IMG-LOGO

2024 දෙසැම්බර් මස 27 වන සිකුරාදා


රූපවාහිනී සංස්ථාවේ ඉල්ලීම මැකො ඉවත දමයි

(අජන්ත කුමාර අගලකඩ)
 
උසස් අධ්‍යාපන ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සහභාගී වු සිහිනයකි රෑ වැඩසටහන මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද වැඩසටහනක් ලෙස නැවත ප්‍රචාරය කිරිමට රූපවාහිනී සංස්ථාව කර ඇති ඉල්ලීම මැතිවරණ කොමිසන් සභාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.
 
එම වැඩසටහන ඇමැති බන්දුල ගුණවර්ධන මහතාගෙන් රුපියල් ලක්ෂ11 ක (රුපියල් 1,115,999 ) පමණ මුදලක් අයකර නැවත ප්‍රචාරය කිරිමට රුපවාහිනී සංස්ථාවේ සභාපති වෛද්‍ය නිහාල් ජයතිලක මහතා මැතිවරණ කොමිසන් සභාවේ අනුමැතිය ඉල්ලා ඇත.
 
ඒ සඳහා රූපවාහිනි සංස්ථාවේ සභාපතිවරයා විසින් ඉකුත් 21 වැනිදා මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාට ලිපියක් ද යොමු කරන ලැබූ අතර, එම ඉල්ලීමට ඉඩදිය නොහැකි බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා ඉකුත් 22 වැනිදා රූපවාහිනි සංස්ථාවේ සභාපතිවරයාට ලිපියකින් දැනුම් දී ඇත.
 
රූපවාහිනියේ ගුවන් කාලය ඇමැති බන්දුල ගුණවර්ධන මහතා වෙනුවෙන් වෙන්කර මුදල් අයකර ගැනීම ගැටලුවක් නොවුණද, කලින් පටිගත කළ වැඩසටහනක සංරක්ෂණ අයිතිය රාජ්‍ය දේපලක් වන බැවින් මහමැතිවරණයට තරග කරන අපේක්ෂකයකු වෙත එය ප්‍රචාරක දැන්වීමක් ලෙස යොදා ගැනීම සඳහා අලෙවි කිරිම ගැටලු සහගත බවද මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා සිය ලිපියෙන් දන්වා ඇත.
 
එබැවින් බන්දුල ගුණවර්ධන මහතා සහභාගී වූ සිහිනයකි රෑ වැඩසටහන මුදල් ගෙවා නැවත ප්‍රචාරය කිරිමට ඉඩදිය නොහැකි බවද මැතිවරණ කොමිසන් සභාව දැනුම් දී ඇත.
 



අදහස් (26)

රූපවාහිනී සංස්ථාවේ ඉල්ලීම මැකො ඉවත දමයි

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 23 July 2020 12:41 PM

රූපවාහිනි සභාපතිවරයා ඉල්ලා ඇත්තේ නොකළ යුතු ඉල්ලීමක්. ලක්ෂ 11ක් කියන්නේ සුළුපටු දෙයක්ද? මෙතරම් විශාල මුදලක් ගෙවා මේ අවස්ථාවේදී නැවත කෙරෙන මේ විකාශය තනිකරම මැතිවරණ නීතිරීති වලට පටහැනි දෙයක් බව සභාපතිවරයාට පෙනුනේ නැද්ද..? එසේම බන්දුල ගුණවර්ධන ඇමතිවරයා මේ බව නොදැන සිටීමට ඔහු තොත්ත බබෙක්ද? ඔහුට ආචාර්ය උපාධියක් තිබිලත්, මැතිවරණය අවස්ථාවේ මෙවැනි දෙයක් ඉල්ලා සිටීම ගැන දැනීමක් තිබුණේ නැද්ද? මේවා ඡන්ද කාලයේ සිදුකළ නොහැකි මෙන්ම නොකල යුතු දේවල් නොවේද? මෙයින් වනුයේ රජය මහජන අප්‍රසාදයට ලක් කිරීමයි. බුද්ධිමත් ඡන්ද පදනම මේ නිසා අඩුවිය හැකි වෙනවා නේද? මඳක් සිතා බලන්න ඇමතිතුමනි, මේ අයුරින් අනෙක් අපේක්ෂකයන් ඉල්ලීමක් කළහොත් ඔබතුමා ඒ ගැන මොනවා නොකියාවිද? මේ පුංචි රටේ එක ඇමැති කෙනෙකුගේ එක ප්‍රචාරක දැන්වීමකට පමණක් මේ තරම් විශාල මුදලක් ... මේ රටේ දේශපාලනය මේ තරම් රසවත් ව්‍යාපාරයක් වී පවතින අපූරුව අතිශයින්ම පුදුම සහගතයි.

