( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන දැනට රැඳවුම් නියෝග යටතේ රහස් පොලීසියේ රඳවා ගෙන සිටින හිටපු අමාත්‍ය රිෂාද් බදුයුදීන් මහතා ගේ සොහොයුරා වන රියාජ් බදුයුදීන් නැමැත්තා වහා මුදා හරින ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ප්‍රතික්ෂේප කරන්නැයි ඉල්ලා නීතිපතිවරයා අද (6) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සීමිත විරෝධතා ගොනු කළේය.
මොහොමඞ් රියාජ් බදුද්දීන් නැමැත්තා වෙනුවෙන් ඔහුගේ බිරිඳ වන ෆාතිමා ඉස්රත් නැමැත්තිය ගොනු කළ මෙම පෙත්සම ප්‍රියන්ත ජයවර්ධන , ප්‍රීති පද්මන් සූරසේන සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන් හමුවේ අද කැඳවිණි.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා තමන් සීමිත විරෝධතා ගොනු කර තිබෙන බව සඳහන් කළේය.
නීතිපතිවරයාගේ විරෝධතා සම්බන්ධයෙන් ප්‍රතිවිරෝධතා ඉදිරිපත් කිරීමට තමන්ට කල් ලබාදෙන ලෙස පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා එහිදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලෙන් ඉල්ලා සිටියේය.
තම සේවාදායකයා ඉකුත් අප්‍රේල් මස 14 වැනිදා සිට අත්අඩංගුවේ පසුවන බවත් , එබැවින් මෙම නඩු කටයුත්ත හදිසි නඩු කටයුත්තක් සේ සළකා එය සලකා බැලීම සඳහා කෙටි දිනයක් ලබාදෙන ලෙස ජනාධිපති නීතිඥ මැද්දේගොඩ මහතා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා තිබේ.
එම ඉල්ලීම පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම සලකා බැලීම ජුලි මස 31 වැනිදා කැඳවීමට දින නියම කළේය.
අත්අඩංගුවේ පසු වන බදියුදීන් මොහොමඞ් රියාජ් නමැත්තා වෙනුවෙන් ඔහුගේ බිරිඳ ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් වැඩබලන පොලිස්පති ඇතුළු හත්දෙනෙකු නම් කරනු ලැබ සිටිති.
පෙත්සමේ මෙසේද සදහන් වේ.
පෙත්සම්කරු හිටපු අමාත්‍ය රිෂාද් බදුද්දීන් මහතාගේ සොහොයුරෙකි.ඔහු උපාධිධාරියෙකු වන අතරම ප්‍රකට ව්‍යාපාරිකයෙකි.
පසුගිය අප්‍රේල් 14 වැනි දින පෙත්සම්කරු නිවසේ සිටියදී රහස් පොලිස් කණ්ඩායමක් පැමිණි අත්අඩංගුවට ගන්නා ලදී.ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේය.මෙම අත්අඩංගුවට ගැනීමට කිසිදු හේතුවක් නොමැත.
පාස්කු ඉරිදා සිද්ධිය පිළිබඳව පෙත්සම්කරුගේ සැමියා අත්අඩංගුවට ගත් බව නීතීඥයෙකු මාර්ගයෙන් දැන ගන්නට ලැබිණි.පසුව පෙත්සම්කාරිය ගේ සැමියා වන රියාජ් බදුද්දීන් අත්අඩංගුවට ගනු ලැබුවේ පාස්කු ඉරිදා ප්‍රහාරයට බව මාධ්‍ය මඟින් ප්‍රචාරය කෙරිණි.
පෙත්සම්කාරියගේ සැමියා ඔහුගේ සොහොයුරා වන හිටපු අමාත්‍ය රිෂාද් බදුද්දීන් මහතාගේ දේශපාලන පක්ෂ කටයුතු වලට සහාය දැක්වූ අයෙකුද වේ.ඔහු අත්අඩංගුවට ගැනීමේ යටි අරමුණ රිෂාද් බදුද්දීන් ගේ ප්‍රතිරූපය හානි කිරීමයි.
මෙම අත්අඩංගුවට ගැනීම නීතියට පටහැනි වේ.
මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දෙන ලෙසත් , තම සැමියා මුදා හැරීමට නියෝග කරන ලෙසද , ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩවූ බවට ප්‍රකාශ කරන්නැයිද පෙත්සම්කරු සිය පෙත්සමින් ඉල්ලා ඇත.
පෙත්සම්කරු වෙනුවෙන් නීතීඥ ගෞරී සංගරී තවරාසා මහත්මියගේ උපදෙස් මත ජනාධිපති නීතීඥ අනුර මැද්දේගොඩ මහතා පෙනී සිටියේය.
නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා පෙනී සිටියේය.
ජනාධිපතිවරුන් දෙදෙනකුගේ පාලන කාලය තුළදීත් තංගල්ල හේනකඩුව පුරාණ රජමහා විහාරය පූජා භූමියක් බවට පත් කොට ගැසට් නිවේදනයක් නිකුත් කර ගැනීමට නොහැකි වූණ. වත
රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම
ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
රියාජ් බදුයුදීන් මුදා හරින්නැයි ඉල්ලූ පෙත්සම ප්‍රතික්ෂේප කරන්නැයි විරෝධතා
Bamunuarachchi Tuesday, 07 July 2020 01:57 AM
නිදහස් කිරීම කොහොම වෙතත් නඩු නැතුව ගස් යැව්වත් අපිට කමක් නැත.
sisira Tuesday, 07 July 2020 02:44 AM
මෙවැනි අය වෙනුවෙන් පෙනීසිටින සිංහල නීතීඥයින් ඉන්නවනේ...