IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ලංකා ගුරු සේවා සංගමයෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

(සුජිත් හේවාජුලිගේ)

අධ්‍යාපන අමාත්‍යාංශය  අධ්‍යාපන පරිපාලන නිලධාරීන් 54 දෙනකු ශිෂ්‍යත්ව සඳහා  බ්‍රිතාන්‍යයට යැවීමේ වැඩපිළිවෙළ  පිටුපස බරපතළ දූෂණයක් හා වංචාවක් සිදුවී ඇතැයි පවසමින්  ලංකා ගුරු සේවා සංගමයේ  ලේකම් මහින්ද ජයසිංහ මහතා ඇතුළු එහි නියෝජිතයෝ පිරිසක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අද (29) පස්වරුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කළහ.

මේ සම්බන්ධයෙන් වහාම විධිමත්  පරීක්ෂණයක් අරඹන්නැයිද එම නියෝජිතයෝ  අල්ලස් කොමිසමේ ප්‍රධානීන්ගෙන් එහිදී ඉල්ලා සිටියහ.

අල්ලස් කොමිසමට එම  පැමිණිල්ල ඉදිරිපත්  කිරීමෙන් පසු එම කොමිසම ඉදිරිපිටදී මාධ්‍යයට අදහස් දැක්වූ  මහින්ද ජයසිංහ මහතා මෙසේ පැවැසීය.

"අධ්‍යාපන අමාත්‍යාංශය  අධ්‍යාපන පරිපාලන නිලධාරීන්  54 දෙනකුට  ශිෂ්‍යත්ව ලබාදී බ්‍රිතාන්‍යයට යැවීමට කටයුතු කරගෙන යන බවට තොරතුරු ලැබී තිබෙනවා. මේ එක් අයකු වෙනුවෙන් ලක්ෂ 80ක් වියදම් කිරීමට සූදානම් වන බවත්  ආරංචියි. ඒ අනුව 54 දෙනාට කෝටි හතළිස් තුනකට  වැඩි මුදලක් වැය කිරීමට සූදානම් වෙලා ඉන්නවා. මේ විදෙස් ශිෂ්‍යත්ව ලබාදීම පිටුපස තිබෙන්නේ සම්පූර්ණයෙන්ම දූෂණයක්.ප්‍රසම්පාදන ක්‍රියාවලිය  මෙතනදී නිසි ලෙස අනුගමනය කරල නැහැ. මේක ප්‍රසම්පාදන කමිටුවෙන් දෙවතාවක් ප්‍රතික්ෂේප කරපු යෝජනාවක්.

මේ යවන්න හදන පනස් හතර දෙනා අතරවිවිධ ගැටලු  තියෙන අය ඉන්නවා. සේවාවන් පහක් තියෙද්දි  එක සේවාවකින් පමණක් මෙලෙස පුද්ගලයන්  තෝරා ගැනීම ගැටළු සහගතයි. මේ සඳහා නිලධාරින් අතලොස්සක්  තෝරාගෙන ඇත්තේ  අවිධිමත් ලෙසයි. මහාචාර්ය ජී එල් පීරිස් ඩලස් අලහප්පෙරුම  හිටපු අධ්‍යාපන  ඇමැතිවරුන් පවා  මේ වැඩපිළිවෙළ ප්‍රතික්ෂේප  කරලා තිබුණා. එහෙම  ප්‍රතික්ෂේප කරපු වැඩසටහනක් යළි ක්‍රියාත්මක කිරීමට සූදානම් වෙලා ඉන්නවා. ලෝක ආධාරවලට මුවා වෙලා  තමන්ට අවශ්‍ය කණ්ඩායමක්  මෙලෙස ශිෂ්‍යත්ව සඳහා යැවීම බරපතළ අසාධාරණයක්.

මෙතැන ළබැඳියාවන්  අතර ගැටුමක් තියෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය අමාත්‍යාංශයේ සමහර නිලධාරීන්ගේ පෞද්ගලික හිතෛෂීන්  මෙසේ විදේශගත කිරීමට උත්සහ දරනවා.වහාම මෙම වැඩපිළිවෙල අත්හිටුවන්න ඕන. ප්‍රසම්පාදන ක්‍රියාවලියට යන්නේ නැතුව හතර දෙනකුට  වීසාවලට දැනටමත්  මුදල් ගෙවලා තියෙනවා. ලේකම්වරයා ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීමට නියෝග කර ඇත්තේ එසේ මුදල් ගෙව්වට පස්සෙයි. මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් කරන ලෙස අප අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටියා.

(ඡායාරූප: ශාන්ත රත්නායක)



අදහස් (0)

ලංකා ගුරු සේවා සංගමයෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 610 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 172 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 498 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 122 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1730 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 183 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site