IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


ලන්ච්ෂීට් තහනමට සුපිරි වෙළඳසැල් සහය

(ඩයනා උදයංගනී)

කෑම එතීම සඳහා භාවිතා කරන දිරාපත් නොවන පොලිතීන් (ලන්ච් ෂීට්) නිෂ්පාදනය හා බෙදාහැරීම ලබන 1 වැනිදා සිට තහනම් කිරීමට රජය ගෙන ඇති තීරණයට සහය දැක්වීමට මෙරට සුපිරි වෙළෙඳසැල් ජාලයේ සියලු නියෝජිතයන් එකඟතාව පළ කර ඇත.

මේ සම්බන්ධ සාකච්ඡාවක් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ මෙරට දැනට ක්‍රියාත්මක සියලු සුපිරි වෙළෙඳසැල්වල නියෝජිතයන් අතර පරිසර අමාත්‍යාංශයේ දී පැවති අතර එහිදී මෙම එකඟතාව පළ වී ඇත. දිරාපත් වන ලන්ච්ෂීට් අලෙවිය රට වෙනුවෙන් කරන සේවාවක් බැවින් ලාභය නොසලකා ඊට සහයෝගය දෙන්නැයි අමාත්‍යවරයා සුපිරි වෙළෙඳසැල් නියෝජිතයින්ගෙන් ඉල්ලීමක් කළ අවස්ථාවේ ඔවුහු ඊට එකඟතාව පළ කළ බව පරිසර අමාත්‍යාංශය පවසයි.

2017 දී පොලිතීන්වලින් නිෂ්පාදිත නොදිරණ ලන්ච්ෂීට් තහනම සම්බන්ධව ගැසට් නිවේදනයක් පළ කර තිබුණත් එම තහනම මෙතෙක් විධිමත් ලෙස ක්‍රියාත්මක වී නැතැයි ද මහින්ද අමරවීර මහතා පැවසීය. නොදිරන ලන්ච්ෂීට් තහනම ලබන 1 වැනිදා සිට අනිවාර්යයෙන් ක්‍රියාත්මක බව කී ඇමතිවරයා ජනතාවට ඒ වෙනුවෙන් විකල්ප හඳුන්වා දීමට පියවර ගෙන ඇතැයි ද සඳහන් කළේය.

 



අදහස් (4)

ලන්ච්ෂීට් තහනමට සුපිරි වෙළඳසැල් සහය

Sri Lanka Wednesday, 28 July 2021 10:53 PM

කෑම පාර්සලයකට වඩා ගණන් ටේක් අවේ බෑග්ස්... කොළ ඇතුළු අනිකුත් දේවල්, ඉතින් කොහොමද කෑම විකුණන්නේ..?

:       0       0

Hema Wednesday, 28 July 2021 11:25 PM

ලන්ච් ශීට් වෙනුවට.. නෙළුම් කොළ, කෙසෙල් කොළ, කැන්ද කොළ, හල්මිල්ල කොළ භාවිතා කළ හැකියි..

:       0       0

Raveendra Thursday, 29 July 2021 06:54 AM

ඊට කලින් එයාලගේ පොලිතීන් ටික නවත්තල දා ගන්නවා නම් ලොකුම උදව්වක්..

:       0       0

Nihal Thursday, 29 July 2021 01:04 PM

ප්ලාස්ටික් බෝතල් ,ශොපින් බෑග් තහනම් කල යුතුයි .කානු අවහිර වෙලා මදුරු කීට පොල් කුඩු වගේ ලක්ෂ ගණනින්

:       0       34

ඔබේ අදහස් එවන්න

 

දියත

අක්මීමන වෙඩික්කරුවන්ගේ බවට සැක යතුරු පැදි දෙකක් හමුවේ
2025 මාර්තු මස 13 426 0

බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරි සිරිදත් ධම්මික මහතා ඝාතනය කිරිමට ඝාතකයන් පැමිණි බවට සැලකෙන යතුරුපැදි දෙකක් යක්කලමුල්ල තල්ගහව


රුපියල් 372 හෘද ඖෂධය 72,000ට අරන්?
2025 මාර්තු මස 13 309 0

හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.


වැලිවේරියේ වෙඩි තැබීමක්
2025 මාර්තු මස 13 482 0

වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි


ගෝලයෝ කෘතිම බුද්ධියෙන් ගුරුවරිය නිරුවත් කරලා
2025 මාර්තු මස 13 1443 0

මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද


නැදගමුවේ මහානාම හිමි ඝාතන සැලැස්මේ කත මාට්ටු
2025 මාර්තු මස 13 1151 0

සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු


වෛද්‍යවරියකට කරදර කළ රෝහලේ තවත් මඟඩියක්
2025 මාර්තු මස 13 1580 0

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 200 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 466 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 242 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site