( +++ අංජුල මහික වීරරත්න)
නව කොරෝනා වෛරසය ආසාධිත චීන කාන්තාවක මෙරටින් වාර්තා වීමත් සමග ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය මුහුණු ආවරණ (Face Masks) ලබාදෙන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයෙන් ඉල්ලීමක් කර ඇත.
සෞඛ්‍ය ආරක්ෂිත මුහුණු ආවරණ නිෂ්පාදන සමාගම් කිහිපයක් ඉන්දියාවේ පවතින බැවින් මෙරටට කඩිනමින් මුහුණු ආවරණ ගෙන්වාගත හැකි ළඟම රාජ්‍යය ඉන්දියාව බැවින් රනිල් වික්‍රමසිංහ මහතා මෙම ඉල්ලීම කර ඇත.
තමා කළ ඉල්ලීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද දැනුවත් කර ඇති අතර නව කොරෝනා වෛරසයෙන් මෙරට ජනතාව ආරක්ෂා කරගැනීම සඳහා රජය ගන්නා සෑම ක්‍රියාමාර්ගයකටම සහාය දෙන බව ද පවසා ඇත.
මුහුණු ආවරණ ගෙන්වාගත හැකි ඉන්දියාවේ සමාගම් කිහිපයක් පිළිබඳව තමා දන්නා බවට මන්ත්‍රී දොස්තර කාවින්ද ජයවර්ධන මහතා කළ දැනුම්දීමකට අනුව රජය හා මැදිහත්ව මුහුණු ආවරණ ගෙන්වීමට කටයුතු කරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මන්ත්‍රීවරයාට උපදෙස් දුන්නේය.
ජනතාව මේ වනවිට සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් බියකින් පසුවන බැවින් ඔවුන් දැනුවත් කිරීමේ වැඩසටහන් ආරම්භ කරන ලෙසත් ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් මැදිහත් වන ලෙසත් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා ඇත.
දූවා දරුවන් සමග පදිංචි වීමට ලෝකයේ සුදුසුම රටවල් 10 අතර පළමු ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත.
මේ වසරේදී එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරුනට සුවිශේෂී වැඩ කොටසක් පැවරෙන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ආසන සංවිධායකවර
යුද හමුදාවේ සේවයෙන් පැන මහනුවර විවිධ පොලිස් වසම් තුළ රැඳී සිටිමින් විවිධ රැකියාවන්හී යෙදී සිටි හමුදා භටයන් විස්සක් අත්අඩංගුවට ගෙන යුද හමුදා පොලීසියට
කොළඹ මහ නගර සභාවට එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව තරඟ කිරීම සඳහා සමගි ජන බලවේගයට ලබන 20 වැනිදා තෙක් කල් ලබා දීමට එජාපය තීරණය කර තිබේ.
වෛද්‍යවරියකට ලිංගික හිංසන සිදුවූ අනුරාධපුර ශික්ෂණ රෝහලේ මෙයට පෙරද යම් යම් අපරාධ ක්‍රියා සිදුවී තිබුණද රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂවරයා ඒවා මැඩ පැවැත්වීම
ජනාධිපති අනුර කුමාර දිසානානයක මහතා සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (12) පැවැත්විණි.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
රනිල් ඉන්දියාවෙන් මුඛවාඩම් ඉල්ලයි
සමන්ත Thursday, 30 January 2020 05:09 AM
වගකිවයුතු දේශපාලන නායකයෙකු ලෙස ඔබ ගත් පියවර ප්‍රශංසනියයී. වැඩකරන මිනිසුන් වැඩ කල යුත්තේ එසේය.
ruwan Thursday, 30 January 2020 05:09 AM
මුඛවාඩමක් වත් හදාගන්න බෑරි රටක්ද මේක?
tarzan Thursday, 30 January 2020 05:55 AM
අපේ අයියලා ඉන්දියාවට බනින විදිහට මම හිතුවා .............එක්කෝ ඕනේ නැහැ..........
ranja Thursday, 30 January 2020 06:15 AM
සජිත් සහ නඩයට ඉස්සෙල්ලම මුඛවාඩම් දාලා ඉන්න. ඊගාවට රන්ජන් සහ හිරුනිකාට දාන්න. ඒ දෙන්න කොරෝනා කටවල් දෙකක්.
Jeewan Senanayake Thursday, 30 January 2020 06:22 AM
දැක්මක් ඇති මිනිසෙක්. අවාසනාවකට බොහෝ මිනිසුන් එය තේරුම් ගන්නේ නෑ.
