(නිමල කොඩිතුවක්කු)
සජිත් පේ‍්‍රමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරය අඩපණ කර බවට නගන චෝදනා සහ මූල්‍ය කටයුතු පිළිබඳ නගන චෝදනා තමන් ප‍්‍රතික්ෂේප කරන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සිරිකොත පක්ෂ මූලස්ථානයේදි අද (22) පැවසීය.
මේ යන්ත‍්‍රණයත් සිරිකොතත් මැතිවරණ ව්‍යාපාරයේ වැඩකටයුතු සිදු කළ බවට තමන්ට සහතික විය හැකි බවත් පැවසූ වික‍්‍රමසිංහ මහතා පක්ෂයේ අනාගතය ගැන සිතා නව නායකයන් ඉදිරිපත් කරන බවත් සඳහන් කළේය.
ජනාධිපතිවරණය වෙනුවෙන් කටයුතු කළ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ කාර්ය මණ්ඩලයට ස්තූතිය පළ කිරිමෙන් පසුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.
ලද පරාජය සම්බන්ධයෙන් එකිනෙකාට ඇඟිලි දිගු කර චෝදනා කිරීමෙන් ඵලක් නොවන බවත් පැවසූ රනිල් වික‍්‍රමසිංහ මහතා බෞද්ධයන් ලෙස ඒ වරද වටහා ගෙන එය නිවැරදි කිරීමට පියවර ගත යුතුව ඇති බවත් සඳහන් කළේය.
වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.
ශ්රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.
බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .
රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , ටොෆී සහ චොකලට් පැකට් ලෙස සකස් කර , සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සගවා ගෙන , කටුනා
පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප
රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
රනිල් සජිත් පිලේ චෝදනා ප්‍රතික්ෂේප කරයි
Dilan Friday, 22 November 2019 08:00 AM
බුද්ධාගමත් මතක් වෙලා. රටට 6G තාක්ෂණය අහිමි වීම ගැන දුකයි...
upali Friday, 22 November 2019 08:08 AM
ඔබ බෞද්ධයෙක්ද? ප්‍රශ්නය ඉතාම සරලයි.
Kalu Friday, 22 November 2019 08:16 AM
සජිත් පිලත් , රනිල් පිලත් දෙකම එකයි . දැන්තමයි එයාලට සිංහලකම , බෞද්ධකම මතක් වෙලා තියෙන්නේ. මේ අය හිතන් ඉන්නේ ලංකාවේම ඉන්නේ මෝඩයෝ කියලා. සජිත් දින්නනම් මෙලහකට ෆෙඩරල් දීලා , රනිල් උතුරේ දීපු පොරොන්දු ඡන්ද ප්‍රතිඵලයෙන් තේරුම් ගන්න පුළුවන්.
athuraFriday, 22 November 2019 09:08 AM
ජනාධිපති වෙලා පහුවදාම රණවිරුවෝ නිදහස් කරනවා කියල පොරොන්දු වුන ජනදිපතිට තාම ඒක කොරගන්න බැරි වුනා නම් සජිත් ආවනම් මේ දවස් තුන හතරෙන් ෆෙඩරල් දෙන්නෙ කොහොමද මහත්මයා ?
Budfika Friday, 22 November 2019 08:17 AM
ඔබ දිනිය නොහැකි නායකයෙක්. ජනතා අප්‍රසාදයට පත්වූ අයෙක්. එජාපයේ විනාශයේ ප්‍රධානියායි. කරුණාකරලා ඉවත්වෙලා සජිත්ට භාරදෙන්න.
හංසිකා කුමාරි ජයවර්ධන Friday, 22 November 2019 08:22 AM
රනිල් වික්‍රමසිංහ මහත්මයා සජිත් ප්‍රේමදාස මහත්මයාට සම්පූර්ණ සහයෝගය දුන්නා වෙන්න පුළුවන්. ඒත් " මමයි අගමැති " කීමෙනුත් එම්.සී.සී ගිවිසුම හදිසියේ ගෙන ඒමෙනුත් සජිත්ට අවාසියක් උනා. ඒවා නොකළ යුතුව තිබුනා.
Kumara Friday, 22 November 2019 08:32 AM
ඔබතුමාගේ මූණ, කටහඬ අහනකොට පාක්ෂිකයින්ට එපාවෙනවා. දැන් හොඳටම ඇති හිටියා...
krishantha Friday, 22 November 2019 08:57 AM
ආ .. ඔයාලත් බෞද්ධ වුණාද? හොඳයි හොඳයි.. ඔහොම්ම සිංහලත් වෙන්නකෝ..!!
Thilak Kaldera Friday, 22 November 2019 09:00 AM
අඩු ගානේ තම තමන්ගේ ආසනයවත් දිනා ගන්න බැරි අය ඉදිරියට ආවම පැරදෙන එක කිව යුතුද? හිටපු අගමැති කියනවා වගේ අන් අයට ඇගිල්ල දික්කරන්නේ නැතුව එම ඇගිල්ල තම තමන්ට දික්කර ගන්න. පළමුව තම ආසන වලට ගිහින් දැනඅගන්න ඇයි ඒ අය ඡන්දේ තමන්ට නොදැම්මේ කියා.
