IMG-LOGO

2025 මාර්තු මස 11 වන අඟහරුවාදා


රතුපස්වල නඩුව විභාගයට ත‍්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් පත්කරන්නැයි ඉල්ලීමක්

(මනෝප‍්‍රිය ගුණසේකර)

පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ රතුපස්වල ප‍්‍රදේශවාසීන්ට වෙඩි තබා තිදෙනෙකු ඝාතනය කර තවත් 45 දෙනෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධියට අදාළව යුද හමුදා බ්‍රිගේඩියර්වරයකුට සහ හමුදා භටයින් තිදෙනෙකුට එරෙහි නඩුව විභාග කිරීම සඳහා විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙස නීතීපතිවරයා, අග‍්‍ර විනිශ්චකාරවරයාගෙන් අද (10) ඉල්ලීමක් කර ඇත.

වසර හයක කාලයකට පෙර රතුපස්වල ප‍්‍රදේශයේදී සාමාන්‍ය වැසියන්ට වෙඩි තබා ඝාතනය කර තවත් පිරිසකට තුවාල කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් යුක්තිය ඉටුකිරීම සඳහා ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම නඩුව විභාග කිරීම සුදුසු බව සඳහන් කරමින් ඒ සඳහා අවසර දෙන්නැයි නීතීපති, ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතාගෙන් මෙලෙස ඉල්ලීමක් කොට ඇත.

මෙම සිද්ධිය හේතුවෙන් දේශිය වශයෙන් මෙන්ම ජාත්‍යයන්තර වශයෙන් ඇති වු ආන්දොළනාත්මක තත්වය පදනම් කරගනිමින් අධිකරණ සංවිධාන පනතේ 12 (2) වගන්තිය යටතේ සහ අපරාධ නඩු විධාන සංග‍්‍රහ පනතේ 450 (4) වගන්තිය යටතේ නීතීපති, ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා මෙම ඉල්ලීම කොට ඇති බව නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණි, ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.

යුද හමුදා බි‍්‍රගේඩියර්වරයෙකු වන අනුර දේශප‍්‍රිය ගුණවර්ධන, හමුදා භටයින් වන ඩිංගිරි අරුණගේ සිරිසේන, ජයසුන්දර මුදියන්සේලාගේ තිලකරත්න සහ ලලිත් ග්‍රේ නමැත්තන්ට එරෙහිව මෙම අපරාධයට අදාළව අපරාධ නඩු විධාන සංග්‍රහ පනත යටතේ අධි චෝදනා 94ක් යටතේ නඩු පැවරීමට නීතීපතිවරයා තීරණය කර ඇත.

2013 අගොස්තු මස 01 වැනිදා හෝ ඊට ආසන්න දිනයක වැලිවේරිය රතුපස්වලදී පැමිණිල්ල නොදත් පිරිසක් සමඟ එක්ව උද්ඝෝෂණයකින් අනතුරුව විසිර යමින් සිටි පිරිසකට පහරදී වෙඩි තැබීම අරමුණු කරගත් නිතීවිරෝධී රැස්වීමක සාමාජිකයින් ලෙස කටයුතු කරමින් අකිල දිනේෂ්, ශම්ලි රම්සාන් පෙරේරා සහ නිලන්ත පුෂ්පකුමාර නමැත්තන්ට වෙඩි තබා ඝාතනය කළ බවට විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නඟා ඇත.

එම අවස්ථාවේදීම පුද්ගලයින් 12 දෙනෙකුට වෙඩි තබා තුවාල කළ බවටත් තවත් පුද්ගලයින් 08 දෙනෙකුට වෙඩි තබා බරපතල තුවාල කළ බවටත් තවත් පුද්ගලයින් 21 දෙනෙකුට තුවක්කු වලින් සහ පොලු වලින් පහරදීම් කොට බරපතල නොවන තුවාල කළ බවටත් විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර හමුදා නිලධාරීන්ට එරෙහි නඩුව විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ විභාග කරන්නැයි ඉල්ලමින් නීතීපතිවරයා විසින් සිද්ධියට අදාළ වු කරුණු හා සිද්ධිය සිදුවු ආකාරය සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් ද අගවිනිසුරුවරයාට යොමු කර ඇත.

