IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


රන්ජන් එක්ක සෙල්ෆි ගැහුවේ හර්ෂණ - බිල්ලට ගියේ ජේලර්


(නිමන්ති රණසිංහ)
 
බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සමඟ සෙල්ෆි ඡායාරූපයක් ලබාගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතාට අවස්ථාව සලසාදුන්නැයි බන්ධනාගාර ජේලර්වරයකුගේ වැඩ තහනම් කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණීය මහතා පැවසීය.
 
අගුණකොළපැළැස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රදවා සිටින සිරකරුවකු වන රන්ජන් රාමනායක මහතා සමග ඡායාරූපයකට පෙනී සිටීමට මෙම අවස්ථාව සලසා දිම සම්බන්ධයෙන් බන්ධනාගාර ආඥා පනත ප්‍රකාරව සිදුකළ විමර්ශනයකින් පසු අමුත්තන් බැලීමේ ස්ථානය භාරව සිටි එම ජේලර්වරයාගේ වැඩ තහනම් කළ බව ද ඔහු සදහන් කළේය.
 
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණීය මහතා මේ බව ප්‍රකාශ කළේ අද (09) දහවල් බන්ධනාගාර මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය.



අදහස් (15)

රන්ජන් එක්ක සෙල්ෆි ගැහුවේ හර්ෂණ - බිල්ලට ගියේ ජේලර්

Kiraa Tuesday, 09 March 2021 09:42 AM

බලාගෙන... මිනිහාට දුරකථන අහුවෙන්න තියන්න එපා. ආයෙත් කෝල් කරයි අරයාට..

:       59       51

fairoos Tuesday, 09 March 2021 09:57 AM

එක රටක්.. එක නීතියක්...

:       5       17

Chinthaka Tuesday, 09 March 2021 10:42 AM

මේ වැඩේ හින්දා නිලධාරියෙකුගේ වැඩ තහනම් වුණා.

:       0       0

මනෝජ් Tuesday, 09 March 2021 10:54 AM

පහත් තැනින් යයි ගලා ජලේ,

:       0       1

Asanga Tuesday, 09 March 2021 11:32 AM

අනේ අපොයි එතකොට කවුද මේකේ වැරදිකාරයා. බලන අපිද.?

:       0       0

Kamal Tuesday, 09 March 2021 11:43 AM

දුමින්ද ගහපු සෙල්ෆි වලට කාගෙවත් වැඩ තහනම් වුනේ නෑනේ...

:       1       1

qatar sita Tuesday, 09 March 2021 11:44 AM

නීතිය ගැන දන්නා අයම නීති කඩනවා නම් තව මොන කතාද?

:       0       0

Ruhunu Tuesday, 09 March 2021 12:48 PM

ජේලර්වරු පගාවට ඕනෑ දෙයක් කරනවා.

:       8       12

sanath Tuesday, 09 March 2021 02:54 PM

එතකොට, දුරකථනය සිර මැදිරියට ගෙන ගිය මන්ත්‍රීවරයාගේ වැඩ තහනම් වෙන්නේ නැද්ද?

:       2       36

gunarathnaWednesday, 10 March 2021 01:48 AM

මන්ත්‍රී කෙනෙකුට දුරකථනයක් ගෙනියන්න පුළුවන්. ප්‍රශ්නය රංජන් එක්ක සෙල්ෆි ගහපු එක. මේවා නතර කරන්න නම් කරන්න ඕනේ මෙහෙම තමයි. නැතිව මන්ත්‍රීලාට විරුද්ධව කටයුතු කරන්න බැහැ. මේක දැකපුවාම අනික් ජේලර්ලා බය වෙනවා.

:       0       3

Bandara Wednesday, 10 March 2021 01:46 AM

හොඳ වැඩේ... !!!

:       0       1

Senarath Wednesday, 10 March 2021 03:32 AM

මෙයාලා දන්නේ ගැලරියට වැඩ කරන්න විතරයි. රටට වැදගත් කිසිම දෙයක් මෙයා කරලා තියෙනවද? රටට දැනෙන වැඩක් නොකරන කිසිම කෙනෙකුට ඡන්දය දෙන්න හොඳ නැහැ. ජනතාවගේ සල්ලිවලින් පඩි කකා ජනතාවම ගොනාට අන්දවනවා.

:       0       3

sriyal Wednesday, 10 March 2021 04:02 AM

ලොක්කෝ වැරැදි කළාම, පොඩි අයව වැරැදි වහලා බිල්ලට දෙනවා. කැකිල්ලේ නඩු තීන්දුව තමයි ඉතින්..

:       0       1

nihal Wednesday, 10 March 2021 04:10 AM

තුෂාර, ඔයා වැරැදි වැඩ කරන්න එපා..

:       0       0

Chinthaka Wednesday, 10 March 2021 05:04 AM

මන්ත්‍රීවරයා පොරක් වෙන්න හදනකොට අහිංසක රාජ්‍ය නිලධාරියෙක් ගෙදර...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 

දියත

පුංචි ඡන්දෙ ගැන තීන්දුව තවම ලැබී නෑ
2025 පෙබරවාරි මස 05 121 0

පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප


වී මිල ගැන නිල ප්‍රකාශයක්
2025 පෙබරවාරි මස 05 1193 0

රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා


සහල් සැකසීමේ සංකීර්ණ දෙකක් නිෂ්කාර්ය වෙලා
2025 පෙබරවාරි මස 05 336 0

දැනට ප්‍රතිව්‍යුහගත කර ඇති සමුපකාර තොග වෙළඳ සංස්ථාව සතුව තිබූ පැයකට සහල් ක්ලෝ ග්‍රෑම් 2000 බැගින් සැකසීමේ ධාරිතාවයකින් යුත් හිඟුරක්ගොඩ සහ පන්නෙගමුව සහ


ග්‍රෑන්ඩ්පාස්-කොටහේන වෙඩි තැබීමට අයෙක් මාට්ටු
2025 පෙබරවාරි මස 05 174 0

ග්‍රෑන්ඩ්පාස් සහ කොටහේන ප්‍රදේශවලදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරු ඊයේ (4) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්


අද කාලගුණය
2025 පෙබරවාරි මස 05 105 0

ඌව පළාතේත් මඩකළපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ට්‍රම්ප් - නෙදන්යාහු හමුවෙති
2025 පෙබරවාරි මස 05 793 1

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 86 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 761 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 736 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site