IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


රුහුණු කුමාරිට දෙදරු මවක් බිලි

(සුමිත් ප්‍රේමතිලක සහ තුසිත කුමාර ද සිල්වා)

අඹු සැමි යුවලක් ගමන්ගත් යතුරු පැදියක් පයාගල ප්‍රදේශයේ දී අද (10) පස්වරුවේ රුහුණු කුමාරි සීඝ්‍රගාමී  දුම්රියේ ගැටී දෙදරු මවක් මියගොස් ඇයගේ ස්වාමිපුරුෂයා බරපතළ තුවාල ලබා ඇතැයි පයාගල පොලිසිය කියයි .

අනතුරෙන් මියගොස් ඇත්තේ ඇත්තේ පයාගල, දළුවත්ත  ප්‍රදේශයේ පදිංචිව සිටී මීගහපොලගේ පවිත්‍රා විරාජිනී නමැති 25 හැවිරිදි කාන්තාවක් බව පොලීසිය පවසයි.

මරදාන සිට මාතර බලා ගමන් ගන්නා රුහුණු කුමාරි  සීග්‍රගාමී දුම්රිය පයාගල බෝට්ටු වැඩපල අසල අනාරක්ෂිත දුම්රිය හරස් මගෙහි දී යතුරුපැදියේ  ගැටී තිබේ.

යතුරු පැදිය ගාලුපාර දෙස සිට ඇල්ලගහවත්ත ප්‍රදේශය දෙසට ගමන් කිරීමේදී දුම්රියේ ගැටී ඇතැයි පරීක්ෂණ පවත්වන නිලධාරියෙක් කීය.

බරපතළ තුවාල ලැබූ  පුද්ගලයා නාගොඩ මහරෝහලේ ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

සංඥා පද්ධතිය මුළුමනින්ම ක්‍රියාවිරහිතව ඇති අතර , දුම්රිය හරස් මග දෙපසම "සංඥා පද්ධතිය ක්‍රියාවිරහිතයි"  යනුවෙන් පුවරු එල්ලා තිබිණි .

ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රණවීර මහතාගේ උපදෙස් පරිදි , රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඒ.පී.එස්.ද සොයිසා මහතාගේ ප්‍රධානත්වයෙන් සැරයන් මංජුල (35203) සහ කොස්තාපල් ඕ.වී.දයාවංශ (35204) පරීක්ෂණ පවත්වති .



අදහස් (5)

රුහුණු කුමාරිට දෙදරු මවක් බිලි

සමිත සේනක අලුත්ගමගේ. Friday, 10 December 2021 07:47 PM

මේ අනාරක්ෂිත දුම්රිය ගේට්ටු නිසා මොනතරම් වටිනා ජීවිත අහිමි වෙනවද? ඒත්, දුම්රිය දෙපාර්තමේන්තුව හා ප්‍රවාහන අංශ නින්දේ. පව්.. මේ රටේ අසරණ මිනිස්සු...!

:       0       2

Rexi Friday, 10 December 2021 09:14 PM

සිග්නල් වැඩ කරන්නේ නැහැ කියලා සයින්බෝඩ් දාලා තියෙනවා කියන්න. ඒක ගොඩක් දවසක් අක්‍රීය වෙලා නේද? කෝ ජනතා මුදලින් දුම්රිය දෙපාර්තමේන්තුවේ වැඩ කරන කට්ටිය.? මේකට තනිකර දුම්රිය දෙපාර්තමේන්තුව වගකියන්න ඕනෑ..

:       0       3

ජගත් ලියනගේ Saturday, 11 December 2021 10:15 AM

අපි තමයි හොඳටම රේල් ගේට්ටු හැදුවේ....

:       2       4

හර්ෂාන් අබේසූරිය Saturday, 11 December 2021 01:40 PM

"සංඥා පද්ධතිය ක්‍රියා විරහිතයි" යන වැකිය ඇතුළත් පුවරු කළු ගලෙන් නිර්මාණය කරන ලෙස යෝජනා කරමි. ඒ තරමටම මෙම සංඥා පද්ධති ක්‍රියා විරහිත වෙනවා.

:       1       4

ravin Saturday, 11 December 2021 04:15 PM

තනිකරම යතුරුපැදිකරුගේ වැරැද්ද. කෝච්චි දුවන්නේ රේල්පාරේ පීලි 2ක් උඩ මිස හිතුණු හිතුණු හැටියේ තිරිංග යොදා ක්ෂණිකව නතර කළ හැකි, පොදු පාරක දුවන මෝටර් වාහනයක් නොවේ. මෝටර්රථ රියදුරු රේල්පාර හරහා ගමන් කරනවා මිස කෝච්චිය රියදුරුගේ මාර්ගය හරහා ගමන් කරනවා නොවේ. හැමෝම ප්‍රායෝගිකව හිතලා බලන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

ගමට හයියක් දෙන්න ’’ග්‍රාම ශක්ති’’ එයි
2025 පෙබරවාරි මස 05 3 0

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


තරුණයාට දස වද දුන් පොලිස් ලොක්කෝ 3ක් ගෙදර
2025 පෙබරවාරි මස 05 157 0

අනීතික ලෙස පුද්ගලයකු දින 6 ක් රඳවාගෙන පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාතර වීරකැටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා, බෙලිඅත්ත කොට්ඨාස අපරාධ විමර්ශන ක


දිමුත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි
2025 පෙබරවාරි මස 05 104 0

ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ හිටපු නායක, ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිලවශයෙන් අද (5) නිවේදනය කළේය.


විටමින් පෙත්ත සිසුන් 18 රෝහලට යවයි
2025 පෙබරවාරි මස 05 146 0

පාසලෙන් ලබා දුන්නේ යැයි කියන විටමින් පෙති පානය කිරීමෙන් පසු ආසාත්මික තාවයක් හේතුවෙන් සිසුන් 18 දෙනකු ප්‍රතිකාර ලබාදිම සදහා අනුරාධපුර පයිරිමඩුව ප්‍රා


රටේ හැමෝම නීතියට යටයි
2025 පෙබරවාරි මස 05 445 0

ඇමැතිවරුන් මන්ත්‍රීවරුන් නොවෙයි මේ රටේ කිසිවකුටත් නීතියට උඩින් යා නොහැකි බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය.


මන්ත්‍රීවරුන්ට වාහන දෙන හැටි නලින්ද කියයි
2025 පෙබරවාරි මස 05 663 2

ජාජබ ආණ්ඩුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ලබා දෙන්නේ නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 89 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 772 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 740 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site