IMG-LOGO

2025 මාර්තු මස 12 වන බදාදා


ලක්ෂ 75ක පොල්ලක් තිබ්බැයි ව්‍යාපාරිකයා පැහැර ගනී

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ  සුමිත්   ප්‍රේමතිලක) 

පානදුර හිරණ තැඹිලි උයන  නිවසකට දොරගුලු කඩා  ඇතුළු වූ   නාදුනන  පිරිසක් නිවෙස් හිමි  ව්‍යාපාරිකයාට පහරදී   පැහැරගෙන ගොස් ඇතැයි හිරණ පොලිසිය කියයි. 

නිවසට  කඩාවැදුණු පිරිස නිවසේ තිබූ රූපවාහිනි යන්ත්‍ර දෙකක් සිසිටිවි කැමරා පද්ධතියේ (ඩ් වි ආර්) ගබඩා පද්ධතිය ද රැගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි. 

ව්‍යාපාරිකයා පැහැරගත් දිනම ඔහුගේ මවගේ ජංගම දුරකථනයට  ඇමතුමක් ලබාදී තිබු නාඳුනන පුද්ගලයකු  ඇයගේ පුතු තිස්සමහාරාම ප්‍රදේශයේ  රඳවා ගෙන ඇති බවත්  මුදාහැරීමට රුපියල් ලක්ෂ 50 ක් ලබා දෙන ලෙසත් පවසා තිබූ බව පොලිසිය කියයි. 

පැහැරගත් බව කියන ව්‍යාපාරිකයා තිස්සමහරාම  ප්‍රදේශයට ගොස් ගොවීන්ගෙන් කුළුබඩු මිලදීගෙන ඒවා විකිණීමේ ව්‍යාපාරයක් සිදු කරන අයකු බවත් ඔහු විසින් ලබාගත් මුං ඇට  ඇතුළු කුළුබඩු තොගයක් වෙනුවෙන්  රුපියල් ලක්ෂ 75 ක මුදල ගෙවීම පැහැර හැරීම නිසා  මෙම පැහැර ගැනීම  සිදුකර ඇති  බවත් මූලික  විමර්ශනවලදී අනාවරණ වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.  

ව්‍යාපාරික පැහැර ගැනීමට පැමිණි පිරිස අත්අඩංගුවට  ගැනීම සඳහා  හිරණ පොලිසියට අමතරව විශේෂ පොලිස් කණ්ඩායම්  කීපයක්  යොදවා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. 



අදහස් (4)

ලක්ෂ 75ක පොල්ලක් තිබ්බැයි ව්‍යාපාරිකයා පැහැර ගනී

යෝගා Monday, 20 December 2021 04:54 PM

පොලිසිය හා නීතිය කාර්යක්ෂම නැති වුණාම මිනිස්සු අසරණ වෙනවා. එතකොට තමයි නීතිය අතට ගන්න හිතන්නේ...

:       3       57

ජල්තර Tuesday, 21 December 2021 08:19 AM

යකඩෝ... මුං ඇටෙත් කුළු බඩුවක් වෙලා නොවැ...

:       0       0

janahitha Tuesday, 21 December 2021 09:07 AM

පොල්ලක් මේ තරම් වටිනා බව දැනගත්තේ අදයි... එහෙනම් රත්තරන් එකක් වෙන්න ඕනෑ...

:       0       0

Bunny Preena Tuesday, 21 December 2021 12:03 PM

අපේ රටේ තියෙන්නේ ඇල් මැරිච්ච නීතිනේ... නීති විශාරදයෝ කියන අය වැහිවැහැලා... හැබැයි ඔවුන්ගෙන් එකෙකුටවත් කිසිම වුවමනාවක් නැහැ... එවැනි අඩුපාඩු හරි ගස්සලා වර්තමානයට ගැලපෙන පරිදි යාවත්කාලීන කරන්න. බොරු කයිවාරු විතරයි තියෙන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

දියත

දොස්තරවරියට අතවර කළ සැකකරු අල්ලයි
2025 මාර්තු මස 12 214 0

අනුරාධපුර වෛද්‍යවරිය අතවරයට ලක් කළ සැකකරු මීට සුළු වේලාවකට පෙර ගල්නෑවේ දී අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය පවසයි.


ත්‍රිකෝණමඩුව රක්ෂිතයට ඇතුළු වුණාට ලක්ෂ 27ක දඩයක්
2025 මාර්තු මස 12 989 0

පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයට නීති විරෝධී අන්දමින් ඇතුළු වූයේ යැයි චෝදනා ලැබ සිටි චූදිතයන් හය දෙනකුට එක් අයකුට රුපියල් 4,50,000 හතර බැඟින් චූ


තැනින් තැනට අද තද වැසි
2025 මාර්තු මස 12 224 0

උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


බෙදුම්වාදීහු මගී දුම්රියක් පැහැර ගනිති
2025 මාර්තු මස 12 1680 0

පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.



රිලා - වඳුරු උවදුරට අම්බලන්ගොඩින් විසැදුමක් කියයි
2025 මාර්තු මස 11 2076 0

රිලව් වඳුරන් වැනි වගා හානි කරන සතුන් දූපතකට හෝ ගෙන ගොස් දමා දානය දෙනවා වගේ දිනපතා කෑම දෙන වැඩපිළිවෙළකට යා යුතුව ඇතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති න


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 262 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 202 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site