IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


රසායනික පොහොර-කෘමිනාශකවල අහිතකර බව ‌සොයන්න බළකායක්

(අංජුල මහික වීරරත්න)

රසායනික පොහොර හා රසායනික කෘමිනාශක භාවිතයෙන් මනුෂ්‍ය ශරීරයට ඇති කරන අහිතකර බලපෑම් අධ්‍යයනය කර වාර්තාවක් සකස් කිරීම සඳහා කාර්යසාධන බලකායක් පිහිටුවීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

කෘෂිකර්ම අමාත්‍යාංශය  හා සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව මෙම පියවර ගෙන තිබේ.

මේ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් සතියක් ඇතුලත මෙම බලකාය පිහිටුවීමට තීරණය කර තිබෙි.

රසායනික පොහොර හා කෘමිනාශක වර්ග භාවිත කර ගොවිතැන් කිරීමෙන් ගොවීන්  වකුගඩු හා පිළිකා රෝගවලට ගොදුරු වන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු සංවිධාන ගණනාවක් සමීක්ෂණ වාර්තා මඟින් සනාථ කර ඇතත් රසායනික පොහොර භාවිතාව ගොවීන්ගේ සෞඛ්‍යයට අහිතකර බව සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කර නොතිබීම නිසා හරිත කෘෂිකර්මාන්තය පිළිබඳ රජයේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට එය බාධාවක් බව කෘෂිකර්ම අමාත්‍යවරයා  පෙන්වා දුන්නේය. හරිත කෘෂිකර්මය පිළිබඳ රජයේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී සෞඛ්‍ය හා පරිසර අමාත්‍යාංශවලට විශාල වගකීමක් පැවැරෙන බවද අමාත්‍යවරයා කීය.



අදහස් (10)

රසායනික පොහොර-කෘමිනාශකවල අහිතකර බව ‌සොයන්න බළකායක්

විමර්ශන Thursday, 16 December 2021 12:15 PM

කන්දක් විලිලා මීයෙක් වැදුවා වාගෙයි. මොන තරම් බලකා හැදුවත් ඒවට ක්ෂෙත්‍රයේ ප්‍රවීනයො වගේම අහඹු ලෙස තෝරාගත් ගොවි මහතුන් නැති කමින් බල්ලන්ටත් ගොයම් කන්න සිද්ධ කලා. කරපු ඇති දෙයක් නැහැ. ගොවි ජනතාවට වන්දිවත් රටට කන්න ආහාරත් නොමැතිව චීන අසූචිවලට මුදල් ගෙවන මෝඩ පාලකයො ඉන්න තවත් රටක් තියේද?

:       1       16

ravin Thursday, 16 December 2021 12:24 PM

රසායනික පොහොර හා කෘමිනාශක භාවිතයේ ආරම්භය ?ඒ සම්බන්දව තියන රාජ්‍ය ආයතන?නියාමන අධිකාරියන්?සැප නින්දෙන් ඉඳන්ද ඇහැරුනේ ?

:       0       15

fairoos Thursday, 16 December 2021 12:31 PM

එතකොට පිටරටින් ගෙනෙන හාල් වලට කාබනික පොහොර යොදලා තිබ්බට කමක් නැද්ද?නිකන් පීචන් වෙන්නේ නැතුව දැන්වත් ඔතනින් ඉල්ලා අස් වෙන්න

:       1       14

මහසෙන් Thursday, 16 December 2021 12:36 PM

ඔන්න දැන් බළලා මල්ලෙන් එලියට පැන්නා.එතකොට මේ කිසිම දෙයක් ගැන නිශ්චිත අධ්‍යයනයක් නොකර තමා මේ කාබනික පොහොර වැඩසටහන පටන් අරන් තියෙන්නේ.කට වාචාල කමයි කුලප්පුවයි හින්දා කෙතරම් හොද වැඩ සටහනක් වුනත් අල වෙලා ගිහින් ගොවියගේ ඉදලා සාමන්‍ය මනුස්සයට වෙනකම් වෙලා තියෙන්නේ හූල්ලන්න.දැන් වන්දිත් ගෙවනවනේ නැවට.හරිම සනීපයි.කමිටු දදා ඉන්නවලා කෝකටත් බෙහෙත ඒක කියලා.