:       21       1915

sena Thursday, 23 July 2020 12:46 PM

බන්දුල මහත්තයා ගෑවුණොත් එක්කො විහිළුවක්, නැතිනම් නීතිවිරෝධී වැඩක්..

:       28       1104

siri Thursday, 23 July 2020 01:07 PM

බලමුකෝ 2/3 අරගත්තාට පස්සේ ඔය කොමිෂන් වලටයි, කොමසාරිස්ලටයි වෙන දේ...

:       1050       1363

චමින්දFriday, 24 July 2020 01:56 AM

තුනෙන් දෙකක් ඉල්ලන එක හේතුවක් තමයි මෙම කොමිෂන් අහෝසිකිරීම. මැතිවරණ කොමිසම නොතිබුනානම් කොහොමට හිටීද. මතක ඇතිනේ 2015 ට පෙර කටවුට් බැනර් තිබුන අපූරුව. (අපේ අයට මතක තියෙන්නේ් දින හතක් නිසා අමතක ඇති කියා හිතෙනවා)

:       98       408

Bandara Thursday, 23 July 2020 01:27 PM

ආචාර්යද? දුරාචාර්යද?

:       20       505

විජිත් Thursday, 23 July 2020 02:41 PM

මේවගේ අයට කියන්නේ පිනාචාර්ය කියලා. දේශපාලුවන්ට පිනට දෙන ආචාර්ය උපාධියක් එයාට තියෙනවා.. ඒවගේ හොර ආචාර්ය උපාධියක් මේ ලඟදි මම බොහොම ගරුකරන කොළඹ විශ්ව විද්‍යාලයෙන් දේශපාලුවෙකුගේ පුතෙකුටත් දුන්නා. ලෝක විශ්ව විද්‍යාල වර්ගීකරණ ආයතනයෙන් පිට කරන වාර්ෂික වාර්තාවල ශ්‍රී ලංකාවේ එක විශ්වවිද්‍යාලයයි සඳහන් වෙන්නේ. එ්ත් 700 වෙනි කොටසට. ඒ අපේ කොළඹ විශ්ව විද්‍යාලයයි. ඔය ඉතිරි එකම එක විශ්ව විද්‍යාලයක්වත් ඒවා වල සඳහන් වෙන්නේ නැහැ. හොර එහෙමත් නැතිනම් පින් ආචාර්ය උපාධි දීලා ඒ නම කැත වුනා.

:       2       1291

සමිත සේනක අලුත්ගමගේ.Friday, 24 July 2020 02:57 AM

විජිත්, මේ ගැන පුංචි පැහැදිලි කිරීමක් කරන්නට හිතුනා. මේ විශ්ව විද්‍යාල වර්ගීකරණය බොහෝ රටවල කෙරෙන්නේ අවිධිමත් විදිහට. පෙර අපේ විශ්ව විද්‍යාල අරගල, ඒවා තුලින් බෝම්බ හමුවීම් ආදිය නිසා මේ තත්වය ඇතිවුණා. ඒත්, අපේ රටේ උපාධිවලට ලොව පුරා තියෙන්නේ පුදුම ඉල්ලුමක්. ඒත් මේ රටේ දුප්පත් සිසු කැල ට ඉංග්‍රීසි දැනුම මදි නිසා ඒ රටවල රැකියාවන්ට යන්නට බැහැ. මෙහේ තියෙන පිටරට විශ්ව විද්‍යාල වල උපාධි සල්ලි බලයට ගත්තත් ජාතික විශ්ව විද්‍යාල වල අය මෙන් වැඩ බැහැ. ප්‍රමිතියෙන් පහත්. එය ප්‍රසිද්ධ රහසක්. ජපුරේ ලේඛකත්ව සන්නිවේදන පාඨමාලාව හදාරන්න විදෙස් වලින් විශාල ඉල්ලුමක් තිබේ. ඒත්, මේ ගැඹුරු කරුණු ඉංග්‍රීසියට පරිවර්තනය හා විදෙස් සිසුන්ට ඒවා ඉගෙනීම දුෂ්කර නිසා එය කිරීමට බැරිව තිබෙනවා. අපේ මනමේ, මුදු පුත්තු නාට්‍ය විදෙස් ආචාර්ය උපාධි සඳහා පිළිගන්නවා. ඔය ප්‍රමිතිය ඒ අයගේ වාසියට හදාගත් එකක්. අපව තෙවැනි ලොව කියා ගසනා හංවඩුව ත් මෙයට බලපානවා.

