(තිලකරත්න දිසානායක)
ලාදුරු රෝගය යළිත් ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බැවින් ජනතාව මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතුව බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.
දිවයින පුරා වසරකට ලාදුරු රෝගීන් 1700 - 2000 අතර පමණ හමුවන බවත් මින් වැඩිම පිරිසක් බස්නාහිර පළාත තුළ සිටින බවට හඳුනාගෙන ඇති බව ගම්පහ දිස්ත්‍රික් වසංගත රෝග වේදඥ ක්‍රිශාන්ත සමරවීර මහතා පැවසීය.
ජනගහනය අධික ප්‍රදේශවලින් රෝගීන් හමුවීම සිදුවන බව හඳුනාගෙන තිබේ.
මේ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 16 අනුව මෙම වසරේදී 54 ක් වන රෝගීන් වැඩිම පිරිසක් මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් ද, වත්තල කොට්ඨාසයෙන් රෝගීන් 29 ක්, කටාන රෝගීන් 23 ක්, ජාඇල රෝගීන් 21 ක්, කැලණිය 21 ක්, දිවුලපිටිය 14 ක් සහ ගම්පහ කොට්ඨාසයෙන් රෝගීන් 9 දෙනෙකු ද සෙසු කොට්ඨාස 9 හි සුළු වශයෙන් රෝගීන් සිටින බව වෛද්‍ය සමරවීර මහතා කීය.
2018 වසරේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් හමුව ඇති ප්‍රතිකාර ලබන ලාදුරු රෝගීන් අතරින් ළමයින් 27 දෙනෙකු සහ කාන්තාවන් 79 කු ඇතුළු රෝගීන් 223 දෙනෙකු වන බව වෛද්‍යවරයා පැවසීය.
ලාදුරු රෝගය ස්වසන මාර්ගයෙන් බෝවන බව පැහැදිලි කළ වෛද්‍යවරයා යම් පවුලක අයෙකු හට රෝග ලක්ෂණ පවතින බවට හඳුනාගත හොත් එම පවුලෙහි සැවොම පරීක්ෂාවකට භාජනය කෙරෙන බවත් සමාජයේ 90% ක් පිරිසකට ලාදුරු රෝගයෙන් වැළකී සිටීමේ ස්වභාවික ප්‍රතිශක්තිකරණයක් පවතී.
මෙම රෝගය බෝවීමක් වුවද පැතිරීම විශාල වශයෙන් සිදු නොවන බවත් කුඩා දරුවන් සහ වයස්ගත අයට මෙන්ම ක්ෂය රෝග තත්ත්වයෙන් පසුවන අයට බෝවීම වැඩියෙන් සිදු විය හැකි බවද කීය.
සමෙහි සංවේදනය නොමැති ලප කැළැල් තැනින් තැන ඇතොත් වහාම චර්ම රෝග පිළිබඳ වෛද්‍යවරයෙකු හෝ රජයේ රෝහලකින් පමණක් ප්‍රතිකාර ලබාගැනීමට යොමු විය යුතු වේ.
කිසියම් අයකුගේ සිරුරෙහි එවැනි ලප කැළැල් පහකට වඩා අඩු නම් මාස හයක කාලයක් තුළද , ලප කැළැල් පහකට වඩා වැඩි නම් මාස 12 ක කාලයක් ද නිසියාකාරව ප්‍රතිකාර ගැනීමෙන් රෝගය නිට්ටාවටම සුවකර ගැනීමේ හැකියාව පවතින බව වෛද්‍ය සමරවීර මහතා කීවේය.
ලාදුරු රෝගය නිට්ටාවටම සුවකළ හැකි බැවින් සැකසහිත රෝග ලක්ෂණ ඇති වුවහොත් වහාම ප්‍රතිකාර සඳහා යොමු වියයුතු බවත් නියමිත කාලය තුළ වෛද්‍ය උපදෙස් පරිදි ප්‍රතිකාර ලැබිය යුතු බවත් රෝගීන් සමාජයෙන් වෙන් කර තැබීමකින් තොරව ප්‍රතිකාර කළ හැකිය.
මෙම රෝගය සම්බන්ධයෙන් අනිසි බියක් ඇතිකර නොගත යුතු බවද වැඩිදුරටත් කීය.
ලාදුරු රෝගීන් සිටින බවට වාර්තාවන ප්‍රදේශ ආශ්‍රිතව රෝගීන් වේදැයි හදුනාගැනීමට චර්ම රෝග ජංගම සායන පැවැත්වීමට ද අදාළ සෞඛ්‍ය අංශය මගින් පියවර ගෙන තිබේ.
‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ලාදුරු යළිත් පැතිර යාමේ අවදානමක්