IMG-LOGO

2024 දෙසැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


රුපියල් කෝටි 1250 ක් අරලියගහ මන්දිරයේ තැබීම වරදක් නොවේ‍-නීතීපති

(නිමන්ති රණසිංහ)

පසුගිය ජනාධිපතිවරණ සමයේදී බැංකු කිහිපයකින් රුපියල් කෝටි 1250 කට අධික මුදලක් බැහැර කර අරලියගහ මන්දිරයේ නිලධාරීන් සහ තවත් කිහිපදෙනෙකු භාරයට පත් කිරීමේ සිද්ධිය අපරාධමය වරදක් නොවන බවට නීතිපතිවරයා දුන් උපදෙස් මත කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් පි‍්‍රයන්ත ලියනගේ මහතා අද (23) එම නඩුව අවසන් කළේය.

මෙම සිද්ධියට අදාළව නීතිපති යොමු අංක සී ආර්/2/89/2016 යටතේ ඉකුත් 2016 මැයි මස 16 වැනිදා නීතිපතිවරයා වෙත යවන ලද උපදෙස් ප‍්‍රකාරව ඉකුත් 15 වැනිදා මෙම උපදෙස් ලද බවට පොලිස් මූලස්ථාන විශේෂ විමර්ශන ඒකකය අද (23) අධිකරණය වෙත කළ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත‍්‍රාත්වරයා එලෙස නඩුව අවසන් කළේය.

එසේම සිද්ධියට අදාළව විදෙස් ගමන් තහනම් කර සිටි අයවලුන් හය දෙනෙකුගේ විදෙස් ගමන් තහනමද අධිකරණය අද (23) ඉවත් කර ඒ බව ආගමන විගමන පාලකවරයා වෙතද දන්වා යැවීමට කටයුතු කළේය.

ඒ අනුව මෙලෙස විදෙස් ගමන් තහනම ඉවත් කෙරුණේ ජනාධිපති කාර්ය මණ්ඩල හිටපු ප‍්‍රධානි ගාමිණි සේදර සෙනරත්, සුදත් රෝහණ ලොකුමුදලි, එන්.එම්.එම්.බී. අබේසිංහ, එම්. කේ. ධනුෂ්ක ලක්ෂාන්, කොළඹ හේවගේ තුෂාර සහ වී. කේ. විජේසිංහ යන අයවලුන්ගේය.



අදහස් (15)

රුපියල් කෝටි 1250 ක් අරලියගහ මන්දිරයේ තැබීම වරදක් නොවේ‍-නීතීපති

ranil Wednesday, 23 October 2019 12:25 PM

මෙන්න නියම බැංකු හොරු.. එ්ත් නිදහස්... අනේ මන්දා මේ රටේ නීති...

:       240       538

JayaWednesday, 23 October 2019 01:38 PM

විකාර කතා කියනවා. නියම බැංකු හොරු අල්ලනවා තියා තව හිතලවත් නෑ...

:       35       125

සමීර Wednesday, 23 October 2019 12:32 PM

එපමණ මුදලක් ලැබුනේ කොහොමද? ඩේසී ආච්චිගේ මැණික් මල්ල වගේ කතාවක්‌ද මේකත්?

:       1       271

HafeelThursday, 24 October 2019 07:09 AM

සමීර, කෝටි 1250 ක් කියන්නේ පොල් ගෙඩියක් හෝ අඹ ගෙඩියක් තරමටවත් වටින්නේ නැති බවයි මේ නඩු තීන්දුවෙන් පැහැදිලි වෙන්නේ.....

:       0       92

සෙනෙවිරත්න Wednesday, 23 October 2019 12:59 PM

වැල යන පැත්තට මැස්ස ගහමු. යන යන හැටියට ගහ උලුවස්සා කිව්වලු..

