IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


රෝන්ග් සයිඩ් ආ කැබ්රිය 4 කට තුවාල කරයි

( තිලකරත්න දිසානායක)

ගම්පහ, මිරිස්වත්ත හන්දියේ සිට ගම්පහ දෙසට මාර්ගයේ විරුද්ධ දිසාවෙන් ධාවනය වූ කැබ් රියක් වාහන හතරක ගැටී නිවසක් තුළට කඩා වැදීමෙන් සිවු දෙනෙක් තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුළත් කරනු ලැබූහ.

අද (11) සවස 5.45 ට පමණ අධික වේගයෙන් පැමිණ ඇති කැබ් රිය මාර්ගයේ විරුද්ධ දිසාවෙන් ගම්පහ දෙසට ධාවනයවී යතුරු පැදි දෙකක සහ ත්‍රී රෝද රථ දෙකක ගැටී මාර්ගය අද්දර පිහිටි නිවසක් තුලට කඩා වැදුණු බව ප්‍රදේශවාසියෙක් කීය.

වාහන හතරක ගැටුනු කැබ් රථයේ රියදුරා සහ එහි සිටි සහායක පලා ගොස් තිබේ.

අනතුරින් නිවසේ කිසිවෙකුටත් අනතුරක් සිදුව නොමැති අතර තුවාල ලැබූ  යතුරු පැදිකරුවන් දෙදෙනා සහ ත්‍රී රෝද රථ දෙකෙහි රියදුරන් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කිරීමට පියවර ගෙන ඇති අතර යක්කල පොලිස් ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සිතාර කරුණාරත්න මහතාගේ උපදෙස් පරිදි රථවාහන අංශය පරීක්ෂණ ආරම්භ කොට තිබිණි. 



අදහස් (5)

රෝන්ග් සයිඩ් ආ කැබ්රිය 4 කට තුවාල කරයි

Ruhunu Thursday, 11 November 2021 08:00 PM

ලංකාව නැවතත් කරත්ත යුගයකට ගියානම් ජීවිත ටිකක් බේරගන්න පුළුවන්. ලංකාවේ රියදුරන් ගැලපෙන්නේ කරත්තවලට...

:       0       23

Kuma Thursday, 11 November 2021 09:08 PM

කරුමෙ කියන්නෙ ලංකාවේ මෙවැනි අයගේ බලපත්‍රය අහෝසි කිරීමට පොලීසියට නීතියෙන් බලයක් නෑ...

:       0       16

Chinthaka Friday, 12 November 2021 09:03 AM

මිරිස්වත්ත හන්දියේ සිග්නල් ගැන කියලා වැඩක් නැහැ. කොළඹ සිට එන වාහන ගම්පහ පාරට දානකොට කොළ එළිය පත්තු වෙනවා... පදිකයින්ට පාර පනින්න. ඉතින් මේ වගේ රියදුරෙක් ආවානම් පාර මාරුවෙන අයට මොකද වෙන්නේ...?

:       0       0

latha Friday, 12 November 2021 10:06 AM

බලපත්‍රයක් තියෙන්න එපෑයෑ... නැතුව ඇති...

:       0       0

ජනහඩ Friday, 12 November 2021 10:15 AM

විටෙක ඇවිදගෙන යන පදිකයන් තැන නොතැන බලා පාර මාරුවන නිසා රියදුරන් අපහසුවට පත්වන නමුත් මෙවැනි රියදුරන් පැහැදිලිව වැරදි කරුවන් වේ. උසාවියේ වැරදි කරුවන් වූ අයගෙන් දඩයට අමතරව කිසිඳු දිනක රියදුරු බලපත්‍රයක් ගැනීමට නොහැකි ලෙස තහනම් කිරීමෙන් බොහෝ ජීවිත බේරාගත හැකිය. මෙම නීතිය දියුණු රටවල ඇති අතර එසේ කිරීම අප ප්‍රමාද කරන්නේ ඇයි දැයි සිතේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 

දියත

වී සහතික මිල එළියට
2025 පෙබරවාරි මස 05 382 0

වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.


යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී චන්දන වික්‍රමසිංහ
2025 පෙබරවාරි මස 05 252 0

ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.


නාන්න ගිහින් වීරවිල වැවේ සැඟවෙයි
2025 පෙබරවාරි මස 05 152 0

බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .


‘කුෂ්‘සමඟ මගියා ගුවන්තොටේදී මාට්ටු
2025 පෙබරවාරි මස 05 167 0

රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , ටොෆී සහ චොකලට් පැකට් ලෙස සකස් කර , සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සගවා ගෙන , කටුනා


පුංචි ඡන්දෙ ගැන තීන්දුව තවම ලැබී නෑ
2025 පෙබරවාරි මස 05 339 0

පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප


වී මිල ගැන නිල ප්‍රකාශයක්
2025 පෙබරවාරි මස 05 2037 2

රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 761 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 737 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site