IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


රාමඤ්ඤ නිකායේ නව මහානායක නාහිමි මකුලෑවේ විමල නාහිමි

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ  වැඩ බලන මහානායක මාහිමි ධූරයට මීරිගම මිනිඔලූව විද්‍යාවාස පිරිවෙන් විහාරාධිපති මකුලෑවේ විමල නාහිමිපානන් තේරී පත්වූ බව  එම නිකායේ මහා ලේඛකාධිකාරි අත්තංගනේ සාසනරතන නාහිමියෝ එම නිකායේ විශේෂ කාරක සංඝ සභා රැස්වීමේදී ප‍්‍රකාශයට පත් කරනු ලැබූහ.

මහානායක පදවිය දැරූ නාපාන පෙමසිරි මහනාහිමියන්ගේ අපවත්වීමෙන් හිස්වූ  මහානායක ධුරය සදහා විමල නාහිමියෝ මෙසේ පත්වීම් ලදහ. ධර්මධර විනයධර මහතෙර නමක් වූ විමල නා හිමියෝ ශාස්ත්‍රීය  කටයුතු වල ද යෙදුණු තෙරනමකි.  72 හැවිරිදි වියේ පසුවන අභිනව  මහනාහිමිපාණන් වහන්සේගේ පැවිදි දිවිය වසර 60කි. විමල නාහිමියෝ රාමඤ්ඤ නිකායේ දහහතර වැනි මහනාහිමිපාණන් වනු ඇත. උන්වහන්සේ 2012 සිට වසර අටක් තිස්සේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ     අධිකරණ නායක පදවිය දැරූ අතර පසුගියදා සම්මානනීය අනුනායක පදවියට පත්කරනු ලැබ සිටියහ.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සංඝ රැස්වීමෙන් අනතුරුව පුරප්පාඩු වූ මහා නායක පදවිය සඳහා විමල නා හිමියන් පත් කර ගැනීමේ  තීරණය ගැණිනි. කාරක සංඝ සභාවේ සාමාජික හිමිවරු සියනමක් දෙනා මෙම අවස්ථාවට සහභාගිවූහ.  ඉදිරියේදී       පැවැත්වෙන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක පාලක සභාවේදී මෙම පත්වීම අනුමත කිරීමට නියමිතය.  වසරක් ඇතුළතදී  නිකායේ කාරක පාලක සභාව විසින් මෙම පත්වීම අනුමත කළ යුතු බව රාමඤ්ඤ මහා නිකායේ ව්‍යවස්ථාවේ සදහන්ව ඇත. රාමඤ්ඤ ය මහා නිකායේ අනු නා හිමි පානන් වහන්සේලා ගේ   මූලිිිිකත්යෙවන් යුතුව කාරක සංඝසභාව රැස්විය. කාරක සංඝ සභාවේදී මාතලේ ධම්මකුසල අනුනා හිමියන් විසින් මකුලෑවේ විමල අනුනාහිමියන් මහානායක ධුරය සදහා යෝජනා කළ අතර නැදගමුවේ විජය මෛත්‍රී අනුනාහිමියෝ එම යෝජනාව ස්ථිර කරනු ලැබූහ.

වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් වන්නි හත්පත්තුවේ, 45 නැගෙනහිර කෝරළයේ ගල්ගමුව, මකුලෑව  ග‍්‍රාමයෙහි දී 1948 අගෝස්තු මස 25 වන දින  ජන්ම ලාභය ලද හේරත් මුදියන්සේලාගේ කිරිබණ්ඩා කුලකුමරුගේ පියාණන්වූයේ හේරත් මුදියන්සේලාගේ පුංචිරාළ මහතාය. මෑණියන් වූයේ ඉමිහාමි මුදියන්සේලාගේ කිරිමැණිකේ මහත්මියයි. මේ කුලකුමරුවා සහෝදර සහෝදරියන් දස දෙනෙකුගෙන් සමන්විත පවුලේ දෙවැනියා වූයේය. නිතලව ග‍්‍රාමයෙහි පිහිටි රජයේ මිශ‍්‍ර පාඨශාලාවෙන් මූලික අධ්‍යාපනය ලැබූ මේ කුමරුවා 1959 ඔක්තෝබර් 15 වෙනි දින මීරිගම මිණිඔළුව විද්‍යාවාස පිරිවෙන් විහාරස්ථානයට පැමිණි අතර 1960 මාර්තු මස 24 වන දින ලෝලූවාගොඩ මහේන්‍ද්‍රාරාමාධිපතිව වැඩ විසූ දිශාපාලක ධුරන්‍ධර වේවැල්දෙණියේ නන්දසිරි මහා ස්වාමින්‍ද්‍රයන් වහන්සේගේ උපාධ්‍යායත්‍වයෙන් හා රාජකීය පණ්ඩිත නුගදෙණියේ ධම්මානන්‍ද මහා ස්වාමින්‍ද්‍රයන් වහන්සේගේ ආචාර්යත්‍වයෙන් මකුලෑවේ විමල යන නමින් පැවිදි දිවියට පත්වූහ.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහෝපාධ්‍යාය පදවිය දැරූ කුඹුක්වැවේ විජිතසේන  මිණිඔළුව විද්‍යාවාස පිරිවෙනේ විහාරාධිකාරී පිදුමේ රතන සහ  ලෝලූවාගොඩ ඤාණරතන  යන හිමිවරුන්ගේ අවවාද අනුශාසනා මත විමල සාමනේරයෝ පැවිදි දිවිය සාර්ථක කරගනු ලැබීය.

1967 දී මීරිගම මිණිඔළුව විද්‍යාවාස පිරිවෙණ ආරම්භ කෙරුණු අවස්තාවේ  එහි මුල්ම පැවිදි ශිෂ්‍යයා වශයෙන් ඇතුළත් වූයේ මකුලෑවේ විමල සාමණේරයන්වීම විශේෂත්වයකි. 1969 ජූලි 22 වන දින කොළඹ තොටලග කළ්‍යාණි නදී උදකුක්ඛේප සීමා මාලකයේ දී මකුලෑවේ විමල සාමණේරයෝ උපසම්පදාව ලදහ.  කුඹුක්වැවේ විජිතසේන,  පිදුමේ රතන, ලෝලූවාගොඩ ඤාණරතන  සහ  නුගදෙණියේ ධම්මානන්‍ද යන ස්වාමින්‍ද්‍රයන් වහන්සේලා විමල හිමියන්ගේ ආචාර්ය්‍යයන් වහන්සේලා වූ අතර උපාධ්‍යායත්‍වය දැරූවේ  ඉඳුරුවේ උත්තරානන්‍ද මහානාහිමිපාණන් වහන්සේ ය.

1971  දී ඇරඹුනු අනුරාධපුර බුද්ධශ‍්‍රාවක ධර්ම පීඨයට තෝරා ගත් ශිෂ්‍ය කණ්ඩායමේ ප‍්‍රථමයා වශයෙන් ඇතුළත් වීමේ අවස්ථාවද විමල හිමියන්ට ලැබීම සුවිශේෂිය.  එවකට පීඨාධිපතිව වැඩ විසූ අතිපූජ්‍ය ඉඳුරුවේ උත්තරානන්‍ද මහානාහිමිපාණන් වහන්සේ ප‍්‍රමුඛ  ප‍්‍රවීන ආචාර්ය මණ්ඩලයක් යටතේ විමල හිමියෝ අටුවා සහිත ත්‍රිපිටක බුද්ධවචනය, සකු. මගධ වැනි භාෂා ශාස්ත‍්‍ර හා වාග් විද්‍යා ශිලාලේඛන වැනි විවිධ විෂය ක්‍ෂෙත‍්‍රයන්  මැනවින් ප‍්‍රගුණ කරනු ලැබූහ.

