(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු අමාත්‍යවරයකු වූ රිෂාඩ් බදියුදීන් බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයකුට මරණීය තර්ජනය කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් තිදෙනකුගෙන් අද දින පැය 4කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
බන්ධනාගාර ජේලර්වරයකු ගෙන් හා නියාමකවරුන් දෙදෙනකුගෙන් එලෙස ප්‍රකාශ ලබා ගත් බව පොලිසිය කියයි
පැමිණිලිකාර වෛද්‍ය ප්‍රියංක ඉඳුනිල් පුපුලේවත්ත මහතා ඉකුත් 15 වෙනි දින බන්ධනාගාර ඩිස්පැන්සරිය තුළදී රැදවියන් සඳහා ප්‍රතිකාර ලබා දෙමින් සිටියදී හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් ඩිස්පැන්සරිය තුළට කඩා වැදීම හේතුවෙන් ඔහුට තම වාරය පැමිණෙන තුරු පිටතට ගොස් සිටින ලෙස වෛද්‍යවරයා දැනුම් දීමත් සමගම ආවේගශීලීව වෛද්‍යවරයාට මරණීය තර්ජනය කර තිබූ බව වෛද්‍යවරයා විසින් ඉකුත් 21 බොරැල්ල පොලිසියට පැමිණිල්ලක් කරන ලදි.
එහිදී රිෂාඩ් බදුයුදීන් මහතා වෛද්‍යවරයා වෙත අත දිගුකරමින් " තමුසේ දන්නැද්ද මොකක් කරලද මම ආවේ කියලා .තමුසෙව වෙන ලෝකෙකට අරින්නත් පුළුවන් ,පැයක් ඇතුලත මාරුකරලා යවන්නත් පුළුවන් .තමුසේ වැඩිය දැඟලුවොත් පාරේ යනකොට තමුසේයි තමුසෙගෙ කාර් එකයි අළු වෙලා තියෙයි .ඒක හොඳට දැන ගන්නවා
" එතකොට තමුසෙගෙ ගෑනිට මිනිහෙක් ළමයිට තාත්තෙක් නැති වෙයි .තමුසේ දැනගන්නවා මම රිෂාඩ් බදුර්දීන් යයි මරණීය තර්ජනය කළ බව ඔහු කළ පැමිණිල්ලේ සඳහන් වේ
සිද්ධිය වූ දින බන්ධනාගාර ඩිස්පැන්සරිය තුළට වෛද්‍යවරයාව කැඳවාගෙන ගිය නියාමකවරයා ගෙන් මෙන්ම බදුර්දීන් මහතා ආවේගශීලීව හැසිරෙන අවස්ථාවේදී ඔවුහු පිටතට රැගෙන ඒමට ගිය ජේලර් වරයාගෙන් සහ නියාමකවරයා ගෙන් එලෙස ප්‍රකාශ ලබා ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි .
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
රිෂාඩ්ගේ තර්ජනය ගැන බන්ධනාගාරයේ තිදෙනකුගෙන් ප්‍රකාශ ගනී
fairoos Monday, 23 August 2021 08:37 PM
අලුත් නාඩගමක්... දැන් වහල්ලුන්ට තව මාසයක් හාමතේ හිටියත් කමක් නැහැ...
BamunuarachchiWednesday, 25 August 2021 12:07 PM
ප්‍රභාකරන් උතුරෙන් පැන්නුවාම මෙයා මේ සිරි සිරි බෑග් එකේ රෙදි දාගෙනලු දකුණට ආවේ. අපි හැම කුනුගොඩම බාර අරගෙන පස්සේ ගඳයි ගඳයි කියනවා. අපිත් දකුණෙන් පැන්නුවානම් මෙයා මුහුදේ. දැන්වත් ඒකට ලැහැස්ති වෙන්න. ගම්මිරිස් ඇට ටිකක් දීලා දකුණෙන් පන්නමු
කරි පුතා Tuesday, 24 August 2021 01:29 AM
ප්‍රකාශ අරන් අරන් අන්තිමට අර වෛද්‍යවරයා වැරදි කරු කර බදුර්දීන් උතුමාණන් නිදොස්කොට නිදහස් කරයිද මන්දා.
Dewa Tuesday, 24 August 2021 08:29 AM
මේ විකාර පත්තර වල දාන්නත් එපා. අද රටේ වැදගත් දේ පමණක් පලකරන්න. එය ඔබලා අපිට කරන උදාර සේවයක්.
පිටිගල මිලානෝ Tuesday, 24 August 2021 09:46 AM
දියහැකි උපරිම දඬුවම් දෙන්න...