IMG-LOGO

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා


රූපවාහිනියක් හිසට පෙරළීමෙන් කුඩා දැරියක් මිය යයි


(කේ බුද්ධික කුමාරසිරි )
 
නවගමුව දේවාලය අසළ නිවසක රූපවාහිනී රඳවනයක එල්ලී සෙල්ලම් කරමින් සිටි කුඩා දියණියකගේ හිස මතට එම රූපවාහිනිය ඇඳ වැටීමෙන් වූ අනතුරින් ඇය මිය ගොස් ඇතැයි නවගමුව පොලිසිය පවසයි. 
 
දියණියට ඇයගේ මව බත් කවමින් සිට ඇති අතර,  අත් සේදීම සඳහා ඇය නිවසේ මුළුතැන්ගෙයට ගිය අතරතුරදී දියණිය නිවසේ සාලයේ තබා තිබූ පැරණි රූපවාහිනීයක රඳවනයෙහි එල්ලී සෙල්ලම් කර ඇත. එම අවස්ථාවේදී එක්වරම රූපවාහිනී යන්ත්‍රය පෙරලෙන ශබ්දය ඇසී මව පැමිණ බලනවිට බරපතල තුවාල සහිතව ඇය ඊට යට වී සිටිනු දැක රෝහල් ගත කිරීමට කටයුතු කර තිබිණි. එසේ යන අතරතුරදී ඇය මිය ගොස් ඇති බව මූලික විමර්ශනයේදී අනාවරණය වූ බවද පොලිසිය පවසයි.
 
මෙලෙස මිය ගොස් ඇත්තේ රාජපක්ෂ ලියනගේ ලිනුකි වාර්ෂිකා රාජපක්ෂ නමැති වයස අවුරුදු පහමාරක පෙර පාසල් දැරියකි.
 
අනතුර සිදු වූ ස්ථානයට පැමිණි කඩුවෙල හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු ඩබ්.ඒ.කේ. නිමල් මහතා විසින් මූලික පරීක්ෂණ කටයුතු කරන ලද අතර නවගමුව පොලිසිය පරීක්ෂණ පවත්වයි.



අදහස් (1)

රූපවාහිනියක් හිසට පෙරළීමෙන් කුඩා දැරියක් මිය යයි

සමිත සේනක අලුත්ගමගේ. Monday, 27 July 2020 10:38 AM

මුහුණු පොතේ මාර්ගයෙන් මෙසේ වංචාවල නියැලෙන්නන් නීතිය දැලට හසුකරගැනීමට වහවහා කටයුතු සූදානම් කළ යුතුව පවතී. එය ප්‍රමාද වුවහොත්, මේ උවදුරත්, කුඩු උවදුරට වඩා බලවත් වේවි..!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

දියත

වාසයට හොඳම රට ශ්‍රී ලංකාව
2025 මාර්තු මස 12 619 0

දූවා දරුවන් සමග පදිංචි වීමට ලෝකයේ සුදුසුම රටවල් 10 අතර පළමු ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත.


‘‘පක්ෂ සංවිධායකවරුන්ට මේ වසර සුවිශේෂයි‘‘
2025 මාර්තු මස 12 150 0

මේ වසරේදී එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරුනට සුවිශේෂී වැඩ කොටසක් පැවරෙන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ආසන සංවිධායකවර


හමුදාවෙන් පැන්න 20ක් මහනුවරින් අල්ලයි
2025 මාර්තු මස 12 169 0

යුද හමුදාවේ සේවයෙන් පැන මහනුවර විවිධ පොලිස් වසම් තුළ රැඳී සිටිමින් විවිධ රැකියාවන්හී යෙදී සිටි හමුදා භටයන් විස්සක් අත්අඩංගුවට ගෙන යුද හමුදා පොලීසියට


එක්ව තරඟ කරන තීරණය ගන්න සජබෙට කාලයක් දෙයි
2025 මාර්තු මස 12 366 0

කොළඹ මහ නගර සභාවට එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව තරඟ කිරීම සඳහා සමගි ජන බලවේගයට ලබන 20 වැනිදා තෙක් කල් ලබා දීමට එජාපය තීරණය කර තිබේ.


අපූරේ රෝහලේ ආරක්ෂාව සැලසීම පැහැර හැරලා
2025 මාර්තු මස 12 656 0

වෛද්‍යවරියකට ලිංගික හිංසන සිදුවූ අනුරාධපුර ශික්ෂණ රෝහලේ මෙයට පෙරද යම් යම් අපරාධ ක්‍රියා සිදුවී තිබුණද රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂවරයා ඒවා මැඩ පැවැත්වීම


නගර සැලසුම් අනුමත කිරීම ඔන්ලයින් වෙයි
2025 මාර්තු මස 12 280 0

ජනාධිපති අනුර කුමාර දිසානානයක මහතා සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (12) පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 149 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 375 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 222 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site