(මහේෂ් කීර්තිරත්න)
විවිධ අධිරාජ්‍යවාදි යුගවලදි බ්‍රිතාන්‍ය ඇතුලු විදෙස් රටවල්වලට රැගෙන ගොස් ඇති, මෙරට හෙළ වෙදකම සහ වෙනත් උරුමයන් පිළිබදව තොරතුරු ඇතුළත් පුස්කොල පොත් ගෙන්වා ගැනීමට කටයුතු සාකච්ඡා කරමින් පවතින බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා පවසයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ග්‍රාමිය ආර්ථිකය නගා සිටුවිමේ ජාතික වැඩසටහනේ මාතලේ දිස්ත්‍රික් සමාජීය යටිතල පහසුකම් සංවර්ධන කමිටු රැස්විමට සහභාගි වෙමිනි.
එම කමිටු රැස්වීම ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ හෝටල් පාසල් ශ්‍රවනාගාරයේදි පැවැත්විණි.
එහිදි ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් කියා සිටියේ මෙම පුස්කොල පොත් රැසක් ලන්ඩන් නුවර කෞතුකාරාගවල ඇති බවත් ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන අපේ රටේ හෙළ වෙදකම ඇතුලු අතීතයේ මුතුන් මිත්තන්ගේ දේශීය ඥානය පිළිබදව ලියා ඇති පුස්කොල පොත් ඉතා වටිනා සම්පතක් බවත් ඒවා ආරක්ෂා කර මතු පරපුරට දායාද කිරිමට කටයුතු කළ යුතු බවය.
මෙහිදි අදහස් දැක්වු දේශිය වෙදකම් ප්‍රවර්ධන,ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධය සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා කියා සිටියේ මෙම පුස්කොල පොත් හෝ ඒවා පිටපත් කර මෙරටට ගෙන්වා ගැනීමට අදාළ කටයුතු මේ වන විටත් සාකච්ඡා කරමින් ඇති බවය. බ්‍රිතාන්‍යයේ ඇති පුස්කොල පොත්වල එක් පිටුවක් ඡායාපිටපත් කිරීම සදහා බ්‍රිතාන්‍ය පවුම් 25ක් අය කරන බවත් කෙසේ හෝ මෙම පුස්කොල පොත් ගෙන්වා ගැනිමට හෝ ආදළ විස්තර ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවත් මෙහිදි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරි සිරිදත් ධම්මික මහතා ඝාතනය කිරිමට ඝාතකයන් පැමිණි බවට සැලකෙන යතුරුපැදි දෙකක් යක්කලමුල්ල තල්ගහව
හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.
වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි
මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද
සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු
අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ලංකාවෙන් ගෙන ගිය පුස්කොළ පොත් යළි ගෙන්වන්න යයි
Ruwan Monday, 16 November 2020 05:19 AM
නිධන් ටිකට පාර දෙන්න හදන්නේ.
Indhika Monday, 16 November 2020 05:26 AM
ගෙනල්ලා චීනාට දෙමු.
eresh S kumara Monday, 16 November 2020 11:35 AM
මේවා විතරක් නෙමේ. තව ගොඩක් දේවල් තියනව ගෙන්න ගන්න...
realman Monday, 16 November 2020 12:56 PM
ඒවගේ නිධන් ගැන සඳහන් වෙලා තියෙනවාද දන්නේ නෑ නේ....