(යොහාන් භාසුර සහ ටී.කේ.ජී.කපිල)
රුපියල් ලක්‍ෂ 70 කට අධික වෙළෙපොළ වටිනාකමින් යුත් මත්පෙති සහ කුෂ් ගංජා තොගයක් රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකය කොළඹ ප‍්‍රධාන තැපැල් කාර්යාලයේදී අද (08) පස්වරුවේ අත්අඩංගුවට ගත්බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා මහතා පවසයි.
ඇමරිකාව, එංගලන්තය සහ ජර්මනියේ සිට කොළඹ ප‍්‍රධාන තැපැල් කාර්යාලයේ විදේශ පාර්සල් අංශයට එවන ලද පාර්සල් පහක තිබී රුපියල් ලක්ෂ 40 ක් පමණ වටිනා කුෂ් ගංජා ග‍්‍රෑම් 278 ක් සහ රුපියල් ලක්ෂ 30ක් පමණ වටිනා මෙතම්පෙතටයින් මත්ද්‍රව්‍ය අඩංගු එක්ටසී වර්ගයේ මත්පෙති 400 ක් මෙහිදී සොයාගෙන තිබේ.
අහංගම, වේරහැර, හෝමාගම සහ මහනුවර යන ප‍්‍රදේශවල පුද්ගලයන් පස්දෙනකුට මෙම පාර්සල් එවා තිබේ.
මෙම මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාර බරදීමට නියමිත බව රේගුව පවසයි.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ලක්ෂ හැත්තෑවක මත් පෙති රේගුවේ හිරවේ