(යොහාන් භාසුර)
ලිට්‍රෝ ගෑස් සමාගම සපයන එල්.පී. ගෑස් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් බව සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ජාතික එල්.පී. ගෑස් සැපයුම්කරු ලෙස සමස්ත වෙළෙන්දපොළ ඉල්ලුමෙන් සියයට 75 කට වඩා වැඩි කොටසක් සපයන ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම ආනයනය කරන එල්.පී. ගෑස්වල සංයෝගය වන ප්‍රොපේන් සහ බියුටේන් ජාත්‍යන්තර සම්මිශ්‍රණයට අනුව ආනයනය කරන බවත් ජාත්‍යන්තර වෙළෙදපොළෙන් ගෑස් නැව්ගතකරන අවස්ථාවේ මෙන්ම ඒවා කෙරවලපිටියේදී ගොඩබාන අවස්ථාවේදී යන අවස්ථා දෙකේදීම ඒවායේ සංයුතිය පරික්ෂා කර සහතික කරන බවත් ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ පුෂ්පකුමාර එදිරිසිංහ මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ ගොඩබෑමෙන් පසු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට සහ දැඩි ආරක්ෂිත ප්‍රමිතීන් යටතේ ඒවා ප්‍රමිතියෙන් උසස් සිලින්ඩර්වලට පුරවන බව පවසන ලිට්‍රෝ ගෑස් සමාගම එහිදී ජාත්‍යන්තර මිශ්‍රණය සඳහා කිසිඳු එකතුකිරීමක් මෙරටදී නොකරන බව ද අවධාරණ්‍ය කරයි.
ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම ආනයනය කරන ගෑස් සඳහා තත්ත්ව පරීක්ෂණ සහතික ඨෑධ-ක්‍්‍යෑඵ ඛ්බන් :ඡඩඑ* ඛඑා යන ස්වාධීන ආයතනය ලබාදෙන බව කී එම සමාගම ජාත්‍යන්තරව පිළිගනු ලබන එම ආයතනය ටෙන්ඩර් පටිපාටිය යටතේ ගෑස් මිලදී ගන්නා විට ප්‍රමිති සහතික සඳහා කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද ජාත්‍යන්තර ආයතනයක් මෙන්ම පසු ගිය වසර 5 කට වැඩි කාලයක සිට ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම එම ප්‍රමිතීන් අනුගමනය කරන බව ද වැඩි දුරටත් සඳහන් කරයි.
මොරටුව, පේරාදෙණිය, බෞද්ධ හා පාලි, සඛරගමුව, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන විශ්ව විද්‍යාල වල අතරමග නවත්වනු ලැබ ඇති ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට කැබිනට්
‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
‘ලිට්රෝ ගෑස් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතුයි‘
යෝගා Wednesday, 01 December 2021 05:41 PM
එහෙනම් ලීක් වෙලා පුපුරන්නේ ඇයි?
senaWednesday, 01 December 2021 06:42 PM
කතාව හරි... මිශ්‍ර කරන්නේ ලංකාවට ගෙනාවට පස්සේ වෙන්න ඇති.
ravin Wednesday, 01 December 2021 05:57 PM
නැතුව...! නැතුව...! මෙහෙ ඉන්නේ ජාත්‍යන්තර කොමිස්කාරයෝ. ගාන එනවා නම් ඕනෙම දෙයක් ජාත්‍යන්තරයි.
Nuwan Wednesday, 01 December 2021 06:06 PM
ලෝක සහතික නමුත් ලංකාවට ප්‍රායෝගිකව හරියන්නේ නැහැ
චන්දන Wednesday, 01 December 2021 06:09 PM
සමහර රටවල 100%ම ගන්නේ ප්‍රොපේන්. හැබැයි ඒ රටවල අනෙකුත් උපකරණත් ඊට ඔරොත්තු දෙන විදියට හදලා. නමුත් ලංකාවේ ගෑස් සංයුතිය වෙනස් කළත් ඒවාට සරිලන උපකරණ නැහැ. ප්‍රශ්නය එතැනයි...
පාරිභොගිකයා Wednesday, 01 December 2021 06:12 PM
පසුගිය කාලයේ ගෑස් හිඟය එන්න කලින් නම් මේ සමාගමේ ගෑස් නිසි ප්‍රමිතියට තිබුණා කීවට කමක් නෑ. නමුත් අලුතෙන් නිකුත් කරපු තොගවල නම් අනිවාර්යයෙන් යම් ප්‍රශ්නයක් තිබිය යුතුයි. මෙච්චර අනතුරු කලින් වුනේ නෑ.. මේවාට මුහුණපාපු කිසි කෙනෙක් පළමු වතාවට ගෑස් පාවිච්චි කළා නෙවෙයිනේ...
නිමල් Wednesday, 01 December 2021 06:49 PM
හොරාගේ අම්මා බලෙන් පේන කියනවා.
