IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


ලක්ෂ පහක ගංජා සමඟ උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු 2ක් අත්අඩංගුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
පොලිස් විශේෂ කාර්ය බලකායේ උප පොලිස් පරීක්ෂකවරයෙකු හා තවත් පුද්ගලයෙකු මෝටර් රථයකින් රුපියල් 500,000කට ආසන්න කේරළ ගංජා තොගයක් රැගෙන යමින් සිටියදී බණ්ඩාරගමදී අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස මෙහෙයුම් ඒකකය කියයි.
 
සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා කිලිනොච්චි හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන බිබිල පදිංචිකරුවකු බවද අනෙක් පුද්ගලයා කුරුණෑගල පදිංචි 36 හැවිරිදි අයෙක් බවද පොලිසිය පවසයි.
 
සැකකරුවන් දෙදෙනා පානදුර හා හොරණ ප්‍රදේශවලට මෙම ගංජා බෙදා හැරීම සඳහා රැගෙන ආ බව පොලිසිය වැඩිදුරටත් කියයි.
 
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා පානදුර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (5)

ලක්ෂ පහක ගංජා සමඟ උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු 2ක් අත්අඩංගුවට

Sapumal Wednesday, 20 February 2019 04:46 AM

"වැටත් නියරත් ගොයම් කා නම් කාට කියමුද ඒ අමාරුව " නියෝජ්‍ය පොලිස්පති ලතීෆ් මහතාණෙනි,එස් ටී එෆ් බලකායේ නම කෙළෙසූ මෙම නිලධාරියාට කිසිදු බුරුලක් නොදී මොහු හා සන්බන්ධ තවත් දේ දැනගෙන මෙවැනි අකටයුතු මර්දනය කරන්න.

:       0       305

Amila Wednesday, 20 February 2019 05:52 AM

ඔය බෙරිහන් දීගෙන මත් කුඩු මත් වතුර නවත්තන්න ඕන කියන අය ඉන්නවා නේද . අනිවා ඔවා ගෙන්වන්නෙත් ඔවුන්මයි. ඒක නිසා දැන් කරන්න ඔන රටේ නායකයාගේ සිට පහලට එනකන් ඔවාට සම්බන්ධ අයව හොයලා හෙලි කරන එක

:       54       39

smn Wednesday, 20 February 2019 06:05 AM

ගංජා අල්ලනවා කුඩු අල්ලනවා කියාගෙන කිලෝ සිය ගණන් අල්ලන මත්ද්‍රව්‍යවලට අම්මප මක්වෙනවද කියන ප්‍රශ්ණෙ අපිට ගොඩාක් කාලෙක ඉඳන් තිබුණා…....ඒව දිගටම සමාජයතුළම සංසරණය වන ක්‍රමවේද තියෙන බවට සැකයකුත් තබුණා.

:       16       27

Raveendra Wednesday, 20 February 2019 08:01 AM

අප විස්වාස කරනවා මේ අයගේ සම්පුර්ණ නම් මෙන්ම ලිපිනයන්ද ප්‍රසිද්ද කිරීමෙන් මෙවන් නීති විරෝදී වැඩවලට නිරත වීමේ ප්‍රවනතාවයක් සුළුවෙන් හෝ අඩුවෙයි යන්න. අප එසේ පවසන්නේ ඒවිට තම තමන්ගේ ඥාතින්ටත් අඹුදරුවන්ට එය අවනම්බුවක් මෙන්ම සමාජය තුල කැත නමක් ගොඩ නැගෙන බැවින්ය. මෙය සෑම හොරෙකුටම අදාළ වියයුතු යන්න අපගේ අදහසයි.

:       0       123

sandy123Wednesday, 20 February 2019 08:52 AM

හොද අදහසක්. නමුත් ක්‍රියාත්මක වෙයිද කියලා තමයි සැක. සල්ලි වලට තම ආත්මයම විකුණන මොවුන්ව ප්‍රසිද්ධියේ තබා රජ කාලේ දඩුවම් දිය යුතුයි. රටකට ගිය කලක්....

:       0       49

ඔබේ අදහස් එවන්න

 

දියත

අක්මීමන වෙඩික්කරුවන්ගේ බවට සැක යතුරු පැදි දෙකක් හමුවේ
2025 මාර්තු මස 13 164 0

බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරි සිරිදත් ධම්මික මහතා ඝාතනය කිරිමට ඝාතකයන් පැමිණි බවට සැලකෙන යතුරුපැදි දෙකක් යක්කලමුල්ල තල්ගහව


රුපියල් 372 හෘද ඖෂධය 72,000ට අරන්?
2025 මාර්තු මස 13 172 0

හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.


වැලිවේරියේ වෙඩි තැබීමක්
2025 මාර්තු මස 13 315 0

වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි


ගෝලයෝ කෘතිම බුද්ධියෙන් ගුරුවරිය නිරුවත් කරලා
2025 මාර්තු මස 13 1026 0

මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද


නැදගමුවේ මහානාම හිමි ඝාතන සැලැස්මේ කත මාට්ටු
2025 මාර්තු මස 13 944 0

සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු


වෛද්‍යවරියකට කරදර කළ රෝහලේ තවත් මඟඩියක්
2025 මාර්තු මස 13 1252 0

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 198 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 456 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 241 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site