IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ලක්‍ෂ 40 ක කහ - එනසාල් ගුවනින් ගෙනල්ලා

(යොහාන් භාසුර සහ ටී.කේ.ජී කපිල)

ඉන්දියාවේ කෙටි සංචාරයන් සඳහා ගොස් නැවත පැමිණි මගීන්ගේ ගමන් මලුවල සඟවා ගෙනආ වියලි කහ, එනසාල් සහ ඖෂධ ඇතුලු රුපියල් ලක්‍ෂ 40 ක පමණ වටිනා ආනයන සීමාවන් පනවා ඇති ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා රේගු කටුනායක ගුවන්තොටුවළ නිලධාරීහූ සමත් වූහ.

ඉන්දියාවේ චෙන්නායි සිට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට ළඟාවූ ගුවන් යානයක මගීන් 29 දෙනකු පරීක්‍ෂා කිරීමේදී වියලි කහ කිලෝ 362 ක්, කහ කුඩු කිලෝ 110 ක්, එනසාල් කිලෝ 352 ක් සහ ඖෂධ විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන රාජසන්තක කළ බවත් ශ්‍රී ලංකා රේගුව මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සහ ගුවන්තොටුපල පැමිණීමේ පර්යන්තයේ රේගු නිලධාරින් එකතුව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළ බවත් රේගුව පවසයි.

ඉන්දියාවේ කෙටි සංචාරයක නිරත වූ බව හගවමින් , කොළඹ ප්‍රදේශයේ පදිංචි සුළු පරිමාණ ව්‍යාපාරිකයන් 30 දෙනකු පමණ මෙසේ ආනයන සීමාවන් පනවා ඇති භාණ්ඩ ගුවන් මගින් රැගෙන එමින් සිටියදී , කටුනායක ගුවන් තොටුපළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ( නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා ප්‍රකාශ කළේය .
මෙම ව්‍යාපාරිකයන් පිරිස නිතර නිතර ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් වල යෙදෙමින් මෙම නීතිවිරෝධී ව්‍යාපාරික කටයුතු වල නිරත වන බව , කාළයක සිට රේගු නිලධාරීන් සිදු කළ විමර්ශන වලදී අනාවරණය කර ගෙන තිබේ .

 



අදහස් (3)

ලක්‍ෂ 40 ක කහ - එනසාල් ගුවනින් ගෙනල්ලා

BRIBE ME YOU CAN DO ANYTHING Friday, 24 September 2021 08:59 AM

කාලයක සිට කරගෙන යනකොට රේගුව ට පෙනුනේ නැතිද ? කිලෝ 300-400 ක් සංචාරකයෙක් ගෙනෙද්දී. අනේ මන්ද. රේගුව කියනවා අපි අහනවා .

:       1       4

saliya Friday, 24 September 2021 09:00 AM

මේවා ගිනි තියෙනකන් නින්ද යන එකක් නැහැ. මේවා තමයි දැවෙන ප්‍රශ්න.

:       1       3

saku Friday, 24 September 2021 10:05 AM

දැන් වත් නීතිය ක්‍රියාත්මක වෙන හොදයි. චෙන්නායි ඉදල එනකොට ලංකාවේ කෙනෙක් කියන්ඩත් ලැජ්ජයි. හරියට පිටකොටුවේ බස් එකේ යනවා වගේ. ගුවන් සේවිකාවනුත් අකමැති ගුවන් ගමනක් තමයි මේ. මේ වගේ බොරුවට රට යන එකත්, ඩොලර් නිකන් නාස්ති කරන ව්‍යාපාරක් තමයි.

:       1       5

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 666 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 185 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 551 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 137 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1834 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 185 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site