(සුජිත් හේවාජුලිගේ )
හිඟ විදුලි බිල්පත් ඇති පාරිභෝගිකයන්ගේ නිවාසවල විදුලිය විසන්ධි කිරීමේ කටයුතු විදුලිබල මණ්ඩලය විසින් ආරම්භ කරනු ලැබීම නිසා විශාල පිරිසක් දුෂ්කරතාවයට පත්ව සිටිතියි වාර්තාවේ.
ඔවුන් මෙසේ දුෂ්කරතාවයට පත්ව සිටින්නේ එකවර එම හිඟ බිල්පත් ගෙවීමට සිදුවීම නිසා යැයි කියති.
මේ අතර හිඟ විදුලි බිල්පත් ඇති පාරිභෝගිකයන් දහස් සංඛ්‍යාත පිරිසකට විදුලිබල මණ්ඩලය රතු බිල්පත් එවා ඇතැයිද දැනගන්නට ඇත.
ආර්ථික වශයෙන් ලොකු දුෂ්කරතා පවතින මොහොතක මෙලෙස එකවර හිඟ මුදල් අයකර ගැනීමට කටයුතු කිරීම අසාධාරණ බව විදුලි පාරිභෝගිකයෝ පවසති.
මේ සම්බන්ධයෙන් අප විදුලිබල මන්ඩලයේ සාමාන්‍යාධිකාරී එම් ආර් රණතුංග මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසූවේ හිඟ බිල්පත් කොටස් වශයෙන් ගෙවීමට මීට පෙර අවස්ථාව ලබාදී තිබූ බවයි.
කෙසේ වෙතත් මාසික විදුලි බිල සහ හිඟ මුදලින් කොටසක් යනාදී වශයෙන් සාකච්ඡා කර ගෙවීමට තවමත් අවස්ථාව පවතින බවද ඔහු සඳහන් කළේය.
විදුලිය විසන්ධි කිරීමකින් තොරව හිඟ විදුලි බිල්පත් යම් සාධාරණ සහ සහනදායි ක්‍රමවේදයකට ගෙවීමට අවස්ථාව සලසා දෙන්නැයි විදුලි පාරිභෝගිකයේ රජයෙන් ඉල්ලීමක් කරති
රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම
ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග
ජනාධිපති කාර්යාලයේ අඳුරු කාමරයක සිරගත වූ බට ලන්ද අද හිරු එළිය දුටු බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කරමින් පැවස
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
රතු බිල් නිසා පාරිභෝගිකයෝ කබලෙන් ලිපට
Bamunuarachchi Friday, 24 December 2021 07:13 AM
පාරිභෝගිකයිනි, රජයේ මුදල් ගෙවිය යුතු සේවාවක් පවිච්චි කළා නම් වහාම අදාළ ගෙවීම් කරන්න. රජය ඒ මුදල්වලින් තවත් බොහෝ දේ කළයුතුව තිබෙනවා. අවුරුදු 73ක් රට දියුණුවෙලා නැත කියා ජෙප්පන් කියනවා. ට්‍රාන්ස්ෆෝමර් ගිනිතිබ්බ කතාව පැත්තකින් තියමු.. දියුණු වෙලා තිබුණා නම් පළවෙනි මාසයේම විදුලි බලය කපා හැරලා. තව කොහෙද කැනඩාවේ වගේ ඉවතලන වතුරටත් බදු ගෙවන්න වුණානම්...
Hafeel Friday, 24 December 2021 08:34 AM
බොහෝ මැති ඇමැතිලා, රජයේ සහ පෞද්ගලික ආයතන ගණනාවක් විදුලිබල මණ්ඩලයට අවුරුදු ගාණකින් හිඟබිල ගෙවලා නැහැ. නමුත් මේ අසරණ වෙලාවේ පාරිභෝගිකයින්ට රතු බිල් යවනවා. අවුරුදු 73ක් රට පාලනය කරලා, මෙවැනි ආපදාවලදී ජනතාවට සහනයක් දෙන්න බැරි නම්, තවදුරටත් ඔවුන්ට බලය දීලා වැඩක් නැහැ.