IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ලෝකයේ බලවත්ම කාන්තාවන් 100 දෙනා අතරට ශෙමාරාත් එක්වෙයි

ලෝ ප්‍රකට ‘ෆෝබ්ස්’ සඟරාව වාර්ෂිකව ප්‍රකාශයට පත් කරන ලොව බලවත්ම කාන්තාවන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික සම්භවයක් ඇති කාන්තවක ද ඇතුළත් ව ඇත.

එලෙස ඇතුළත්ව ඇත්තේ එක්සත් රාජධානියේ උපත ලැබූ ශෙමාරා වික්‍රමනායක වන අතර ඇය එම ලැයිස්තුවේ 29 වැනි ස්ථානයේ පසුවෙයි.

ශෙමාරාගේ පියා ශ්‍රී ලාංකිකයකු වන අතර ඔහු වෛද්‍යවරයෙකි.ශෙමාරා එක්සත් රාජධානියේ උපත ලැබූ අතර කලක් ශ්‍රී ලංකාවේ ද ජීවත් වූවා ය. ඇයට වසර 13ක් වනවිට ශෙමාරා සහ ඇයගේ පවුලේ සාමාජිකයන් සමග ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූවා ය.

ඔස්ට්‍රේලියාවේ දී සිය උසස් අධ්‍යාපනය ලැබූ ශෙමාරා 1987 වසරේ දී ආයෝජන බැංකු සමූහයක් වන මැකෝරි බැංකුව සමඟ එක්වූවාය. ඇය වසර 20කට ආසන්න කාලයක් එම බැංකුවේ රැකියාව කිරීමෙන් අනතුරුව   2008 වසරේ දී එහි වත්කම් කළමනාකරණ (ඇසට් මැනේජ්මන්ට්) හි ප්‍රධානියා ලෙස තේරී පත්වූවා ය.

ශෙමාරා වික්‍රමානායක මේ වනවිට මැකෝරි බැංකු සමූහයේ කළමනාකරණ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී තනතුර හොබවයි. ඇය එම තනතුරට පත්වූයේ 2018 වසරේ දී ය.ශෙමාරා වික්‍රමනායක පුතුන් දෙදෙනකුගේ මවක වන අතර ඇයගේ ස්වාමිපුරුෂයා ද හිටපු ආයෝජන බැංකුකරුවකු වේ.  

ෆෝබ්ස් සඟරාව මෙලෙස ලොව බලවත්ම කාන්තාවන් 100 දෙනා නම් කළේ 17 වැනි වරට අතර මෙවරත් එහි මුල්තැන ගැනීමට සමත්ව ඇත්තේ ජර්මානු නායිකා චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් ය. ඇය අඛණ්ඩව එම ස්ථානයට පත්වූ 10 වැනි වසර මෙය වේ.

(ෆෝබ්ස් සඟරාව ඇසුරිනි)

055 



අදහස් (2)

ලෝකයේ බලවත්ම කාන්තාවන් 100 දෙනා අතරට ශෙමාරාත් එක්වෙයි

Teshan Perera Thursday, 10 December 2020 07:50 AM

ඔය සම්භවය කියන එක අපිට පිනා යන්න දෙයක් නෙමෙයි... ඇත්ත කතාව නම්, ඒ මිනිස්සු මේ රට අතඇරලා ගිහින් තියෙන්නේ. මේ රටේ හිටියනම් ඔය වගේ තැනකට එන්න බැරි බව දන්නවනේ... අපි දුක් වෙන්නයි ඕනේ....

:       0       35

lakvidu Friday, 11 December 2020 05:20 PM

එතකොට ධම්මික මහත්තයාගේ අරිෂ්ඨය බීපු උම්මා නෝනා කෝ?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 653 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 181 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 545 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 136 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1810 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 185 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site