IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


රන්ජන් තුන්වැනි දිනයටත් මැතිසබේ නෑ

( +++ සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ හඬපට සිද්ධිය ගැන කතානායක කරු ජයසූරිය මහතාගේ දැඩි අවධානය යොමු වී ඇතැයි වාර්තා වෙයි.

කතානායකවරයා රන්ජන් රාමනායක මහතාගෙන් ඉදිරියේ දී මේ ගැන කරුණු විමසීමට බලාපොරොත්තුවෙන් සිටින බව පාර්ලිමේන්තු ආරංචිමාර්ගවලින් පැවැසේ.

රන්ජන් රාමනායක මහතාගේ හඬපට සිද්ධියෙන් පාර්ලිමේන්තුවට ද විශාල කැළලක් ඇති වී තිබෙන හෙයින් ඒ කෙරෙහි කතානායකවරයාගේ දැඩි අවධානය මෙසේ යොමු වී ඇතැයි පැවසේ.

කතානායකවරයා කරුණු විමසුවහොත් හඬපට ගැන සියලු තොරතුරු පැවැසීමට තමා සූදානම් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ‘ලංකාදීප’යට ඊයේ පැවැසීය.

රන්ජන් රාමනායක මහතා තුන්වැනි දිනයටත් ඊයේ මැතිසබයට පැමිණ සිටියේ නැත. ඒ සම්බන්ධයෙන් කළ විමසුමක දී රාමනායක මහතා පැවැසුවේ චිත්‍රපටයක රඟපෑම් කටයුත්තක යෙදී සිටින හෙයින් මැතිසබයට නොපැමිණි බවයි.

හඬපට පිළිබඳ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන්නැයි ආණ්ඩුවේ මන්ත්‍රීවරු පිරිසක් ඉකුත්දා පාර්ලිමේන්තුවේ දී ඉල්ලීමක් කළහ.



අදහස් (18)

රන්ජන් තුන්වැනි දිනයටත් මැතිසබේ නෑ

Bandara Friday, 10 January 2020 05:40 AM

ඔය කිව්වට ලැජ්ජාවක් නෑ. ළගදිම එයි බොරු ගොඩාක් ගොතාගෙන...................

:       2       82

LebbeFriday, 10 January 2020 08:23 AM

මේ අයට මහජන මුදලින් පඩි ගෙවන්නේ සියලු සැප පහසුකම් දෙන්නේ පාර්ලිමේන්තුවේ ඉන්නද ? චිත්‍රපටිවල රගපාන්නද ? වෙන රජයේ සේවකයෙක් නම් සේවය අතහැර ගියා කියලා එළවලා දාලා ......................

:       1       31

BamunuarachchiFriday, 10 January 2020 11:24 AM

හරියට හරි. මොවුන් රජයෙන් වැටුප් අරගෙන චිත්‍රපටිවල රඟපානවා. රජයේ තුවක්කුවෙන් චිත්‍රපටියට ප්‍රැක්ටිස් කරනවා. ලොක්කා කිසි හිරිකිතයක් නැතිව කියනවා. සොක්කා රජයේ තුවක්කුවෙන් රජයේ පතුරම්වලින් මන්ත්‍රී නිල නිවසේ චිත්තර පටිවලට ප්‍රැක්ටිස් කොරනවා කියලා. කෝ ජෙප්පෝ හැන්ගිලාද මේවා ගැන ප්‍රශ්න නොකරන්නේ. මේ ගොල්ලෝ මරු බඩු තමයි.

:       1       0

karunasenaFriday, 10 January 2020 12:43 PM

බොරු ගොතන්නේ ඇයි..? ඔහු මේ හඬපටවල කතාකරන අය කරන වැඩ, කරපු වැඩ ඔක්කොම මහා ජනතාව දැනගතයුතුයි. එතකොට ඊළඟ මැතිවරණවලදී ඒ පටවල ඉන්න දූෂිතයින් ඡන්දෙ ඉල්ලන්න මහජනතාව ඉදිරියට යන්න බැරිවෙනවා.. මොකද මිනිස්සු දැනගන්නවා. ඒ අයගේ ඔක්කොම ජරා මගඩි. බොහොම ස්තුතියි රන්ජන් මල්ලි මේවගේ එලිදරව්වක් කළාට. ඉතිරි ටිකත් අන්තර් ජාලයට මුදාහරින්න. මේ රටේ දූෂිතයින්ගේ රෙදි ගැලවෙන්නම...