:       0       74

සමන්ත Wednesday, 23 October 2019 01:34 PM

මෑත කාලීනව, එනම් ජනාධිපතිවරණයට පෙර පසුගිය ආණ්ඩුව කාලයේ සිදුවූ සියලු වැරදි යටගසා, ජනතාවට කොකා පෙන්වා, සියලුම අපරාධකරුවන්, මහජන මුදල් අවභාවිතා කළවුන්, මිනීමරුවන් ආදිය නිදහස් කිරීමේ කටයුත්ත ආරම්භ කර ඇති බව සංවේගයෙන් දැනුම් දෙමු. ඉදිරියේදී නිදොස් කොට නිදහස් කිරීම් තවතවත් දැකිය හැකිවනු ඇත...

:       86       362

රවින් Wednesday, 23 October 2019 01:53 PM

ඔය තියෙන්නේ... කාටද කියන්නේ? රුපියල් කෝටි 1250ක් මහජන මුදල්ද? පුද්ගලික මුදල්ද? තම තමන්ගේ පුද්ගලික මුදල් තමන් කැමති තැනක තියා ගැනීම තම අයිතිවාසිකමක්. නමුත් මේවා මහජන මුදල් නම්? කෙසේ නමුත් මෙම මුදල ඉපයූ ආකාරය... අයිතිකරු කවුද? වැදගත්ම ප්‍රශ්නය නම්, මෙවැනි මුදලක් සාමාන්‍ය පුරවැසියකුගේ ළඟ තබාගත්තොත් නීත්‍යානුකූලව ගතහැකි ක්‍රියා මාර්ග මොනවාද? නීතිපතිගෙන්ම අහමුද? නැතිනම් ආදායම් බදු එකෙන්? එසේ නැතිනම් උඩ ඉන්න දෙවියන්ගෙන් අහමුද..?

:       8       190

Rata Perata Wednesday, 23 October 2019 02:56 PM

අපේ රටේ අධිකරණය ඔක්කෝටම දේශපාලනීකරණය වෙලා තියෙන්නේ...

:       0       214

රමල් Wednesday, 23 October 2019 02:57 PM

රුපියල් 12,500,000,000.00 .. මෙතරම් මුදලක් ලැබුනේ කෙසේද? මේ රජයේ මුදල්ද? බලන්නේ නැද්ද...? අපි රුපියල් ලක්ෂ 2 ක් බැංකුවේ දාන කොට ප්‍රශ්න 100ක් අහනවා. මෙහෙම රටක්..

:       0       96

sirimal Wednesday, 23 October 2019 04:39 PM

බැංකුවල ඉඳලා ලොරිවලින් ඇද්දා, විශේෂ ගුවන් යානයකින් සීෂෙල්ස්වලට ගෙන ගියා කියලා ඒ කාලේ කතා වුනේ මේ වගේ දේවල් ගැනද? එකින් එක ගැට සේරම ලිහෙනවා වගේ නේද පෙනෙන්නේ?

:       75       143

sharm warn Thursday, 24 October 2019 03:42 AM

එතකොට මේ ගොල්ලෝ තියාගෙන ඉඳලා තියෙන්නේ ජනාධිපතිගේ හරි, අගමැතිගේ හරි පෞද්ගලික ආදයමක මුදලක්ද මහජන මුදල්ද? එතකොට නීතිපති කියන්නේ හොර වැඩවලට අනුබල දෙන කෙනෙක්ද? හිස්බුල්ලා කිසිම වාර්තාවක් නැති මුදල් කන්දරාවක් රටට ගෙනැල්ලා එයාට ඕනෑ විදියට වැඩකරලා ලොකුකම කියන්නත් ආවා මදිවට ජනපතිකමටත් ඉල්ලන්න තරම් හයියක් පෙන්වනවා.. මුදල් විශුද්ධිකරණ පනත, අරක, මේක ඔක්කොම නීති තියෙන්නේ හැමදාම දුක් විඳින මහජනතාවට ද? පාලකයන් කියාගන්න අපරාධකාරයින්ට මේ රටේ නීති වලංගු නැද්ද එතකොට?