HafeelThursday, 30 January 2020 08:27 AM
එයාගේ දැක්ම එයාගේ අතෙන්ම පිපිරෙනවා. 2002දී බලයේ ඉන්නකොට කොටිත් එක්ක ගිවිසුම් ගහල අනාගත්තා. ඒ වකවානුවේ පාක්ෂිකයින් මගහරිමින් චන්ද්‍රිකාව විශ්වාස කරමින් ආණ්ඩුවත් නැතිකරගත්තා. 2015දී මෛත්‍රී එපා කියද්දී රවීට මුදල් ඇමති කරලත්, අර්ජුන් මහේන්ද්‍රන්ව මහබැංකු අධිපති කරමින් අනාගත්තා. මෛත්‍රීත් එක්ක සුහදව කටයුතු නොකළ පාස්කු ප්‍රහාරයට මුහුණ දෙන්න වුණා. හොරුන්, අපරාධකරුවන් ආරක්ෂා කරමින් පාක්ෂිකයින්ගේ අප්‍රසාදයට ලක්වුණා. ඕවා තමයි ඔහුගේ දැක්ම...
සමන්ත Thursday, 30 January 2020 09:14 PM
සමන්ත ඔබ බොරු නමකින් පෙනී සිටිමින් නොදන්නා වාචාල දේශපාලනයක් ගැන කතා කරනවා. පොහොට්ටුවේ සහ අන්තවාදී බොහෝ පිරිස් දන්නා දේශපාලනයක් නැහැ. මහින්දව හඳුනන්නේත් නෑ. බලය ගන්න උසිගන්වනවා විතරයි. කෙටි මාර්ග සොයමින් ළඟ බලනවා. රනිල්ගේ දේශපාලනය බොහෝ දුර දකින එකක්. එක තේරුම් ගන්න ඔබ වැනි අයට බොහෝ කල් ගතවේවි. අවුරුදු පහෙන් ඒවගේ ප්‍රතිඵල ලැබෙන්නේ නෑ. 2002 කොටි සමග ගිවිසුම නොගැහුවා නම් අදත් අපි එක්ක සටන් කරනවා. කරුණා අම්මාන් වගේ අය තවම රජ කරනවා. මෛත්‍රී එක්ක සුහදව හිටපු නිසා තමයි රට අවුරුදු පහේදී අර්බුදයකට නොයා බේරා ගත්තේ. එහෙම නොවුනානම් අද රාජපක්ෂලාට ඇඩ්‍රසුත් නැහැ.
BamunuarachchiSaturday, 01 February 2020 04:26 PM
"බොහෝ මිනිසුන් එය තේරුම් ගන්නේ නෑ." ඒ මිනිස්සුත් තේරුම් ගත්තා නම් මෙයාගේ ඇපත් නැහැ. මෙයා ගැන ඔහේ තේරුම් ගත්ත දේ අපිට කියන්න. මෙයාට මුකවාඩම් ඕනේවෙනවා මහා ඡන්දෙදී ඒ ගොල්ලන්ගේ සංධානයේ අයගේ කටවල් වහන්න...
ලැවොයිසියර් Thursday, 30 January 2020 06:39 AM
කාගෙ වැඩ කවුද මේ කරන්නේ?... ඉහවහා ගිය පණ්ඩිතකමක්...!
De Thursday, 30 January 2020 08:11 AM
ඔබගේ අනෙක් වැඩ අනුමත නොකළද මෙම ක්‍රියාව හොද වැඩක්. අනිත් කට්ටිය 2/3 ගන්න විදියනේ කල්පනා කරන්නේ. GMOA එක ඉල්ලන්න දීමනාවක් . වෛද්‍යවරුන්ට උපකරණ ආරක්‍ෂිත එපාද ?
Alwis Thursday, 30 January 2020 08:32 AM
සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කියනවා මුක වාඩම් අවශ්‍ය නැහැ කියලා... දැන් මේ ගොල්ලෝ ඒවා ඉන්දියාවෙන් ගෙන්නන්න හදනවා. කරුණාකරලා මිනිස්සුන්ට කියන්න මුකවාඩම් අවශ්‍යද? නැද්ද? කියලා...
සේන Thursday, 30 January 2020 08:34 AM
ඉල්ලන්නමනේ පුරුද්ද... ඔය මුකවාඩම් ලංකාවේ හදාගන්න පුලුවන් දෙයක්...
Praba Thursday, 30 January 2020 09:07 AM
විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැහැදිලිව ප්‍රකාශ කළා සාමාන්‍ය ජනතාව මුඛවාඩම් බැඳීම අනවශ්‍ය බව හා නිකරුනේ ප්‍රජාව භීතියට පත් කිරීමෙන් වළකින ලෙස... දේශපාලඥයින් ඥාණවන්තව කටයුතු නොකිරීම තමයි ලංකාව ගිලගන්න ලොකුම වසංගතය.
ඉරාන් Thursday, 30 January 2020 10:18 AM
මුඛවාඩම් අනවශ්‍යයි කියල අදාළ බලධාරීන් කියද්දිම ඇයි මේ බලෙන් දෙන්නේ ? රටකින් රටකට සිදුවන ගණුදෙනුවකදි ඔය ඉල්ලීම කරන්න ඕන එක්කෝ රජය, නැත්නම් අඩු තරමේ විපක්ෂ නායක. මට හිතෙන්නේ ඒ අස්සෙ ඉල්ලමක් පාදගන්න වගේ හදන්නේ. එල්.ටී.ටී එකත් එක්ක ඩීල් දැම්මා වගේ.