චමින්ද ජයනාත් ජයසූරිය Wednesday, 01 December 2021 06:51 PM
ඇඟට පතට නොදැනී බොරු කියන හැටි විතරක්... වෙන රටක එහෙමනම් මෙහෙම දෙයක් වුනොත් සමාගම විතරක් නෙමේ රජයත් ගෙදර ගිහින්.. මිනිස්සු ගොන්නු කියලා හිතාගෙනද මහත්මයා මෙහෙම බොරු කියන්නේ.. ලැජ්ජයි.. වැරැද්දක් කළා නම් අඩුම ගානේ ඒක පිළිගන්නවත් ශිෂ්ඨ සම්පන්න වෙන්න. ඔයාලා මේ සෙල්ලම් කරන්නේ මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක බව මතක තියාගන්න... කව්රු දඬුවම් නොකළත් ස්වභාවදහම මේවාට දවසක දඬුවම් කරන බව මතක තියාගන්න.. එදාට ඔයාලාව බේරාගන්න කවුරුවත් නෑ..
ජනතාව Wednesday, 01 December 2021 06:53 PM
ඕවා කියලා ඵලක් නැහැ. ගෑස් ටැංකි පුපුරන එක අවම වුණත් නව සංයුතිය රටේ නිෂ්පාදනය වන උඳුන්වලට සහ වෙළඳ පලේ ඇති බටවලට දැන් ඔරොත්තු දෙන්නේ නැති බව ඔප්පු වී හමාරයි. අත්හදා බලන්න කළ බවත් කෙනෙක් එක්තරා මාධ්‍යයට කියා තිබුණා. මෙයින් සිදුවූ ජීවිත හා දේපළ හානියට අදාල සමාගම් වන්දි ගෙවිය යුතුයි. ආ.. අමතක වුණා. මේ ලංකාවනේ... ලංකාවේ ලොකු තැන්වල අයගේ ජීවිත මිසක් සාමාන්‍ය අයගේ ජීවිතවලට සහ දේපලවලට වගවෙන සිරිතක් දැන් ඇත්තේම නැහැනේ. අනෙක උපාධි තනතුරු කරපින්නා ගත් වගවීම යන ශීලාචාරකම නැතුව වියතුන් කියන ඔක්කොම බොරු පිළිගැනීමට බලාසිටින මේ රටේ හරක් බහුල බවයි හැමෝම හිතන් ඉන්නේ...
Lalith M Wednesday, 01 December 2021 07:01 PM
කොච්චර බොරු කිව්වත් මෙතෙක් කල් සිදු නොවූ අනතුරු සිදුවෙන එක වළක්වන්න බැරි නම් ආයතනයේ බලධාරීන්ට අස්වෙලා යන එක සහ ජීවිත අනතුරේ හෙලීමට දඬුවම් විඳීමට සිදුවිය යුතුයි. මෙය රාජ්‍ය ආයතනයක් නිසා අදාල අමාත්‍යාංශයද වගකියන්න ඕනෑ...
මෝ Thursday, 02 December 2021 02:12 AM
හොරා කවද්ද හොරකම් කළා කියලා කිව්වේ. ආණ්ඩුවෙු පින්ගුත්තරයින්ගෙන් එකෙකුටවත් මොලයක් නැද්ද ඔය කොම්පැනිය ඇතුළට ගිහින් ඔය හාල්පාරුවන් කරන්නේ මොනවාද කියලා හොයලා බලන්න...
සලීම් Thursday, 02 December 2021 07:09 AM
මේ ගෑස් සමාගම සම්පුර්ණයෙන් ගෑස් පිපිරීමට වගකිව යුතුයි. අපි tv නිවුස් වල කීපපාරක් දැක්කා මේ ගොල්ලෝ ගෑස් සංයුතිය වෙනස් කරලා වෙළද පොලට ගෑස් ටැංකි විශාල තොග ගණන් දාලා තියෙනවා. මේ ගෑස් සංයුතිය වෙනස් වීමෙන් පුපුරන බව රටේ ඕන මෝඩයෙක් දැන් දන්නවා. අද ලංකාවේ නිවෙස්වල සෑම ගෘහණියක්ම මරණ බයෙන් ගෑස් උඳුන පත්තු කරන්නේ. මේක මහා අපරාධයක් සහ රජයේ මෝඩ ඇමතියන් කියන ගොන් කතා අහලා දැන් ජනතාවට කරකියා ගන්න දෙයක් නැතුව ඉන්නේ. අපි ඉතිහාසයේ දැකලා නැහැ මෙහෙම රටේ මෝඩ පාලනයක්...
naleen Thursday, 02 December 2021 08:58 AM
ප්‍රමිතිය නම් පේනවා හොදට
Perera Thursday, 02 December 2021 09:05 AM
ඔව් ඔව් නියම ප්‍රමිතියට පුපුරණවා
ගාමිණී Friday, 03 December 2021 11:59 AM
ප්‍රමිතිය පිළිබඳව පාරිභෝගික ජනතාවට දැන් පැහැදිලි අවබෝධයක් ඇති බැවින් ඒ ගැන කතා නොකර ප්‍රශ්නයට හේතුව සහ එයට ඇති විසඳුම ගැන කතා කරා නම් හොඳයි කියලා හිතෙනවා. ලිට්රෝ සමාගම කියන ආකාරයට ලංකාවේ සියලුම ගෙවල්වල ලිප සහ අනෙකුත් උපකරණ එකම දිනක අබාධිත තත්වයට පත් වුණාද? ලංකාව පුරාම මේ තරම් අනතුරු සිදුවන්න. ලිට්රෝ හිතන විදියට මෙය භූත දෝෂයක් වෙන්න පුළුවන්...!!!