:       0       17

Jagath Friday, 10 January 2020 06:10 AM

"රාමනායක මහතා පැවැසුවේ චිත්‍රපටයක රඟපෑම් කටයුත්තක යෙදී සිටින හෙයින් මැතිසබයට නොපැමිණි බවයි." ඔය රඟපාලා තියෙන්නේ හොඳ චිත්‍රපටියක..අපිට පව් නොදී කරන දෙයක් කරගෙන හිටිය නම් ඉවරයිනේ..

:       2       60

Hafeel Friday, 10 January 2020 07:14 AM

හා හා මිනිහා චිත්‍රපටයක රඟපාමින් ඉන්නේ. ඒකට තමයි කියන්නේ ඕනවට වඩා සෝබන, මඩ ගැසීම්, ෆේස් බුක්, මාධ්‍ය සංදර්ශන කළා නම් ඕක තමයි වෙන්නේ කියලා. කවුරු හරි වැරදි කළා නම්, නීතියමය කටයුතු කරන්න තිබුණා. නමුත් මිනිහා සෝබනනේ කළේ. මහ බැංකු වංචා දැනගෙනත් රනිල්ව ආරක්ෂා කළා. කෝප් කමිටුවේ වාර්තාව පිට වෙනකොට රට ගියා. මෙයාගේ නරක හැසිරීම් සේරම පැත්තට තියලාප භික්ෂුන් වහන්සේලාගේ සිද්ධිය සමාජ මාධ්‍යවල ප්‍රදර්ශන කළා. මෙයාට තේරීම් කාරක සභාවල් බොරු. කෙලින්ම නඩු පවරලා, දඬුවම් දිය යුතුයි. මොකද්ද මෙයාත් නීති සම්පාදන කරන නියෝජිතයෙක්.

:       17       169

kamaniFriday, 10 January 2020 12:38 PM

ඔයා ඔය කියන භික්ෂූන්ලාගේ හොඳ හොඳ ඩීවීඩී වගයක් මගඑනවා. ඔන්න අද එක්කෙනෙක්ගේ වැඩ කියලා cd පටියක් ආවා.

:       0       50

samarasekaraFriday, 10 January 2020 01:50 PM

සාදු වැඩේ කැතයි. දේශාභිමානය කියන රෙද්දෙන් වහගෙන කරන ජරා වැඩනේ...

:       0       1

Sunil Friday, 10 January 2020 07:43 AM

එන්නේ කොහොමද? රෙදි ගැලවිලානේ......................

:       1       43

susilFriday, 10 January 2020 12:29 PM

රෙදි ගැලවිලා තියෙන්නේ රන්ජන්ගේ නොවෙයි. රන්ජන් විසින් පාර්ලිමේන්තුවේ ඉන්න සුදෝ සුදු වස්තරවලින් සැරසුණු සිල්වත් හොරු රැළගේ සුදු රෙදියි ගලවන්නේ. බලාගෙන ඉන්න. ළඟදීම හොර චීවරධාරීන්ගේ සීඩී ටික මගඑනවා..

:       0       37

Sarath Friday, 10 January 2020 08:44 AM

මැතිසබේට එන්නද මිනිහා වැඩ කරලා තියෙන්නේ. කතානායකගේ ගෝලයෝ තමා. එක්සත් ජාතික පක්ෂය රන්ජන් සුද්ද කරා.

