( +++ ඉන්දිකා රාමනායක)
හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මූල්‍ය අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (විශ්‍රාමික) රවී වෛද්‍යලංකාර මහතා සමඟ පැවැත්වූ ආන්දෝලනාත්මක දුරකතන සංවාදයක් ඇතුළත් හඬපටයක් පෙරේදා (11) සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය විය.
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට ඇප ලබා නොදෙන ලෙසත් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් සිදුකරන විමර්ශනයකට අදාළ බී වාර්තාවක පිටපතක් ලබා දෙන ලෙසත් රන්ජන් රාමනායක මහතා රවී වෛද්‍යලංකාර මහතාගෙන් ඉල්ලා සිටීම මෙම දුරකතන සංවාදයේදී අසන්නට ලැබිණි.
මෙම හඬපටයත් සමඟ රන්ජන් රාමනායක මහතාගේ දුරකතන සංවාද සහිත හඬපට 30කට ආසන්න ප්‍රමාණයක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය වී තිබිණි.
රන්ජන් රාමනායක මහතා විවිධ පුද්ගලයන් සමග පැවැත්වූ දුරකතන සංවාද අඩංගු හඬපට ලක්ෂයකට අධික සංඛ්‍යාවක් ඇතැයි පැවැසේ.
කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
ජනාධිපතිවරුන් දෙදෙනකුගේ පාලන කාලය තුළදීත් තංගල්ල හේනකඩුව පුරාණ රජමහා විහාරය පූජා භූමියක් බවට පත් කොට ගැසට් නිවේදනයක් නිකුත් කර ගැනීමට නොහැකි වූණ. වත
රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම
ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
රන්ජන්- එෆ්.සී.අයි.ඩී හිටපු අධිපති අතර කතාබහක් තවත් හඬ පටයකින් එළියට
Mahee Monday, 13 January 2020 09:46 AM
ආණ්ඩුව ඉතාම අලංකාරව සැලසුම් කරනවා මේක. අර ටෙලි නාට්‍යවල කොටස් වගේ කෑල්ලෙන් කෑල්ල කොටස් වශයෙන් පළකරනවා. පසුබිමේ ඉන්න ශුද්ධවන්තයෝ ඒකෙන් හොඳට ප්‍රයෝජන ගන්නවා. එක අතකට තමන් රහසේ කල කතා බහ රෙකෝඩ් කරලා ඒ මදිවට හාඩ් ඩිස්ක් වලටත් ගබඩා කරපු රන්ජන් ගැලපෙන්නේ පාර්ලිමේන්තුව වැනි ගවගාලකටම තමයි. දැන් එයත් අමාරුවේ, ගජමිත්‍රයෝ ටිකත් අමාරුවේ.
sirimal Monday, 13 January 2020 10:00 AM
මේ හඬපට හුටපට අස්සේ අර ඡන්ද දවස්වල කිව්ව පොහොර නොමිලේ දෙන කතා, බඩු මිල ජීවන වියදම වගේ දේවල් ඉහල යන ඒවා දැන් කාටවත් මතක නැහැ වගෙයි පෙනෙන්නේ. කරපු වැරදි වලට නඩු වැටුන හමුදාවේ හිටපු කට්ටියටනම් නිදහස ලැබිල තියෙනවා නියමයි.
කපුරුහාමි Monday, 13 January 2020 12:25 PM
දැන් අපේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නය මේක තමා. ඡන්දෙට කලින් ජනතාව අන්දවපු හැටි ඔය දේශපාලුවන්ට මතකවත් නැහැ වගේ............................
Devinda Uduwara Monday, 13 January 2020 02:17 PM
මේවා පටිගත කිරීම සදාචාරාත්මක නෑ. ජනතාවට පෙන්වීම විකෘති වැඩක්.