(ළහිරු හර්ෂණ)
ජාතික පුවත්පතක පළවූ ප්‍රවෘත්තියකට අදාළව ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයට සිදුකරන ලද පැමිණිල්ලකට ප්‍රකාශයක් ලබාදීම සඳහා බන්ධනාගාර ගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද (09) කොළඹ 8 කාසල් වීදියේ පිහිටි ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයට බන්ධනාගාරයේ සිට රැගෙන ආවේය.
ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව නැවත බන්ධනාගාරයට රැගෙන යන අවස්ථාවේ මන්ත්‍රීවරයා මාධ්‍යයට අදහස් දැක්වීමට උත්සාහ කළ අතර බන්ධනාගාර නිලධාරීන් එය වළක්වා දැඩි පරිශ්‍රමයකින් අනතුරුව බන්ධනාගාර බස් රථය වෙත නංවා ගැනීමට උත්සාහ ගත් අයුරු ඡායාරූපවල දැක්වේ.
විදේශ ගමන් බලපත්‍ර මුද්‍රණය වේගවත් කිරීම සඳහා අවශ්‍ය අමතර කාර්ය මණ්ඩලය සපයා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජල ගාස්තුව සියයට 10 ත් 30ත් අතර ප්‍රතිශතයකින් ජල ගාස්තුව අඩුකිරීමට පියවර ගන්නා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය.
දේශීය පොල් මද ආශ්‍රිත කර්මාන්ත හා පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට පියවර ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
එක්සත් ජාතික පක්ෂයේ යාපහුව ප්‍රධාන සංවිධායක අචිනි ලොකුබණ්ඩාර මහත්මිය එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති ධුරයට පත්කර තිබේ.
වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.
ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
රන්ජන් උස්සා බස්රියට දාගනී
fairoos Tuesday, 09 March 2021 12:11 PM
අනේ රන්ජා. කට නිසා මාලුවා නහිනවා කියන්නේ මේකට තමයි.
Puppa Tuesday, 09 March 2021 12:12 PM
හරිම කැතයි. බන්ධනාගාර නිලධාරීන් හැසිරුණු විදිහ නම්. ලැජ්ජයි..!!! ලැජ්ජයි...!!!
MaaluwaWednesday, 10 March 2021 12:47 AM
බන්ධනාගාර නිලධාරින් හැසිරිලා තියෙන්නේ, ඔවුන් හැසිරෙන්න ඕනෑ විදිහට තමයි. නැත්නම් කියන්නේ පුටුවක් තියලා ඉන්දලා මාධ්‍ය සාකච්ඡාව කරන්න ඉඩ දෙන්න කියලද?
මුණසිංහWednesday, 10 March 2021 10:40 AM
බන්ධනාගාර නිලධාරීන් ඉතාම නිවැරදියි. නීති කඩන අය ආරක්ෂා කිරීමද ඔබේ අදහස? රටක නීතියට සියලුදෙනා ගරු කළ යුතුයි. රන්ජන් කියන්නේ මෝඩයෙක් කිව්වත් වැරැදි නැහැ.
kapila Tuesday, 09 March 2021 12:25 PM
මෙවැනි අය උසාවියට ප්‍රවාහනය කරනවා වෙනුවට, වීඩියෝ ලින්ක් එකක් හරහා උසාවියට සම්බන්ධ කිරීම සියල්ලන්ගේම ආරක්ෂාවට යෝග්‍ය බවයි මගේ අදහස...
විපරමා Tuesday, 09 March 2021 01:02 PM
මේවා ගැන කියන්න වචන නැහැ .
Ajantha Tuesday, 09 March 2021 03:35 PM
ඇගයී, කටයි විතරයි.
Nandalal DE SILVA - France Tuesday, 09 March 2021 03:38 PM
දැන් රන්ජන් රාමනායක මැතිතුමාට අදහස් ප්‍රකාශ කිරීමටවත් නිදහසක් නැහැ වගෙයි.
Don Wednesday, 10 March 2021 01:11 AM
හිර දඬුවම් විඳිද්දීත්, කරන්න හදන්නේ නීතිවිරෝධී වැඩයි. මේ වගේ අයට කොහොම සැලකුවත් කමක් නැහැ.
Hiran Wednesday, 10 March 2021 01:44 AM
ජරා වැඩකරලා ඒ මදිවට කතා පවත්වන්නත් යනවා. හොඳ වැඩේ..
pradeepa Wednesday, 10 March 2021 03:24 AM
රන්ජන් ඔබ මේ රටේ ජනතාවගේ දේපළ හොරාකාලා නැහැ. මාල කඩලා නැහැ. බාර් නැහැ. වංචා කරලා නැහැ. ඉක්මණට පොහොසත් වෙලා නැහැ. මැණික් මලු ලැබිලා නැහැ. ජනතා මුදල් නාස්ති කරලා නැහැ. ඔබ විශිෂ්ඨයි.
Rennie Wednesday, 10 March 2021 08:51 AM
දූෂිතයින් බොහෝ දෙනෙකුට දූෂිත පුද්ගලයින්ට සහයෝගය දැක්වීමට උත්සාහ කිරීම දැකීම කනගාටුවට කරුණකි. රන්ජන් දුප්පතුන්ට සහයෝගය දැක්වීය .ඔහුගේ පෞද්ගලික ජීවිතය තුළ ඔහු කරන්නේ කුමක්ද යන්න අපට කමක් නැත. මන්ද සෑම කෙනෙකුම එසේ කරයි. අවම වශයෙන් ඔහු කොඳු නාරටිය හා ධෛර්යය ඇති පුද්ගලයෙකි. ඔහු වැරදි දේට එරෙහිව කතා කළේය.
කුලරත්න. Thursday, 11 March 2021 04:46 AM
රංජන් කලේ ඇත්ත යුක්තිය පෙන්නලා දීපු එක... ඒ ගැන නොබියව කතා කළ එක. මේ රටේ සියලු දේම දූෂිතයි කියන එක පොදුවේ වැරදියි. නමුත් සමහර විනිසුරුවරුන් දූෂිතයි. උදාහරණයක් ලෙස හිටපු අග්‍රවිනිශ්චයකාර සරත් එන් සිල්වාගේ ප්‍රකාශය. හිරගෙදරට යැවිය යූතු කෙනා රජගෙදරට යැව්වා කීම. මොහාන් සිල්වා අග විනිසුරු. ජනපති මෛත්‍රීට ඕනෑ විදියට තීන්දුවක් දෙන්නම් අයින් කරන්න එපා කීම. තව ඕනෑතරම් තියෙනවා. එත් රංජන් ගේ දඬුවම ඉතා තදබල එකක්. අනික මේ ඊයේ පෙරේදා ඒ ටී ආරියරත්න මහතා කතාවක් කළා නොදන්න අය අහලා බලන්න. මේ රට සමස්තයක් වශයෙන් ඉතා දූෂිත රටක් වෙලා ඉවරයි. හරිම දුකයි මේ රට ගැන....