1974 දී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පරියත්ති පාලක සභාවෙන්  ත්‍රිපිටකාචාර්ය  උපාධියද 1976 දී බුද්ධ ශ‍්‍රාවක ධර්ම පීඨයෙන් ත්‍රිපිඨකවේදී උපාධිය හා 1976 දී පරියත්ති පාලක සභාවෙන් ත්‍රිපිටක විශාරද ගෞරව උපාධිය ලබා ගැනීමටද විමල හිමියෝ සමත්වූහ. 

මාලිගාකන්දේ විද්‍යෝදය මහ පිරිවෙන්හි ශ්‍රී සුමංගල ගුණානුසමරණ සභාව මගින් පැවැත් වූ සද්ධම්මාචාර්ය සහ විනයාචාර්ය  යන විභාගවලින් සමත්වූ විමල හිමියෝ 1982  දී කැළණිය විශ්වවිද්‍යාලයෙන් ගෞරව ශාස්ත‍්‍රවේදී උපාධිය හා  1990  දී කැළණිය විශ්ව විද්‍යාලීය පශ්චාත් උපාධි ආයතනයෙන් ශාස්ත‍්‍රපති උපාධියද ලබාගත්හ.

අධ්‍යාපනය අවසන් කළ විමල හිමියෝ 1976 සිට 1978 දක්වා මීරිගම මිණිඔළුව විද්‍යාවාස පිරිවෙනේ ද 1982 ජනවාරි මස සිට  මරදානේ ශ්‍රී ලංකා විද්‍යාලයේ ද ආචාර්යවරයෙකු ලෙස කටයුතු කළ අතර  1982 සැප්තැම්බර් මස අලව්ව ශ‍්‍රී රාහුල පිරිවෙන්හි පරිවේණාධිපති පදවියට පත්වූහ.  අනතුරුව 1983.11.10 දින සිට මිණිඔළුව විද්‍යාවාස පිරිවෙනේ පරිවේණාධිපති පදවියට පත්ව  1992.10.01 දක්වා එම පදවිය හෙඹවූහ.

මිණිඔළුව විද්‍යාවාස පිරිවෙනේ කෘත්‍යාධිකාරී ධුරයේ කටයුතු කළ විමල හිමියෝ 2004.06.17 වන දින සිට  එහි විහාරාධිපති පදවියට පත්වූහ. විමල නාහිමියෝ  මිණිඔළුව විද්‍යාවාස පිරිවෙන් විහාරස්ථ ශ්‍රී ඤාණේශ්වර දහම්   පාසලේ හා  මත්තුමගල තපෝවනාරාම විහාරස්ථ ශ්‍රී පියදර්ශි දහම් පාසලේ ද ආචාර්යවරයෙකු ලෙස කටයුතු කළ අතර   1983.11.10 දින සිට  මිණිඔළුව ශ්‍රී ඤාණේශ්වර දහම් පාසලේ ප‍්‍රධානාචාර්ය ධුරයට පත්වූහ.

විද්‍යාවාස පිරිවෙන් විහාරස්ථානයේ චෛත්‍ය කර්මාන්තයේ වැඩ අවසන් කර 1986 දී කොත පැළඳවීමට පියවර ගත්තේද උන්වහන්සේය. විමල හිමියෝ විහාරස්ථානයේ දියුණුවට කළ මෙහෙය අපමණය.  විමල නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් කි‍්‍රයාත්මක වන සමිති සමාගම් ගණනාවකි. එමගින් ප‍්‍රදේශයට සිදුවන සේවය අති මහත්ය.