:       0       16

Hafeel Thursday, 16 December 2021 12:46 PM

වත්මන් මේ පාලනය තුල බලකාය, ගැසට් පත්‍ර, කමිටු, කොමිසන් සභා ඕවා තමයි . නමුත් යහපත් ප්‍රතිපල දකින්න නම් නැහැ. අනික රසායනික පොහොර හා රසායනික කෘමිනාශක භාවිතයට වඩා, මේ රටේ දේශපාලකයන්ගෙන් තමයි බොහෝ අහිතකර බලපෑම් එල්ල වෙලා තියන්නේ.

:       0       11

KCN Thursday, 16 December 2021 01:59 PM

ඇයි දෙයියනේ, එතකොට රසායනික පොහොර තහනම් කළේ ඒවා නරකයි කියලා හරියටම දන්නෙත් නැතිවද? මේ වගේ උන්නැහැලාට ඡන්දෙ දුන්නු අය වැළලෙන්න ඕනෑ මේවා දකිනකොට...

:       0       5

lakvidu Thursday, 16 December 2021 02:03 PM

එතකොට අරක්කු, සිගරට් හිතකරයිද?

:       0       6

Nuwan Thursday, 16 December 2021 02:32 PM

රටේ කරුමෙට දේශපාලනේට ආපු මිනිස්සු තමයි මේ..!

:       0       8

Sriland Thursday, 16 December 2021 03:00 PM

මොන කණ්ඩායම් පත්කළත් මාධ්‍යවලට කියන්න එපා ඔවුන්ගේ නම්... එතකොට අර සමාගම් වලින් අල්ලස් දීලා ඔය හදන වාර්තාව ඔවුන්ගේ වාසියට හදනවා. මේවට කියන්නේ හොරාගෙ අම්මගෙන් පේන අහනවා කියලා...

:       5       3

පට්ට Saturday, 18 December 2021 02:27 PM

ඈ ගොබිලො එතකොට තොපි මෙිවා තහනම් කළේ හීනයක් බලලද

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

වී ගන්න කෝටි 500ක් වෙන්කරයි
2025 පෙබරවාරි මස 05 5 0

වී මිලදී ගැනීම සඳහා භාණ්ඩාරයෙන් රුපියල් කෝටි 500 ක මුදලක් වෙන්කර ඇති බවත් එම මුදලින් කොටසක් කෘෂිකර්ම අමාත්‍යංශයට යොමු කර ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩ


’’සහල් නිෂ්පාදකයෝ වී මිලට එකඟ නෑ’’
2025 පෙබරවාරි මස 05 251 0

ආණ්ඩුව වී සඳහා නියම කළ මිල සමඟ එකඟ නොවන බවත් මිල නියම කිරීමේදී සහල් නිෂ්පාදකයන්ගේ වියදම් පිළිබඳව අවදානය යොමුකර නොමැති බවත් එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ


’’වීවලට මිලක් දුන්නාට ආණ්ඩුවට ස්තූතියි’’
2025 පෙබරවාරි මස 05 250 0

ආණ්ඩුව වී සඳහා නියමක කළ මිල සම්බන්ධයෙන් සෑහීමට පත්නොවන බවත් එය එසේ වුවද වී සඳහා ආණ්ඩුව මිලක් නිමකිරීම පිළිබඳව ස්තූතිය පළකරන බවත් අනුරාධපුර දිස්ත්‍රි


’’නව ව්‍යවස්ථාවක් හඳුන්වා දෙනවා’’
2025 පෙබරවාරි මස 05 137 0

ජාතික ජනබලවේග රජයට ලැබුනු ජනවරම අනුව රටට ඔබින නව ව්‍යවස්ථාවක් ඉදිරියේදී හදුන්වා දෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නල


ග්‍රාමීය රෝහල් සංවර්ධනයට අත ගහයි
2025 පෙබරවාරි මස 05 170 0

රජය ප්‍රාථමික සෞඛ්‍ය සවිබල ගැන්වීම සදහා ඉහල ප්‍රමුඛත්වයක් ලබා දී තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.


ගමට හයියක් දෙන්න ’’ග්‍රාම ශක්ති’’ එයි
2025 පෙබරවාරි මස 05 196 0

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 89 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 741 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site