(ඩයනා උදයංගනී)
රජයේ රෝහල්වලට විදුලි උත්පාදනය සඳහා සූර්ය පැනල ලබාදීමට රජය තීරණය කර ඇති අතර එහි පළමු අදියර ලෙස තෝරාගත් රෝහල් 15 කට සූර්ය පැනල ලබාදීමට නියමිතය.
ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය හා සූර්යබල, සුළං හා ජලවිදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ “සෞභාගයේ දැක්ම” ප්‍රතිපත්ති මාලාවට අනුව 2030 වන විට පුනර්ජනනීය බල ශක්ති භාවිතය සියයට 70ක් දක්වා වර්ධනය කිරීමට අපේක්ෂිත අතර ඒ වෙනුවෙන් ව්‍යාපෘති විශාල සංඛ්‍යාවක් දැනටමත් ආරම්භ කර ඇතැයි මෙහිදී සඳහන් විය.
සෞඛය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙහිදී අදහස් දක්වමින් පැවසුවේ රෝහල්වලට පුනර්ජනනීය බලශක්තිය හඳුන්වාදීමේ සංකල්පය ඉතා වැදගත් බවයි.
රාජ්‍ය ආයතනයන්හි වහලවල්වල සූර්ය පැනල සවි කිරීම මඟින් පුනර්ජනනීය බල ශක්තිය උත්පාදනය කරන අතරම රටට වාසිදායක ලෙස කටයුතු කිරීමට ද හැකිවන බව ද ඇය පැවසුවාය.
ගරු රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා මෙහිදී සඳහන් කළේ රජයේ රෝහල්වල වහල මත සූර්ය පැනල සවි කිරීමෙන් අනතුරුව එහි අතිරික්ත බලශක්තිය මිල දී ගැනීමට විදුලිබල අමාත්‍යාංශය කටයුතු කරන බවත්, එයින් රෝහලට සිය මාසික විදුලි බිල අඩු කර ගන්නා අතර යම් ආදායමක් ලබා ගැනීමටත් හැකිවන බවය.
අනුරාධපුර වෛද්‍යවරිය අතවරයට ලක් කළ සැකකරු මීට සුළු වේලාවකට පෙර ගල්නෑවේ දී අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය පවසයි.
පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයට නීති විරෝධී අන්දමින් ඇතුළු වූයේ යැයි චෝදනා ලැබ සිටි චූදිතයන් හය දෙනකුට එක් අයකුට රුපියල් 4,50,000 හතර බැඟින් චූ
උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.
රිලව් වඳුරන් වැනි වගා හානි කරන සතුන් දූපතකට හෝ ගෙන ගොස් දමා දානය දෙනවා වගේ දිනපතා කෑම දෙන වැඩපිළිවෙළකට යා යුතුව ඇතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති න
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
රෝහල් 15කට සූර්ය පැනල
Sri Lanka Thursday, 29 July 2021 05:00 PM
ජනාධාපතිතුමාට ගොඩක් පින් මේ වැඩේට... ඔය ක්‍රමය සාමාන්‍ය ජනතාවට දෙන්න. අපි නිකන් පායන හිරුගෙන් වැඩක් ගමු පරක්කු වෙලා හරි... ජයවේවා..!!!
Jayashantha Thursday, 29 July 2021 06:38 PM
මම අහලා තියන විදියට වියදම් වැඩි වැඩක්... !!!