Jayantha Friday, 22 November 2019 09:29 AM
ඇයි මේ රනිල්ට දෝෂාරෝපණය කරන්නේ ඡන්දෙ පැරදුණාට. ඡන්දෙ ඉල්ලුවේ සජිත් නේ. එයානේ පැරදුනේ. 2015 දී ඉල්ලුවේ මෛත්‍රී. 2009 දී ඉල්ලුවේ සරත් ෆොන්සේකා. ඉතින් ඇයි මේ රනිල්ට බනින්නේ. මෙයා ඡන්දේ ඉල්ලුවෙත් නැහැ. පැරදුනෙත් නැහැ. දෙයියෝ දනී මේවා...!!!
වීදියබණ්ඩාර Friday, 22 November 2019 09:42 AM
සජිත්ගේ වැඩ කළ හැකි හොඳම කාලය මේ කාලය කියලයි ඡන්දය ඉල්ලුවේ... ඉතිං එන පාර එයාම කියනවා එයාගේ බහින කලාව කියලා.. එහෙම කෙනෙක්ව දාලා හරියන්නේ නැහැ. එදා පුතාණන්ගේ තාත්තගේ කුලය නිසා දැලිපිහියට අහුවුණු ගාමිණී දිසානායක මහතාගේ පුතාට නායකකම දෙන්න එයාට බෞද්ධයින්ගේ විශ්වාසය දිනාගත හැකියි.
පේරදෙනියෙ නිහාල් Friday, 22 November 2019 09:17 PM
පැරදිච්ච කෙනා එපා ගෙදර යන්න. ඡන්දෙ ඉල්ලුවෙත් නැති රනිල් අස්වෙන්නේ මොකටද? එයා උතුරු නැගෙනහිරෙන් සජිත් දිනවලනේ තියෙන්නේ...
විජිත් Saturday, 23 November 2019 02:27 PM
උතුරු නැගෙනහිර ජීවත්වන අපේ දෙමල ජනතාවත් එක්තරා වර්ගයක වහල්ලුන් කියලයි මට නම් හිතෙන්නේ. මුළු ආසියාවේම තිබුණු "හොඳම" පුස්තකාලය තිබුනේ යාපනයේයි. ලෝකයේ බොහෝ දෙසින් ගෙනා වටිනා පොත්පත් ඒ වගේම මුල් පිටපත් පවා තිබුණා ඒ පුස්තකාලය එජාපයේ ජේ.ආර්ගේ කාලයේදී ගිනි තැබුවා. එදා රෑ යාපනයේ අශෝක් හෝටලයේ ඉඳගෙන, ඒ ගිනි තැබීම මෙහෙයවපු පුද්ගලයා කව්ද කියලත් රටේ බොහෝ දෙනෙක් දන්නවා. එයා එජාපයේ හිටපු පතාක යෝධයෙක්. වරක් එයා ප්‍රකාශ කළා ඉන්දියන් හමුදාව පැය 14 න් ලංකාව ආක්‍රමණය කරන්න කලින් ලංකාවේ දෙමළ ජනතාව විනාඩි 14න් මරා දමන බව. කෙසේ වෙතත් අවසානයේදී ඔහු හොඳින් දෙමල ඉගෙනගෙන ද්‍රවිඩ ජනතාව සමග සහයෝගයෙන් ඉන්දු ලංකා කුප්‍රකට ගිවිසුම ගහන්නත් මුල්වුණා. අන්තිමේදී ප්‍රභාකරන්ගේ බිල්ලක් වුණා. ඔහුගේ දරුවනුත් අද දේශපාලනයේ... එහෙම කරපු එජාපයට ඡන්දය දෙන්න කියලා ඒ අයගේ දේශපාලුවන් හෙවත් වහල් හිමියන් ( දකුණේ අපෙත් එහෙමමයි - වහල් හිමියන් කියන දෙය තමයි ගෝත්‍රිකයින් අහන්නේ ) කියපු ගමන් හෝ ගාල එජාපයට ඡන්දය දුන්නා. ඒ අයටත් හිතන්න අමතක වුණා එහෙම නැතිනම් අමතකකරන්න බලකළා. මොවුන් නේද අපේ පුස්තකාලය ගිනි තැබුවේ " කියලා. අනේ මන්දා...
Bandara Saturday, 23 November 2019 12:50 AM
කාර්මික විප්ලවය අහිමි වීම ගැන මට මාර දුකයි.
Gamarala Saturday, 23 November 2019 01:35 AM
එ්ක ඔබේ වැඩක්... ජනතාව පිළිතුරු දුන්නේ ඔබට හැදෙන්න මිසක් සජිත් පරද්දවන්න නොවෙයි. පැරදුනේ එජාපය මිසක් සජිත් නොවේ. සජිත් යනු එක්කෙනෙක් පමණයි.
saama Saturday, 23 November 2019 08:51 AM
2015 දී ජනතාව යහපාලනටයි ඡන්දය දුන්නේ.. විධායක බලය අහෝසි කර පාර්ලිමේන්තුව ප්‍රමුඛ ව්‍යවස්ථාදායකට බලය පැවරීමයි. නමුත් ඔබ එය කලේ නැහැ. දැන් කතා කරලා වැඩක් නැහැ.. සාධාරණ සමාජයක් වෙනුවෙන් හඬ නැගූ සෝභිත හාමුදුරුවන්වත් අමතක කළා. දැන්වත් තරුණ අයට වැඩ කරන්න දෙන්න. UNP යනු රෝයල් එක නෙමෙයි. දුප්පත් වැඩකරන ජනතාවගේ පක්ෂයකි.