:       0       47

Rata Perata Thursday, 24 October 2019 07:18 AM

පත්වෙන ඕන ජනපති කෙනෙක් රාජපක්ෂලාට බය කට්ටිය එළවලා දාන්න ඕන.

:       0       67

Akanaj Thursday, 24 October 2019 08:02 AM

මේ රට අද තියෙන කණගාටුදායක වහල් තත්වයට පත්කළේ දේශපාලන හොරුන්ට වඩා නඩුකාරයෝ සහ නීතිපතිලයි. මේ රටේ දැන් වැඩකට නැති අධිකරණයක් තියෙන්නේ. අර හිටපු අධිකරණ ඇමතියෙක් කිව්වේ එයා කරපු දේවල්.

:       0       55

Bandara Thursday, 24 October 2019 08:37 AM

රත්තරන් අශ්වයෝ හොයන කට්ටිය වැඩ.

:       46       0

chandana Thursday, 24 October 2019 09:44 AM

වැල යන අතට මැස්ස ගහනවා කියලනේ මේකෙන් පෙනෙන්නේ. තව දෙයක් පැහැදිලි වෙනවා. තීන්දුව අනික් පැත්තට දුන්නොත් සුදු වෑන් එකක් 17 වෙනිදට ගෙදරට එ්වි කියලා හිතන්න ඇති. පසුගිය කාලේ මේ වගේ තීන්දු දැක්කා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

සහල් නිෂ්කාශනය ආරම්භයි
2024 දෙසැම්බර් මස 26 609 0

ආනයනික සහල් නිශ්කාශන කටයුතු රේගුව නැවත ආරම්භ කළ බව අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල්, රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා අද (26) පස්වරුවේ පැවසීය.


හරි පාරෙන් ඊශ්‍රායලයට ගිය කණ්ඩායමකට යළි රට යන වරම්
2024 දෙසැම්බර් මස 26 810 0

නීත්‍යානුකූල අයුරින් ඊශ්‍රායලයේ කෘෂි කර්මාන්ත ක්ෂේත්‍රයේ රැකියා සඳහා පිටත්ව ගොස් මෙරටට පැමිණ යළි ඊශ්‍රායලයේ සේවය කිරීමට අවස්ථාව හිමිවූ ශ්‍රී ලාංකි


තව දිස්ත්‍රික්ක තුනක වගා හානි පරීක්ෂා 29දා අවසන්
2024 දෙසැම්බර් මස 26 74 0

මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක තුනේ වගා හානි පරීක්ෂා කටයුතු මෙම 29 වැනිදා අවසන් කරන බව කෘෂිකාර්මික හා ගොවි ජන රක්ෂණ මණ්ඩලය පවසයි.


ගෙළෙහි ඇණුන ලී දඬුවක් සාර්ථකව ඉවත් කරයි
2024 දෙසැම්බර් මස 26 746 0

ගෙළෙහි ලී දඬුවක් ඇනී අසාධ්‍යව වවුනියාව රෝහලට අ‍ැතුළත් කළ පුද්ගලයකුගේ එම ලී දඩුව සැත්කමකින් සාර්ථකව ඉවත් කර රෝගීයාගේ ජීවිතය බේරාගැනීමට කටයුතු කළ බව


’’කුඩු ලෝලියා ඇල්ලුවට කුඩු මුදලාලි ඇල්ලුවේ නෑ’’
2024 දෙසැම්බර් මස 26 1051 0

මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම වෙනුවෙන් අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කිසිඳු දේශපාලනමය බාධාවක් නොමැති බවත් මත්ද්‍රව්‍ය උවදුරෙන් මෙරට තරුණයින් බේරාගැන


අනවසර විදුලි රැහැනේ පැටලී මරුට
2024 දෙසැම්බර් මස 26 229 0

කොස්ගොඩ පැලෑගස්පළාත ප්‍රදේශයේ වගා ආරක්ෂා කර ගැනිම සඳහා වෙල් යායක ඇදතිබු අනවසර විදුලි රැහැනක පැටලි මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (26) සොයාගත


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 127 0
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 113 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 83 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site