විමල නාහිමියන් සිය උපන් ගමවූ මකුලෑව ග‍්‍රාමය වෙනුවෙන් ඉටු කරන ලද සේවාවන්ද විශාල ප‍්‍රමාණයකි. තැපැල් කාර්යාලයක් හා සංචාරක බෙහෙත් ශාලාවක්  ද මකුලෑව ගමට ලබාදුන් උන්වහන්සේ මකුලෑවේ සුධර්මාරාම විහාරස්ථානය සග සතු කර පූජා කරවීමටද මූල්වූහ. ගමේ බස් සේවය හා විදුලිය ලබාගැනීමටද කටයුතු කරනු ලැබුයේ විමල නාහිමියෝය.  උත්වහන්සේ මීරිගම ප‍්‍රාදේශීය ශාසනාරක්‍ෂක බලමණ්ඩලය, ප‍්‍රාචීන භාෂෝපකර සමිතිය,  ශ්‍රීමත් අනගාරික ධර්මපාල පරෝපකාර පදනමේ   හා මහා බෝධි සමාගමේ මෙන්ම  ප‍්‍රාචීන භාෂෝපකාර සමිතියේද විවිධ නිලතල දැරූහ. විමල නානාහිමිපාණන් යන්ගේ ධර්ම ශාස්ත්‍රී සේවාවන්ද රැසකි.    බුද්ධශ‍්‍රාවක වාර්ෂික සංග‍්‍රහය, ශ්‍රී ලංකාවේ සංස්කෘත අධ්‍යාපනය, අධිශීල ශාස්ත්‍රීය සංග‍්‍රහය, පරාර්ථ චරියාව කෘතිය,  මහාස්වාමීන්‍ද්‍ර අනුස්මණ ධර්මග‍්‍රන්‍ථ 08 ක්  ඇතුලූ ග‍්‍රන්ථ ගණනාවකට උන්වහන්සේගේ දායකත්වය ලැබි ඇති අතර  පඤ්චවිධ ඤෙය්‍ය මණ්ඩලය ල ධර්ම දේශනා කෘතිය ඒ අතරින් විශේෂිතය.

විමල නාහිමියන් ඉටුකළ මහ`ගු සේවය වෙනුවෙන් ශ්‍රී ලංකා රාමඤ්ඤ    මහානිකායෙන්   ධර්මකීර්ති ශ්‍රී සරණංකර ගෞරව නාම සම්මුතිය, -ජයවර්ධනපුර ගුණ සමරු  පදනම මගින්  සද්ධර්මකීර්ති ශ්‍රී ශාස්ත‍්‍ර විශාරද ගෞරව නාම සම්මුතිය -ශ්‍රී ලංකා අමරපුර මූලවංශික නිකාය මගින් සාහිත්‍ය කීර්ති ශ්‍රී පරියත්තිධර ගෞරව නාම සම්මුතිය, සමස්ථ ලංකා මෙත් මුනි සමාජය මගින්   ජිනදර්ශන කෝවිද ගෞරව නාම සම්මුතිය හා   ශ්‍රී ලංකා ප‍්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය මගින් සමස්ත ලංකා සාම විනිසුරු’’ පදවියද උන්වහන්සේට පිරිනැමුණු ගෞරව නාම හා සම්මාන උපාධි අතරවේ.

මහාබෝධි සංගමය හා එක්ව දඹදිව ශාසනික සේවයට කළ කැපවීම මෙන්ම ඔස්ටි‍්‍රයා, ස්වීඩන්, ජර්මන් සහ ඉතාලි යන රටවල විදේශ ධර්මදූත සේවා සිදු කිරීමටද විමල නාහිමියෝ කටයුතු කළහ.

විමල නාහිමියන්ගේ උදාරතර ශාසනික මෙහෙවර අගයමින් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය මගින්  1984.07.07 දින ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ පරියත්ති පාලක සභාවටද  1987 දී   නිකායේ කර්මවාගාචාර්ය වරයෙකු ලෙසද  පත්කෙරිනි. අනතුරුව 1993.03.12 දින මීරිගම සංඝ සභාවේ අනුවිජ්ජක ධුරයට හා පාලක සභාවටද 1996 දී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ජ්‍යෙෂ්ඨ අනුවිජ්ජක ධුරයට හා 1998.03.28 දින ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ කාරක සභික ධුරයට  පත්කරනු ලැබීය.

