IMG-LOGO

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා


රිය අනතුරකදී පහරදීමකින් මන්ත්‍රී පුතෙක් අත්අඩංගුවේ

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

රිය අනතුරක් සම්බන්ධයෙන් වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් පුද්ගලයකුට පහර දුන්නේ යැයි සැකපිට හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ පුත්‍රයකු (14) අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ සමගි ජන බලවේගය පක්ෂයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ පුත්‍රයා බව පොලිසිය කියයි.

මහරගම නගරය හරහා හයිලෙවල් මාර්ගයේ යමින් සිටි මෙම පුද්ගලයාගේ මෝටර් රථයේ තවත් මෝටර් රථයක් ගැටී අනතුරක් සිදුව ඇති අතර ඒ සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් අනෙක් මෝටර් රථයේ ගමන් ගත් පුද්ගලයෙකුට සැකකරු පහරදී තර්ජනය කර ඇතැයි පොලීසිය කියයි.

පසුව ඒ සම්බන්ධයෙන් පහර කෑමට ලක් වූ පුද්ගලයා පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

අනතුරින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ පුත්‍රයා ගමන්ගත් මෝටර් රථයට සුළු හානි සිදුව ඇති බව පොලිසිය පවසයි.

පසුව සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී පහර දුන් පුද්ගලයා පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ පුත්‍රයා බවට කරුණු අනාවරණය වූ බව පොලීසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ පුත්‍රයා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ හා බස්නාහිර පළාත දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති කපිල කඩුපිටිය මහතාගේ අධීක්ෂණය යටතේ, නුගේගොඩ කොට්ඨාස බාර ජේෂ්ඨ පොලිස් අධිකාරි නුවන් අසංක මහතාගේ උපදෙස් මත, මහරගම පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනකාන්ත මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පවත්වති.



අදහස් (8)

රිය අනතුරකදී පහරදීමකින් මන්ත්‍රී පුතෙක් අත්අඩංගුවේ

thilak Thursday, 14 January 2021 04:25 PM

ආ... මේ දකුණේ උදවියනේ. ඕක ඉතින් අමුතු හැසීරීමක් නොවේ.

:       0       4

බද්රානි Thursday, 14 January 2021 05:28 PM

නියමයි, මන්ත්‍රී පුතා, අන්න එහෙම තමයි ඉන්න ඕනෑ. හප්පලා විතරක් මදි ගහන්නම ඕනෑ. පොලිසිය අපේ මන්ත්‍රී පුතා වෙනුවෙන් සාධාරණයක් ඉටු කරාවි යයි බලාපොරොත්තු වෙමි.

:       0       3

Perera Thursday, 14 January 2021 06:23 PM

කොයි දේශපාලුවාගේත් පුත්තු එකයි.

:       0       6

විජිත් Thursday, 14 January 2021 08:10 PM

මේවාට තමයි කියන්නේ මන්ත්‍රී - ඇමති වුණා.. එහෙමත් නැතිනම් අගමැති ජනාධිපති වුණා කියලා. දේශපාලුවන්ගේ දරුවන් දන්නේ නැහැ තමන්ගේ තාත්තා කියන්නේ හිඟන්නෙක් කියලා. එහෙන් මෙහෙන් කොමිස් කාලා, හොරකම් කරලා කළු සල්ලි ගෙදරට ගෙනෙන නිසා දරුවෝ හිතන්නේ තමන්ගේ පියා මහා කෙරුමෙක්... එ් නිසා මමත් කෙරුමෙක් කියලා. ජනතාවගේ මුදල්වලින් පඩි ගන්න දේශපාලුවන් බලය තිබෙනකම්ම හිතන්නේ තමන් දෙවියන් වහන්සේටත් වඩා වැඩ කාරයෙක් කියලා. මට එකම ප්‍රශ්නයයි තියෙන්නේ.. ඇයි දෙවියනේ අපේ රටේ මිනිස්සු මේ දේශපාලු යාචකයින්ට වන්දනාමාන කරන්නේ... මිනිස්සුනේ දැන්වත් ඔබගේ බුද්ධිය අවදි කළයුතුයි. ඔබ ඔබගේ දෙමව්පියන්ට, ගුරුවරුන්ට, ආගමික නායකයින්ට ගරු කිරීමක් වශයෙන් වඳින්න. නමුත් ජීවිතයේ කවමදාකවත් දේශපාලකයින් කියන හිඟන්නන්ට වඳින්න එපා. ඒ අයට ගරු කරන්නත් ඕනේ නැහැ. ඔවුන් අපේ වැඩකාරයෝ. ඔබලායි ඔබගේ ඡන්දයෙන් ඔවුන්ව තාවකාලිකව පත්කර ගන්නේ. ඔබ මේ බව ඔබේ දරුවන්ටත් චූටි කාලෙදීම කියලා දෙන්න. එහෙම නැතිවුනොත් ඔබ ඔබේම හෘදසාක්ෂියට බොරු කළ මිනිසෙක් වෙනවා.

:       0       6

sachith Thursday, 14 January 2021 11:33 PM

ඔය හාදයා අපිත් එක්ක ඕස්ට්‍රේලියාවේ හිටියේ. ඉගෙන ගන්න කියලා ඇවිල්ලා. එහෙදීත් කළේ බිබී, පාටි දදා හිටියා විතරයි. පස්සේ ඕස්ට්‍රේලියාවෙන් ලංකාවට එව්වා. දැන් ලංකාවට ඇවිත් අහිංසක මිනිස්සුන්ගේ සල්ලිවලින් පිස්සු කරනවා. ඔය ගොඩක් ඇමැති පුත්තුන්ගේ කෙරුවාව ඕක තමයි.

:       0       9

ලුම්බිණි Thursday, 14 January 2021 11:44 PM

තාත්තගේ ඇමතිකම දැන් නැති බව අමතක වෙන්න ඇති...

:       0       6

Sadis Friday, 15 January 2021 01:42 AM

පුතා දේශපාලකයකුගේ නම් පක්ෂපාට භේදයක් නෑ. නොට්ටිගේ පුත්තුම තමයි.

:       0       9

Deepal Nirosh Friday, 15 January 2021 08:52 AM

ආණ්ඩුව මොකක් වුවත් එක රටක් තුළ තිබිය යුතු එක නීතියක් නිසා වෙන්න ඇති දේශපාලක පුතා එදා වගේ අදත් ක්‍රියා කරන්න ඇත්තේ.... කැලේ මාරු වුණාට කොටි පුල්ලි වෙනස් වෙනවයැ..?

:       1       6

ඔබේ අදහස් එවන්න

 

දියත

රුපියල් 372 හෘද ඖෂධය 72,000ට අරන්?
2025 මාර්තු මස 13 73 0

හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.


වැලිවේරියේ වෙඩි තැබීමක්
2025 මාර්තු මස 13 193 0

වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි


ගෝලයෝ කෘතිම බුද්ධියෙන් ගුරුවරිය නිරුවත් කරලා
2025 මාර්තු මස 13 765 0

මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද


නැදගමුවේ මහානාම හිමි ඝාතන සැලැස්මේ කත මාට්ටු
2025 මාර්තු මස 13 783 0

සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු


වෛද්‍යවරියකට කරදර කළ රෝහලේ තවත් මඟඩියක්
2025 මාර්තු මස 13 1050 0

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ


‘‘අප හැම තිස්සේම ජනතාව පැත්තේ හිට ගන්නවා‘‘
2025 මාර්තු මස 13 240 0

මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 196 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 454 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 241 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site