:       76       1055

jayaSaturday, 25 July 2020 01:56 PM

සේනක මහත්තයෝ, ලෝකයේ ජනගහනයෙන් 400න් 1ක් ලංකා පුරවැසියෙක්.. ඔය කියන තරම් විද්වතුන් ලංකාවෙන් බිහිවෙලා නම් අපිට අහන්න ඕනෑ පිටරටක ප්‍රවෘත්තිවලින් හරි අපට අහන්න ලැබෙන්න ඕනෑ. ලොව පිළිගත් පුද්ගලයින් ජනගහනයට සාපේක්ෂව ඉතාමත් සුළු වශයෙන් තමයි අපේ රටෙන් බිහිවෙලා තියෙන්නේ. ඒකට ප්‍රධාන හේතුව අපේ රටේ විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ අඩුපාඩු..

:       2       11

jaya Thursday, 23 July 2020 01:59 PM

ලක්ෂ 11කට පැයක ඇඩ් එකක් දාන්න පුළුවන් නම් මරුනේ...

:       2       427

සිරි Thursday, 23 July 2020 01:59 PM

බන්දුල ගුණවර්ධන නැමැත්තෙක් නිෂ්පාදනය කරන ලද චිත්‍රපටි, රූපවාහිනී නාලිකා මගින් පහුගිය දිනවල ප්‍රචාරය කරනවා මැකෝ දැක්කේ නැද්ද?

:       23       215

siriThursday, 23 July 2020 02:08 PM

අලුත්ම එක සිනමා ශාලාවල නිකන් පෙන්නුවා නේද? ඒවා දකින්නත් නැතිව ඇති. ඡන්ද ප්‍රතිඵල හිතාගන්න අමාරු නැහැ.

:       7       209

Buddika Thursday, 23 July 2020 02:16 PM

සභාපතිට මොකක්ද තියෙන අමාරුව මේක කරන්න? මේ මිනිස්සු තනතුරුවල ඉඳන් කරන්නේ දේශපාලනය... ටීවී එකේ ප්‍රවෘත්ති බලන්න බැහැ. ඒ තරමටම මේ අය කරන්නේ හිරිකිත දේශපාලනයක්...

:       14       242

විජිත් Thursday, 23 July 2020 02:19 PM

රුපියල් ලක්ෂ 11ක් බන්දුල ගුණවර්ධන හොයාගත්තේ කොහොමද මේ ඉක්මනට..? ඔය ලක්ෂ 11 ඡන්දෙට ආයෝජනයක්නේ... ලක්ෂ 11ක් ආයෝජනය කරලා කෝටි කීයක් රටවැසියන්ගේ බදුමුදල් වලින් හොරාකන්නද මෙයාගේ මේ ප්ලෑන් එක..? මේ වගේ අයටද මිනිස්සුනේ, මුලාවෙලා, නුඹලා ඡන්දෙ දෙන්නේ... නුඹලාගේ දරුවන්ගේ ආත්මයන් පාවා දෙන්නේ...?

:       91       1121

විපරමා Thursday, 23 July 2020 02:43 PM

ආර්ථික ඔස්තාර් මේ වැඩසටහන ප්‍රචාරය කරන්න හැදුවේ ජනතාව ගසාකාපුවා මිසක් වෙන මොනවද? පුතා පොරක් වෙලා සින්දු කියනවා. දේශපාලුවන් මේ වගේ වැඩසටහන්වලට ගෙන්නුවට කවුද ඕවා බලන්න කැමති...

:       0       160

විජිත් Thursday, 23 July 2020 02:47 PM

ජනමාධ්‍ය කාරයින්ට ලොකු ඉවක් වගේම තොරතුරු ජාලයක් තියෙනවා. සභාපතිට දැන් ඉව වැටුණා මේ අයට කෙලවුනා කියලා. ඉතින් ආණ්ඩුව පෙරළුණාම අනිවාර්යයෙන්ම මේ කේස් ඇදෙනවා. එතකොට ඔය අල්ලස් දූෂණ නඩු අරවා මේවා ඇදිලා. සභාපති කුඩුවට යනවා. එයින් බේරෙන්න උපක්‍රමයක් විදිහට මේ ආරක්ෂක පියවර ගත්තා...

:       0       1018

හතේ මහත්තයා Thursday, 23 July 2020 03:16 PM

පිනට තනතුරු ලැබුණාම ඔහොම සපත්තු ලෙවකන සභාපතිවරුන්ගෙන් මීට වැඩිය දේවල් බලාපොරොත්තු වෙන්න බෑ.. එක රටක්, එක නීතියක්... කුරුණෑගල වෙන රටක්.. වෙන නීතියක්.. තුනෙන් දෙකම දීලා රට බේරාගමු.

