෙන් සමාව ගත යුතුයි
2024 සැප්තැම්බර් මස 08 3 0

අනුර දිසානායක යාපනයට පැමිණ කළ තර්ජනකාරී ප්‍රකාශය සම්බන්ධයෙන් උතුරේ ජනතාවගෙන් වහාම සමාව ගත යුතුව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේ ජන රැළ


‘‘අපේ ඇමැති මණ්ඩලය 25යි‘‘
2024 සැප්තැම්බර් මස 08 27 0

එළබෙන 21 පසුව අපි පිහිටුවන රජයේ විද්‍යාත්මක ඇමති මණ්ඩලයක් තමයි අපි හදන්නේ. එයට 25 දෙනයි. රාජ්‍ය ඇමතිවරු නැ . නියෝජ්‍යය ඇමති විතරයි. ඒ ඒ විෂයට අදාල ක්ෂේත්‍රය


ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 727 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 202 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 601 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 142 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site