IMG-LOGO

2025 මාර්තු මස 12 වන බදාදා


රන්ජන් සමග පොලිස් බාරයට ගත් භාණ්ඩ ගැන සවිස්තර වාර්තාවක් දෙන්න

( +++ නිමන්ති රණසිංහ)

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී පොලිස් බාරයට ගත් හඬ පට සහිත දෘඩ තැටි 9ක්, ඩී වී ඩී තැටි 162ක්, ලැප්ටොප් පරිගණක යන්ත්‍රයක්, ජීව උණ්ඩ 127ක් සහ ඔහුගේ බලපත්‍ර රහිත ගිනිඅවිය සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් අධිකරණයට ලබා දෙන ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් එච්.යූ.කේ. පැල්පොල මහතා රජයේ රස පරික්ෂකවරයා වෙත ඊයේ (08) නියෝග කළේය.

මෙම නඩු භාණ්ඩ සම්බන්ධයෙන් රජයේ රස පරික්ෂක වාර්තාවක් කැඳවීම සඳහා අවසර දෙන ලෙස කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 124 වන වගන්තිය ප්‍රකාරව මෙම නියෝගය නිකුත් කළේය.
කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් සිල්වා මහතා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් විසින් මෙම නඩු භාණ්ඩ සීල් තබා අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවේ මෝසම් පත්‍රයක් ගොනු කරමිනි. එසේම, මෙම නඩු භාණ්ඩ සම්බන්ධයෙන් වූ ප්‍රශ්නාවලියක් ද කොළඹ අපරාධ කොට්ඨාසයෙන් රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කිරීම සඳහා අධිකරණයට ලබා දුන්නේය.

සැකකාර රන්ජන් රාමනායක මහතා සන්තකයේ තිබී අත්අඩංගුවට ගන්නා ලද බලපත්‍ර රහිත ගිනි අවිය අවසන් වතාවට ක්‍රියාත්මක වූයේ කවදා ද යන්න සම්බන්ධයෙන් මෙන්ම අදාළ උණ්ඩ සම්බන්ධයෙන් ද වාර්තාවක් කැඳවීමට අවශ්‍යව ඇතැයි මෙහිදී කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කර තිබිණි.

මෙම සිද්ධියට අදාළව දුරකතන අංක 9ක් සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවීමට ද අවශ්‍යව ඇති බව ද කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ මහත් ආන්දෝලනාත්මක තත්ත්වයක් උද්ගතව ඇති බැවින් මෙම හඬපට සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් සතියක් තුළ ලබා දෙන ලෙස නියෝග කරන්නැයි කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

සතියක් වැනි කාලයක් මෙවැනි සංකීර්ණ වාර්තාවක් කැඳවීමට කාලය මදි බැවින් ඉදිරි දිනය වන විට එනම් ලබන 17 වැනිදා වන විට එම වාර්තාව ලබා දෙන ලෙස රජයේ රස පරික්ෂකවරයාට දන්වා යවන බව මෙහිදී අධිකරණය දැනුම් දුන්නේය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය අදාළ නඩු භාණ්ඩ සම්බන්ධයෙන් වාර්තා කැඳවීම සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත නියෝග නිකුත් කරමින් ලබන 17 වැනිදා තෙක් නඩුව කල් තැබීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සමඟ ආන්දෝලනාත්මක දුරකතන සංවාද පවත්වා පොලිස් සේවාව අපකීර්තියට පත්කළැයි වැඩ තහනම් වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතාගේ විදෙස් ගමන් තහනම් කරමින් නියෝගයක් ද අධිකරණයෙන් නිකුත් කර තිබිණි.

මෙම ආන්දෝලනාත්මක හඬ පට සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා කළ නියමයට අනුව අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 125 වගන්ති ප්‍රකාරව බස්නාහිර දිසාව දකුණ අපරාධ කොට්ඨාසයෙන් මෙම විමර්ශනය කොළඹ අපරාධ කොට්ඨාසය වෙත බාරදුන් බව එම කොට්ඨාසය පෙරේදා (08) අධිකරණයට දැනුම් දී තිබිණි.

ගිනි අවි ආඥා පනත සහ පුපුරන ද්‍රව්‍ය ආඥාපනත යටතට ගැනෙන වරදක් සිදුකළැයි බස්නාහිර දිසාව දකුණ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට අධිකරණය නියෝග කළේ ඉකුත් 05 වැනිදාය.

හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් ද නිකුත් කළ අධිකරණය, එම නියෝගය ආගමන විගමන පාලකවරයා වෙත දන්වා යවන ලෙසට අධිකරණ රෙජිස්ට්‍රාර්වරයා වෙත ද නියෝගයක් නිකුත් කළේය.

මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ ඒ 5 දරන ස්ථානයට අදාළව අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත බස්නාහිර දිසාව දකුණ අපරාධ කොට්ඨාසය එම ස්ථානය සෝදිසියට ලක්කළේ ඉකුත් 04 වැනිදා පස්වරුවේ දීය. එහිදී මෙම හඬපට සහිත දෘඪ තැටි කිහිපයක් ද සහිතව සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අත්අඩංගුවට පත්විණි. එසේම, සැකකාර මන්ත්‍රීවරයා සන්තකයේ තිබී බලපත්‍රයක් රහිත මිලිමීටර් 9 වර්ගයේ ගිනිඅවියක් අත්අඩංගුවට ගත් අතර, එම ගිනි අවිය සම්බන්ධයෙන් අවසන් වරට බලපත්‍රයක් ලබාගෙන තිබුණේ ඉකුත් 2016 වර්ෂයේ බවත්, එම බලපත්‍ර අංකය 007082 දරන සී58/එස්එෆ්/005/134/2016 යන්න බවත් පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණි.



අදහස් (0)

රන්ජන් සමග පොලිස් බාරයට ගත් භාණ්ඩ ගැන සවිස්තර වාර්තාවක් දෙන්න

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

දොස්තරවරියට අතවර කළ සැකකරු අල්ලයි
2025 මාර්තු මස 12 168 0

අනුරාධපුර වෛද්‍යවරිය අතවරයට ලක් කළ සැකකරු මීට සුළු වේලාවකට පෙර ගල්නෑවේ දී අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය පවසයි.


ත්‍රිකෝණමඩුව රක්ෂිතයට ඇතුළු වුණාට ලක්ෂ 27ක දඩයක්
2025 මාර්තු මස 12 982 0

පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයට නීති විරෝධී අන්දමින් ඇතුළු වූයේ යැයි චෝදනා ලැබ සිටි චූදිතයන් හය දෙනකුට එක් අයකුට රුපියල් 4,50,000 හතර බැඟින් චූ


තැනින් තැනට අද තද වැසි
2025 මාර්තු මස 12 224 0

උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


බෙදුම්වාදීහු මගී දුම්රියක් පැහැර ගනිති
2025 මාර්තු මස 12 1666 0

පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.



රිලා - වඳුරු උවදුරට අම්බලන්ගොඩින් විසැදුමක් කියයි
2025 මාර්තු මස 11 2069 0

රිලව් වඳුරන් වැනි වගා හානි කරන සතුන් දූපතකට හෝ ගෙන ගොස් දමා දානය දෙනවා වගේ දිනපතා කෑම දෙන වැඩපිළිවෙළකට යා යුතුව ඇතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති න


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 262 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 202 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site