(නිමල කොඩිතුවක්කු)
හඬපට පටිගත කරමින් රන්ජන් රාමනායක මහතා කටයුතු කළ ආකාරය හරියි කියා තමන් අනුමත නොකරන බවත් ඔහු සිදුකළ දේ අවසානයේ ඔහුටම පාරාවළල්ලක් වූ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය.
රන්ජන් රාමනායක මහතා ළඟ රාජකාරි කරමින් සිටි පුද්ගලයකු තරහ වී එතනින් ඉවත් වී යද්දී මෙම සංයුක්ත තැටි පිටපත් රැගෙන ගොස් කිසියම් රූපවාහිනි නාලිකාවන්ට භාරදී ඇති බවට තමන්ට හැඟෙන බවත් ඇය සඳහන් කළාය.
කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඇය මේ බව පැවැසුවාය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වැඩිදුරටත් මෙසේද කීවාය.
‘‘මම කියන්නේ නැහැ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා කළ වැඩේ හරියි කියලා. මොකද හැම කෙනාටම පෞද්ගලිකත්වයක් තිබිය යුතුයි. ඔබ හිතලා බලන්න ඔබ කාත් එක්ක හරි කතා කරද්දි එහා පැත්තෙන් ස්පිකර් ෆොන් දාලා හරි කොල් එක රෙකෝඩ් කරලා හරි අනිත් කෙනාව අපහසුතාවයට පත් කරන එක හරිද කියලා. ඒ වෙලාවට රාජකාරී දේවල්ම කතා කරන්නේ නැහැනේ සමහර විට විහිලුවක් කරහම ඒවට හිනා වෙනවා. ඔය වගේ දේවල් වෙන්න පුළුවන්.
ඒ රොකෝඩ් කරපු තැටි ඔහු ලඟ තියා ගත්තා. ඒ කරපු වැරදි දේම එතුමන්ට පාරාවලලක් විදියට කැරකිලා ආවා. වැඩ කරපු කෙනෙක් තරහ වෙලා යනවිට මේ තැටි ටික පොලිසියට බාර දුන්නා හෝ මාධ්‍ය ආයතනයකට දුන්නා කියලා තමයි ගොඩක් කියවෙන්නේ.
ඇත්තටම මගේ දැනුම අනුව සිද්ධවෙලා තියෙන්නේ අපි විපක්ෂයට ගියහම කාර්ය මණ්ඩලය අඩුවෙනවා. ඒ අනුව එතුමන් එක්ක වැඩකරපු කෙනෙක් අයින් කරලා තියෙනවා.
එයා ලඟ තමයි පරිස්සමට මේ තැටි ටික තියලා තියෙනවා කියලා කියන්නේ. ඒ තරහට මේ තැටි ටික එක්තරා මාධ්‍ය ආයතනයකට ගිහින් දීලා තියෙනවා. ඒ මාධ්‍ය ආයතනය පොලිසියට පැමිණිලි කරලා තියෙනවා. අර කොපි ටික තමයි මාධ්‍ය ආයතනය පොලිසියට දුන්නේ. පොලිසිය ගිහින් රන්ජන් රාමනායකගේ නිවස සෝදිසි කරලා ගෙදර තිබුණ ඔර්ජිනල් ටිකත් අරගෙන ගිහින් තියෙනවා‘‘ යැයිද ඇය එහිදි සඳහන් කළාය.
බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරි සිරිදත් ධම්මික මහතා ඝාතනය කිරිමට ඝාතකයන් පැමිණි බවට සැලකෙන යතුරුපැදි දෙකක් යක්කලමුල්ල තල්ගහව
හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.
වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි
මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද
සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු
අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
‘‘රන්ජන් කළ දේ රන්ජන්ටම පරාවළල්ලක් වෙලා‘‘