IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


රුමේනියා රැකියා ගැන සුභ ආරංචියක්

(විනීතා එම් ගමගේ)

ශ්‍රී ලාංකිකයන්ට රුමේනියාවේ රැකියා සඳහා ගිවිසුම් ගත විය හැක්කේ වසරක කාලයක් සඳහා පමණක් බැවින් එය වසර දෙකක් දක්වා දිර්ඝ කරගැනීමට එරට රජය සමග සාකච්ඡා කරන බව විදේශ රැකියා රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා ප්‍රකාශ කළේය.

දැනටමත් වසරක ගිවිසුම තවත් වසරකින් දීර්ඝ කරනු ලබන අවස්ථා ඇතත් එසේ සිදුකරන්නේ ශ්‍රමිකයාගේ හැසිරීම හා වැඩකිරිමේ හැකියාව මත බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

රුමේනියා රැකියා සඳහා මේවන විට තානාපති කාර්යාලයේ 800 දෙනෙකුගේ පමණ නාමලේඛනයක් තිබෙන බව කී ජයරත්න මහතා ඉදිරියේදී ඔවුන්ද රැකියාවලට යොමුකිරිමට හැකිවනු ඇතැයි පැවැසීය.

රුමේනියා රැකියා සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අය කරනු ලබන්නේ ලියාපදිංචි හා පරිපාලන ගාස්තුව, වීසා හා ගුවන් ටිකට්පත් ගාස්තුව පමණක් වන බව කී රාජ්‍ය අමාත්‍යවරයා කාර්යාංශය මගින් විශාල මුදලක් රුමේනියා රැකියා සදහා අයකරන බවට පැතිර යන ආරංචිය සාවද්‍ය බවද සදහන් කළේය.

පියංකර ජයරත්න මහතා මේ අදහස් පළ කළේ රුමේනියා රැකියා සඳහා යන ශ්‍රී ලාංකිකයන් කණ්ඩායමකට ගුවන් ටිකට්පත් භාර දෙන අවස්ථාවේ දීය.

 



අදහස් (6)

රුමේනියා රැකියා ගැන සුභ ආරංචියක්

Nilantha Tuesday, 07 December 2021 07:05 PM

රුමේනියාව කියන්නේ දුප්පත් රටක් .එහේ ඉන්න මිනිස්සු ඇමරිකා , යූ කේ රටවලට යනවා දුප්පත්කම නිසා

:       0       2

Janaka Chaminda Tuesday, 07 December 2021 10:45 PM

කරුණාකර අයදුම්පතක් එවන්න...

:       0       1

Nuwan Wednesday, 08 December 2021 05:58 AM

යුරෝපයේ තියන දුප්පත්ම රට. රුමේනියානුවන් ලෝකෙ පුරා යනවා රැකියා හොයාගෙන. මේක මහ හතර බීරි කතාවක්. කාවද අන්දන්න හදන්නෙ?

:       0       4

අප්පුහාමි Wednesday, 08 December 2021 09:55 AM

තාක්ෂණය වැනි ඉහළ අංශවල රැකියා සඳහා විදේශිකයින් ලංකාවට පැමිණීමක් අසන්නට ලැබේවා....!!!

:       0       0

Krishantha Abeysekara Wednesday, 08 December 2021 12:24 PM

කොහොමද යන්නේ... කීයක් යනවද මුදල..?

:       0       0

ජනතාව Wednesday, 08 December 2021 09:11 PM

මිනිසුන් රට රැකියාවට යන්නේ මේ රට ආර්ථිකව ශක්තිමත් නැති නිසයි. රට රැකියාවල කොහොමත් අවදානමක් තියනවා. මින් ලැබෙන සල්ලි සැලසුමක් නැතිව හරි හැටි විගණනයෙන් තොරව සමහර මෝඩ දේශපාලකයො තම මඩිය තරකරගන්න කෙළවරක් නැති බොරු සංවර්ධන ව්‍යාපෘතිවලට යොදවනවා. වහල් මානසිකත්වයෙන් දේශපාලකයන් උඩ දමමින් ජනතාව රජයේ රැකියා ගන්න දේශපාලකයන් පස්සෙ දුවන ප්‍රවනතාව හැම ආණ්ඩුවකම නියෝජිතයන්ටත් කරදරයක්. මේ විදියට රජයේ රැකියා ලැබුනත් අතට ලැබෙන මුදලෙ වටිනාකම මේ චක්‍රය තුල නැතිවෙනවා. දැන් දේශපාලකයින්ට කෑ ගසමින් වැටුප් වර්ධක ඉල්ලුවත් මේ චක්‍රය නිසා එය අපහසු බව පැහැදිලියි. එබැවින් බොරු වියදම් සදහා මේ විනිමය පාවිච්චි කරන්න තරම් අප පොහොසත් නැති බව සියල්ලෝ තේරුම් ගත යුතුයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 32 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 54 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 292 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 124 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


විජය පුවත්පත් සමාගමට කෝටි 3ක පොල්ලක් තැබූ දැන්වීම් හිමිකරුට වරෙන්තු
2025 පෙබරවාරි මස 05 360 0

විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ


නාමල් රාජපක්ෂට සිතාසි
2025 පෙබරවාරි මස 05 575 2

රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 742 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site