(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රිවරයා අත්අඩංගුට ගෙන රඳවාගෙන සිටීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර මතුවූ සංවාදයක් හේතුවෙන් මැතිසබයේ උණුසුම් තත්වයක් අද (4) පෙරවරුවේ ඇතිවිය.
මේ සිද්ධිය ඇතිවූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද මැතිසබයේ සිය අසුනේ සිටියදීදය.
මේ උණුසුම් තත්වය දිගු වේලාවක් පැවතීම නිසා සභාව පාලනය කර ගැනීමට කතානායකවරයාට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වූයේය.
මේ එහිදී ඇතිවූ සංවාදයයි.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා:
රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා දින සීයක් තිස්සේ රඳවාගෙන සිටිනවා.තවම චෝදනා පත්‍රයක් නැහැ.එතුමා අත්අඩංගුවට ගන්නවා කියලා කතානායකවරයාට දැනුම් දීලත් නැහැ. එතුමාගෙ නඩුව අවස්ථා හතරකදී කල් දැම්මා. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය මෙතනටත් අදාලයි. මේ සිද්ධියෙන් එතුමාගෙ වරප්‍රසාද කඩවෙලා තියෙනවා. එතුමා නිදහස් කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා:
එතුමා අඩංගුවටගන්න බව මට දැනුම් දීලා තියෙනවා.
කිරිඇල්ල මහතා :
මොකක්ද හේතුව
කතානායක:
පරීක්ෂණ කටයුත්තකට.
කිරිඇල්ල මහතා:
පරීක්ෂණ කටයුත්තකට කියලා කියන්න බෑ. හේතුව කියන්න ඕන.
(සභාවේ ඝෝෂා)
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා:
එදා අපි අත්අඩංගුවට ගත්තා. අන්න ඒවට නම් හේතු නෑ. අපි අත්අඩංගුවට ගන්නකොට හිටපු කතානායකතුමා වචනයක් කතා කළේ නෑ. එතකොට තිබුණු සම්ප්‍රදාය මොකක්ද.
කිරිඇල්ල මහතා:
මේක අපි දෙගොල්ලටම බලපානවා.ඔබලාටත් ඉදිරියේදී මෙහෙම දේවල් වෙන්න පුළුවන්.
සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා:
රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයාට එරෙහිව පරීක්ෂණයක් යනවා. පරීක්ෂණයක් යද්දි තවත් පරීක්ෂණයක්. ඒවා නිරවුල් වෙන්න ඕන.බොරුවට මෙතන කෑ ගහලා වැඩක් නෑ.
(සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු කෑ ගසති.)
රිෂාඩ් බදුර්දීන් මහතා:
අද වෙනකොට මම අත්අඩංගුවට අරගෙන දින අනූ දෙකක් වෙනවා.පරීක්ෂණ ගියේ දින පහයි.කළුවර කාමරයක දාලා ඉන්නවා පැය 24 පුරාම. මාව අත්අඩංගුවට ගන්න කිසිම හේතුවක් නෑ, ජනාධිපතිතුමනි. මගේ අමාත්‍යාංශයේ බාලසුබ්‍රමනියම් කියලා අතිරේක ලේකම් වරයෙක් හිටියා. එයා ටෙලිෆෝන් එකෙන් කරපු කතාවකට තමයි මම අත්අඩංගුවට ගත්තේ.
ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා:
මෙතුමා බාලසුබ්‍රමනියම් කියන කෙනෙක් ගැන කිව්වා. එතුමා දැන් රට පැනලා ඉන්නේ. ඒකත් දැනගන්න.
(මේ අවස්ථාවේදී ජනාධිපතිවරයා අගමැතිවරයා සමග කුමක් හෝ කතා කරනු දක්නට ලැබිණ.)
.
රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම
ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග
ජනාධිපති කාර්යාලයේ අඳුරු කාමරයක සිරගත වූ බට ලන්ද අද හිරු එළිය දුටු බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කරමින් පැවස
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
රිෂාඩ්ගේ කතාවකින් මැතිසබය උණුසුම් වෙයි
කිරිපුතා Wednesday, 04 August 2021 04:14 PM
උන්නැහේගේ ගෙදර දූෂණය කරලා මැරිලා ගිය දරුවන් ගැනවත් ප්‍රශ්නයක් ඇහුවද කියලා මං බැලුවේ. අනේ නෑ මෙයාලා ඒක දන්නේම නෑ..
fairoosWednesday, 04 August 2021 06:06 PM
විමල් මන්ත්‍රීතුමාගේ ගෙදරත් මොකක්ද වුණා දන්නවද?
PradeepWednesday, 04 August 2021 09:55 PM
වෙන්න ඇති නමුත් මෙතන කතා කලේ විමල් ගැන නෙමෙයි රිෂාඩ් ගැනයි. රිෂාඩ් ගැන කතා කරලා පස්සේ ඕන නම් විමල් ගැනත් කතා කරමු. මොකද කවුරු කලත් වැරැද්ද නම් වැරැද්දමයි. ඔබට වගේ අපට ජාති බේදය වැදගත් නෑ. ඔබේ අදහසෙන්ම පෙනෙනවා ඔබ කවුද කියලා.
BamunuarachchiWednesday, 04 August 2021 11:38 PM
ඔව් දන්නවා. මොකක්ද ප්‍රශ්නය? විමල්ට රෝමන් ඩච් නීතිය මෙයාට අසාද් සාලී ඉල්ලපු ෂර්යා නීතිය. තව ප්‍රශ්න තිබෙනවද?
කපිල Wednesday, 04 August 2021 06:36 PM
දැන් රිෂාර්ඩ්ගේ එක කකුලක් ආණ්ඩුව පැත්තේ... අනික සජබ පැත්තේ. දෙගොල්ලන්ම මොකුත් කියන්නේ නෑ. ආණ්ඩුවට 2/3 තියාගන්න මෙයා ඕනෑ. විපක්ෂයට තියෙන ආසන ටික තියාගන්න මෙයා ඕනෑ. ඕකයි ඇත්ත. ඒ නිසා එතුමා සහ පවුලේ අය නිදහස් වෙනු ඇත...
Sri Lanka Wednesday, 04 August 2021 07:58 PM
රට හදන තැනට හිරේ ගිය, මිනීමරුවන් ආපදාකාරයින් එනවා කියන්නේ රට ගැන හිතන්න පුළුවන්...
Bamunuarachchi Wednesday, 04 August 2021 11:34 PM
හේතුව තමයි හළෝ එයාගේ අහේතුව. පාස්කු බෝම්බයේ හවුල් කරුවන්ට රිදිලාවගෙයි. හේතු හොයනවා.
Rohan Wednesday, 04 August 2021 11:38 PM
ඔය වගේ පාපතරයන් තවත් තමන් වගේ පාපතරයන්ව බේරගන්න උත්සාහ කිරීම පුදුමයට කරුණක් නොවේ