අනතුරුව 2001.03.31 දින රාමඤ්ඤ මහානිකායේ නියෝජ්‍ය පරියත්ති ලේඛක ධුරයට හා  2006.10.03 දින රාමඤ්ඤ මහා නිකායේ සඤ්ඤා ලේඛකාධිකාරී   ධුරයට පත්කෙරුණු විමල නාහිමියෝ  2011.11.26 දින  මහෝපාධ්‍යාය ධුරයට පත්වීම් ලදහ. 2012.10.19 වැනි දින ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සුවිශේෂි තනතුරක් වන අධිකරණ නායක ධුරයෙන් පිදුම් ලද අතර 2020 දී අනුනාහිමි පදවියට පත්වීමටද උන්වහන්සේ වාසනාවන්තවූහ.

මීරිගම සංඝ සභා බල ප‍්‍රදේශයෙන් බිහිවූ දෙවැනි මහානාහිමියන් වන විමල නාහිමියෝ අඩු වයසින් මහානායක පදවියට පත්වීමද විශේෂිතය.



අදහස් (8)

රාමඤ්ඤ නිකායේ නව මහානායක නාහිමි මකුලෑවේ විමල නාහිමි

කමල් Sunday, 22 November 2020 05:13 AM

ත්‍රිපිටකයේ විනය පිටකයේ චුල්ලවග්ගපාළියේ දෙක කොටසේ සංඝභේදක ඛන්ධකයේ දෙසීය හැත්තෑ එක් වන පිටුවේ තියෙනවා දෙව්දත් භික්ෂු සංඝයාගේ නායකකම ඉල්ලීම ගැන. තුන් පාරක් ඉල්ලුවාලු. තුන් පාරම බුදුන් වහන්සේ ප්‍රතික්ෂේප කළාලු. තවද එහි කියැවෙනවා බුදුරජානන් වහන්සේ සැරියුත් මුගලන් දෙනමටවත් නායකකම දෙන්නේ නැතැයි කී බව. මහනායකකම් බුදුදහමේ නැති දෙයක්, බුදුන් වහන්සේ ප්‍රතික්ෂේප කළ දෙයක්. ඒවාගේ තනතුරු පිළිගන්නා අය බුදු සසුනට කරන්නේ අගතියක්. ඒවා පිළිගන්නා අය කරන්නේ බුදුන්ව ප්‍රතික්ෂේප කිරීමක්. ඔය වැඩේ මහා පව්කාර ප්‍රෝඩාවක්. නූතන දෙව්දත්ලා.

:       5       10

සමන් - ඕමානයMonday, 23 November 2020 06:22 AM

කමල්, කරුණාකර තමන් නොදන්නා මගුල් ගැන කතා නොකර ඉන්නවා. ඕනෑම කණ්ඩායමක නායකයෙක් (leader) සිටින බව, සිටිය යුතු බව ඔබ දන්නේම නැද්ද? බුදුදහමට හා සංඝයා වහන්සේලාට නිගරු කිරීම... දැන් කාලේ නූගත් මෝඩයින්ගේ ස්ටයිල් එකක්, වීරකමක් වෙලා. ඔය කියන දේවලින් තමුන් ඔය හෙළිදරව් කරන්නේ තමුන්ගේම තකතීරු මෝඩකම හා නූගත්කම... බූරුවා වුණත් බෙරිහන් නොදී කට පියාගෙන ඉන්නවා නම් තමන් බුරුවා කියන එක ලෝකයාට විදහා දක්වන්නේ නැතිව ඉන්න පුළුවන් බව වටහා ගන්නවා හොඳයි.

