මාතර පිහිටි රුහුණ විශ්ව විද්‍යාලයේ සිසුන් 20ක් පමණ කොවිඩ් ආසාදිතයින් ලෙස තහවුරු වී තිබියදී විශ්ව විද්‍යාල පරිපාලනය එහි සිසුන්ට නිවෙස් කරා යාම තහනම් කර නේවාසිකාගාර තුළම රඳවා තැබීම නිසා අනාරක්ෂිත තත්වයක් උද්ගත වෙමින් ඇතැයි මාතර හිටපු නගරාධිපති සහ මාතර එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක උපුල් නිශාන්ත සුභාවික්‍රම මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියකින් දැනුම් දී තිබේ.
මෙම සිසුන් නොපමාව වෛද්‍ය පරීක්ෂණයට ලක්කර කොවිඩ් ආසාදනය වූවන්, ආශ්‍රිතයන් හඳුනාගෙන රජයේ පිළිගත් ක්‍රමවේදයන්ට අනුව නිරෝධායනය කරන්නැයි හිටපු නගරාධිපතිවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.
නේවාසිකාගාරවලින් එලියට යාම තහනම් කර ඇති මෙම සිසුන්ට, පාලිකාවන් විසින් සකසන කොත්තමල්ලි දිනපතා ලැබෙන අතර නිසි ආහාර වේලක් නොලබෙන බව ද හිටපු නගරාධිපතිවරයා සිය ලිපියේ සඳහන් කර ඇත.
සම්පූර්ණ කොරෝනා ආරක්ෂිත ඇඳුම් කට්ටලයකින් සැරසුන උප කුලපතිවරයා සිසුන් පරීක්ෂාවට පැමිණෙන බවත් ඇතුලත තොරතුරු කිසිවක් එළියට ප්‍රකාශ කිරීම, සමාජ මාධ්‍යවල ප්‍රකාශ දැමීම කළහොත් උපාධිය පවා අහිමි වියහැකි වැරදි බවට නොනිල තර්ජනයන් සිදුකරන බවත් එම සිසුන් හා දෙමාපියන් තමාට දන්වා ඇතැයිද ඔහු සඳහන් කර තිබේ.
මෙම නේවාසිකාගාර ප්‍රදේශ වෙත සාමාන්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන්ට ද ඇතුල්වීම තහනම් කර ඇති බවද එම ලිපියේ දැක්වේ.
මේ පිළිබඳව උපකුලපතිවරයාගෙන් විමසීමේ දී පැමිණි සරසවි සිසුන් නැවත නිවෙස්කරා නොයැවූයේ එම මාපියන්ගේ ආරක්ෂාවට මෙන්ම ප්‍රදේශවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ පහසුව පිණිස බව පැවසූයේ යැයිද උපුල් නිශාන්ත මහතා සඳහන් කර ඇත.
සරසවි නේවාසිකාගාර තුළ සිටින සම්පූර්ණ සිසුන් ගණන ප්‍රකාශ කිරීම උපකුලපතිවරයා මගහැරි නමුත් 500 ක් පමණ එහි සිටි බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරන නමුත් ඊට වඩා වැඩි පිරිසක් සිටින බවත් එහි දැක්වේ.
මෙම සිසුන් සියලු දෙනාට පී.සී.ආර් පරීක්ෂණ කිරීමේ හැකියාවක් මේ මොහොතේ නොමැති බවත්, අනවශ්‍ය ලෙස සියලූ සිසුන් මෙසේ රඳවා තබාගැනීම අනුමත නොකරන බවත් මාතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසන බවද එම ලිපියේ සඳහන්ය.
සුදුසු මධ්‍යස්ථානයක් හෝ සරසවි නේවාසිකාගාරයක් වෙන්කර සෞඛ්‍ය බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ නිරෝධායනය නොකර තරුණ සිසුන් පිරිසක් ‘සිරකර තැබීම’ කණගාටුදායක බවද ඔහු පවසයි.
මෙම ලිපියේ පිටපත් අග්‍රාමාත්‍යවරයාට, සෞඛ්‍ය අමාත්‍යවරියට, උසස් අධ්‍යාපන අමාත්‍යවරයාට ඇතුළු බලධාරීන්ටද යොමු කර ඇත.
‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
රුහුණු විශ්ව විද්‍යාලයේ සිසුන් නේවාසිකාගාරවල තැබීම අනාරක්ෂිතයි
මුණසිංහ Sunday, 09 May 2021 02:07 AM
පවත්නා තත්ත්වය යටතේ ගත් ක්‍රියාමාර්ගය නිවැරදි බව පේනවා. මෙම නේවාසිකාගාර ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට පත් කර වෛද්‍ය අධික්ෂණය යටතේ ප්‍රතිකාර දීම කළ යුතුයි.