:       106       83

නිහාල් Friday, 10 January 2020 11:04 AM

රන්ජන්ගේ ක්‍රියාවෙන් සැඟවි තිබූ, මහජනතාව දැනගතයුතු බොහෝ දේ හෙළිවෙමින් පවතී. කිසිවකු වැරදි කර නැත්නම් බයවීමට ප්‍රශ්නයක් නොමැත. රන්ජන්ට බැණීමෙන් ඵලක් නොමැත. මහ ජනතාව සිටින්නේ ඔහු සමගයි.

:       5       25

PrasadFriday, 10 January 2020 11:48 AM

මහ ජනතාවට අපහාස කරන්න එපා.

:       56       22

suresh palpolaFriday, 10 January 2020 12:35 PM

ඔබ හරි නිහාල්, දැන් දැන් මහජනතාව මේ හඬපටවල ඉන්න අය ගැන විමසිලිමත් වෙනවා. අද මම දැක්කා චීවරධාරියකුගේ වැඩත් එළියට ඇවිල්ලා.. රන්ජන්, අපි ඔබ සමගයි. අර ඉතිරි "සැර" ඒවත් වෙලාවට එළියට දමන්න. මේ දියවන්නාවේ, උසාවි වල.. අතන මෙතන ඉඳන් රටේ මිනිස්සුන්ව මුලාකරන සක්කිලි අමන නරි රැල හොරෙන් කරන සියලුම ජරා වැඩ එළි දක්වන්න. ජයවේවා...!!!

:       0       79

bandulaFriday, 10 January 2020 01:15 PM

මමත් මහජනතාවගෙන් කෙනෙක්. අපි කෝල් රෙකොර්ඩ් කරන්න කිව්වෙත් නෑ. ලීක් කරන්න කිව්වෙත් නෑ. අපි ඔය කුණු ගොඩවල්වලට ගාවගන්න එපා.

:       0       1

Wijitha Friday, 10 January 2020 12:08 PM

රන්ජන් වැරදි වැඩක් කරලා නැහැ. ඔහුගේ හඬපට වලින් මේ රටේ මහජනතාවට හොඳ මුහුණ පෙන්නගෙන කුපාඩි වැඩකරන හොර තක්කඩින් ගැන මහජනයාට වැටහීමක් ලැබෙනවා.

:       0       24

mp Friday, 10 January 2020 12:28 PM

අඳින්න වස්ත්‍රයක් නැතුවද?

:       0       1

Bamunuarachchi Saturday, 11 January 2020 07:09 AM

සියදිවි හානි කර ගත්තා කීවොත් මම පුදුම වෙන්නේ නැත.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

වෛද්‍යවරිය අපයෝජකයාගේ නිවෙසින් අත් බෝම්බයක් හමු වේ
2025 මාර්තු මස 14 4 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.


ඇමෙරිකන් සටන් විරාමයට පුටින්ගේ අකමැත්තක් නැහැ
2025 මාර්තු මස 14 21 0

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.


ඇමෙරිකන් ගුවන් යානයක ගින්නක්
2025 මාර්තු මස 14 69 0

ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග


අඳුරු කාමරයක සිරගත කෙරුණු බටලන්ද අද හිරු එළිය දුටුවා
2025 මාර්තු මස 14 844 0

ජනාධිපති කාර්යාලයේ අඳුරු කාමරයක සිරගත වූ බට ලන්ද අද හිරු එළිය දුටු බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කරමින් පැවස


‘‘ලෙඩ සතුන් මසට විකුණනවාලු‘‘
2025 මාර්තු මස 14 309 0

හැටන් වටවල ප්‍රදේශයේ සත්ව ගොවිපලක විවිධ රෝග වැලදී මිය යන එළදෙනුන් සහ ගවයන් මස් කඩ වලට අලෙවි කිරීමට එරෙහිව වටවල ලොනැක් වත්තේ වතු කම්කරුවෝ එම සත්ව ගොවිප


බටලන්ද අද පාර්ලිමේන්තුවට
2025 මාර්තු මස 14 534 5

බටලන්ද කොමිෂන් සභා වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 217 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 507 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 246 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site