:       2       3

කමල්Monday, 23 November 2020 01:43 PM

සමන්, ඔබ නොවැ බූරුවෙක් වගේ හැසිරෙන්නේ... ඔබට බුදු දහම ගැන හරි අවබෝධයක් නෑ. ඔබ නායකයෙක් ගැන කතා කරනවනේ. ඒ ගැන කියන්නම්. කලින් කියූ විනය පිටකයේ තිබෙන හැටියට බුද්ධ ශාසනයේ නායකයා බුදුන් වහන්සේ පමණයි. වෙන නායකයෝ නෑ. පරිනිර්වාණ සමයේ බුදුන් වහන්සේම දේශනා කර තියෙනවා තමන් වහන්සේගේ ඇවෑමෙන් පසු තමන් වහන්සේ දෙසූ සහ පැණවූ ධර්මය විනය ශාස්තෘන් වහන්සේ කරගන්න කියලා. ඒ නිසා පරිනිර්වාණයෙන් පසු ධර්මයයි විනයයි තමයි සංඝයාට මඟ පෙන්වීම කරන්නේ. එහෙම නැතුව වෙන වෙන අය නෙවෙයි. ඒ ගැන දැනගන්න ඕනෑ නම් ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ දීඝනිකායේ දෙවන පොතේ මහාපරිනිබ්බාන සූත්‍රයේ දෙසීය හතළිස් තුන් වන පිටුව බලන්න. අනික ඒ විදිහට බුද්ධ දේශනාවට අනුගත වෙන්නේ නැතුව වෙන වෙන අය නායකයෝ විදිහට පත්කරගෙන බුද්ධ ශාසනයට මේ වෙනකොට කරගෙන තියෙන විනාශය කියන්ඩත් දෙයක් යෑ? මොනවා හරි කියන්ඩ තියෙනවා නම් ධර්මයට විනයට අනුකූල දෙයක් කියන්න තමන් හිතාගෙන ඉන්න මනස්ගාත කියන්නේ නැතුව....

:       0       1

vikum Sunday, 22 November 2020 05:40 AM

ආදර්ශමත් යතිවරයන් වහන්සේ නමක්... දිගසිරි පතමි.

:       3       9

kamal Sunday, 22 November 2020 08:16 AM

අපි දන්නා විදිහට නම් බුදු හාමුදුරුවෝ කිසිම පැවිද්දෙකුට තනතුරු ප්‍රදානය කළේ නැහැ. මෙ වෙනත් බුදුදහමක ප්‍රතිඵලයක්ද?

:       5       8

දයාසිසිර මහනුවර Sunday, 22 November 2020 10:05 AM

වලපයයි, ගොඩපයයි ඉන්න උන්නාන්සේලා නැතිව වෙන අය ඇත්තේම නැද්ද? ඔයවගේ තනතුරු වලට?

:       0       1

අනා Sunday, 22 November 2020 04:48 PM

නිකාය පැවැත්මට බුදු දහමට විරුද්ධයි නේද?

:       0       3

රාහුල Monday, 23 November 2020 05:32 AM

අපි හොඳින් බලාගෙන ඉන්නේ. මෑතක සිට බෞද්ධ විරෝධී කොමෙන්ට් විශාල ප්‍රමාණයක් ආවා.

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

අනුර උතුරෙන් සමාව ගත යුතුයි
2024 සැප්තැම්බර් මස 08 128 0

අනුර දිසානායක යාපනයට පැමිණ කළ තර්ජනකාරී ප්‍රකාශය සම්බන්ධයෙන් උතුරේ ජනතාවගෙන් වහාම සමාව ගත යුතුව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේ ජන රැළ


‘‘අපේ ඇමැති මණ්ඩලය 25යි‘‘
2024 සැප්තැම්බර් මස 08 114 0

එළබෙන 21 පසුව අපි පිහිටුවන රජයේ විද්‍යාත්මක ඇමති මණ්ඩලයක් තමයි අපි හදන්නේ. එයට 25 දෙනයි. රාජ්‍ය ඇමතිවරු නැ . නියෝජ්‍යය ඇමති විතරයි. ඒ ඒ විෂයට අදාල ක්ෂේත්‍රය


ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 786 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 219 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 646 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 148 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1814 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site