 



අදහස් (2)

රතුපස්වල නඩුව විභාගයට ත‍්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් පත්කරන්නැයි ඉල්ලීමක්

Chanak los angeles Wednesday, 10 July 2019 09:10 PM

එම ඝාතනයේ ප්‍රධාන චුජිත හමුදා නිලධාරියාව ජනතාව විසින් අත්අඩංගුවට ගන්න කියා වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටියාම එවක විරාජමානව වැඩසිටි මහරජානෝ විසින් එම නිලධාරියාව පිට රටක තානාපති කෙනෙක් ලෙසට පත්කර යැව්වා . මුන් බලයේ ඉඳගෙන කරපු අසමජ්ජාති වැඩ ලියන්න කල්පයක් ගතහොත් කල්පය ගෙවිලා යන එක පමණයි වෙන්නේ .

:       0       5

ravi Thursday, 11 July 2019 09:02 AM

මේ.. ච්ත්‍රපටයේ කියවෙන්නේ "" වතුර ඉල්ලපු මනුස්සයින්ට...වතුර දීපු හැටි "" ප්‍රධාන චරිතය " මහින්ද රාජපක්ෂ "

:       0       0

ඔබේ අදහස් එවන්න

 

දියත

වෛද්‍යවරියකට ලිංගික හිංසන
2025 මාර්තු මස 11 296 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවයේ නියුතු අවිවාහක වෛද්‍යවරියක සේවය නිමාකොට නිල නිවස වෙත යමින් සිටියදී ආයුදයක් ඇතැතිව පැමිණි කාමාතුරයකු ඇය ලිංගික හිංසනයක


අනුරාධපුර රෝහලේ වැඩ නවතී
2025 මාර්තු මස 11 411 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සියලුම වෛද්‍යවරු,වෛද්‍යවරියන්, හෙද හෙදියන් සහ අනෙකුත් කාර්ය මණ්ඩලවල ආරක්ෂාව නිසි ලෙස තහවුරු කරන තුරු අඛණඩ වෘත්තිය ක්‍රියා මාර


දුම්රිය දෙකක මගීහු පැය 09ක් දුම්රිය අඩස්සියේ
2025 මාර්තු මස 11 644 0

උඩරට දුම්රිය මාර්ගයේ පල්ලේගමදී පසුගිය 9 වැනිදා පස්වරුවේ සිදුවූ පීලි පැනීමත් හේතුවෙන් කොළඹ සහ බදුල්ලේ සිට ධාවනය කළ වෙනත් දුම්රිය දෙක මගීන් දහසකට ආසන්න


කෝටි පහක ගෝල්ඩන් කී බදු ගන්නවා ද නැද්ද අධිකරණයට කියන්න කියයි
2025 මාර්තු මස 11 329 0

ගෝල්ඩන් කී පුද්ගලික සමාගම නොගෙවා පැහැර හරින ලදැයි කියන රුපියල් කෝටි පහකට අධික බදු මුදල් සමාගමේ අධ්‍යක්ෂවරුන්ගෙන් අය කරනවා කරනවා ද නැද්ද යන්න පිළිබඳ න


නව අභියාචනාධිකරණ විනිසුරු තිදෙනෙක් දිවුරති
2025 මාර්තු මස 11 682 0

නව අභියාචනාධිකරණ විනිසුරුවරු තිදෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (11) දිවුරුම් දුන්‍හ.


අනුරාධපුර සල්ලාලයා අල්ලන්න පොලිස් කණ්ඩායම් පහක්
2025 මාර්තු මස 11 1851 0

අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියකට අතවර කිරීමට සම්බන්ධ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් පහක් යොදවා තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේ


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 71 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 152 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 187 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site