:       2       520

Bandar Thursday, 23 July 2020 03:57 PM

‘‘සිහිනයකි රෑ‘‘ වැඩසටහනත් කෑවා.

:       0       15

Prabha Thursday, 23 July 2020 04:03 PM

දැන් ඔය වැඩසටහන දැකලා සිත පැහැදිලා ඡන්දෙ දෙන මිනිස්සු ඉන්නවද?

:       0       16

K Perera Thursday, 23 July 2020 05:33 PM

මෙය තමයි හොඳම උදාහරණය... 19 ව්‍යවස්ථාවේ වටිනාකම... මේක නැතිකරන්නද 2/3 බලය ඉල්ලන්නේ..?

:       0       356

ලුම්බිණි Thursday, 23 July 2020 11:40 PM

ආචාර්ය උපාධිය ලැබුන විදියටම තමයි සභාපතිකම අරගෙන තියෙන්නෙත් කියල මම හිතනවා.

:       0       84

Praba Friday, 24 July 2020 12:27 AM

පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවක් ආචාර්ය විජේදාස රාජපක්ෂ සමග පැය ගානක සම්මුඛ සාකච්ඡාවක් පැවැත්තුව. මුදල් ගත් බවක් සඳහන් කලේ නෑ. මෙහි නීතිමය තත්වය කුමක්ද?

:       16       173

Asanga Friday, 24 July 2020 02:57 AM

නීතිය කාටත් පොදු විය යුතුයි.

:       0       36

jayasekara Friday, 24 July 2020 04:05 AM

මේ පාර ගෙදර තමයි.

:       15       221

Gamage Friday, 24 July 2020 04:12 AM

මැකෝ නම් මරු, ජනපති තනතුරු වලට පත් වෙන්න ඕන අය.

:       49       202

Deepal Nirosh Friday, 24 July 2020 05:56 AM

බොඳ වුණු බන්දුල සිහිනය, මැතිවරණ ප්‍රතිඵලයත් එහෙමම වෙයිද මන්දා?

:       0       104

sharm warn Friday, 24 July 2020 06:38 AM

සිහිනයක් වූ රැය... පව් ඉතින්...

:       0       72

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පියුමාලීගේ පෙර ඇප ඉල්ලුමට පොලිස් ලොක්කා උසාවි කැඳවයි
2024 දෙසැම්බර් මස 26 1 0

ඩොලර් ලබාදෙන බවට පවසා රුපියල් ලක්ෂ පනහක මුදලක් ව්‍යාපාරිකයකුගෙන් ලබාගෙන වංචා කළේ යැයි කියන තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිනි තිළිණි පියුමාලී නැමැත්ත


ලංවිම වෘත්තීය සමිති නායකයන් 62 කට සියලු දීමනා ලැබෙයි
2024 දෙසැම්බර් මස 26 13 0

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට එරෙහිව පසුගිය වසරේ අඛණ්ඩ විරෝධතාවයක් පැවැත්වීම හේතුවෙන් වැඩතහනම් කර දිමනා සහ වරප්‍රසාද අහිමි කළ එම මණ්ඩල


ලක් ක්‍රීඩාවට සහය දෙන්න කියුබාව පොරොන්දු වෙයි
2024 දෙසැම්බර් මස 26 16 0

කියුබානු මහකොමසාරිස් ඇන්ඩ්‍රෙස් මාර්සෙලෝ ගොන්සාලේස් ගැරිඩෝ මහතා සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අතර හමුවක් අද (26) දින තරුණ කට


බීමත්ව රිය පැදවුවහොත් අවුරුද්දක තහනමක්
2024 දෙසැම්බර් මස 26 46 0

බීමත්ව රියපැදවීමේ චෝදනාවට අත්අඩංගුවට ගන්නා රියදුරන්ගේ රියදුරු බලපත්‍රය වසරක කාලයක් අත්හිටුවීමට හෝ රියදුරු බලපත්‍රය අවලංගු කරන ලෙසට අධිකරණයෙන් ඉල්


දිවයින පුරා රෝහල්වල විකිරණ තාක්ෂණවේදීන්ගේ හිඟයක්
2024 දෙසැම්බර් මස 26 22 0

දිවයින පුරා රෝහල්වල විකිරණ තාක්ෂණවේදීන්ගේ හිඟයක් පවතින බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි.


සහල් නිෂ්කාශනය ආරම්භයි
2024 දෙසැම්බර් මස 26 711 0

ආනයනික සහල් නිශ්කාශන කටයුතු රේගුව නැවත ආරම්භ කළ බව අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල්, රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා අද (26) පස්වරුවේ පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 130 0
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 113 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 83 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site