IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


වික්ටෝරියා ජලාශය ආශ්‍රිත හුණුගල් කැඩීම නවත්වන්න

(විනීතා එම් ගමගේ)


වික්ටෝරියා ජලාශයට මැදිව ඇති අර්ධ දූපත්වල මහා පරිමාණයෙන් සිදුකෙරෙන හුණුගල් කැඩීමේ ව්‍යාපෘති තාවකාලිකව හෝ වහා නැවැත්විය යුතු යැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ ගර්භ විද්‍යා මහචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි.


දිගන ඇතුළුව  වික්ටෝරියා ජලාශය ආසන්න ප්‍රදේශවලින් විටින් විට වාර්තා වූ සුළු භූ කම්පනවලට ද මෙම හුණුගල් කැඩීම් හේතු වූවා යැයි සිතිය හැකි බැවින් එකී භූ කම්පන ගැන පර්යේෂණ ආරම්භ කිරීමට පෙර හුණුගල් කැඩීම නැවැත්විය යුතු යැයි ලංකාදීප කළ විමසීමක දී අදහස් දක්වමින් මහාචාර්ය සේනාරත්න මහතා කීය.


ජලාශයට මැදිවූ කඳුවල හුණුගල් කැඩීම යන්ත්‍ර සූත්‍ර ආධාරයෙන් සිදුකරන බවත් මෙම ව්‍යාපාර මහා පරිමාණ මට්මටමින් සිදුවන බවත් කී සේනාරත්න මහතා මෙකී කැණීම් ජලාශයට හානි සිදුකරන බව ද පෙන්වා දුන්නේය.


වික්ටෝරියා ජලාශය ඉදිකර ඇත්තේ රික්ටර් මාපක 3.5 දක්වා වන භූ කම්පනයන්ට ඔරොත්තු දෙන පරිදි යැයි ද මෙතෙක් සිදුවූ සුළු කම්පන රික්ටර් මාපක 2 ට අඩු ඒවා බැවින් ජලාශයට හානියක් නැති බව සැබෑ නමුත් 3.5 ට වැඩි භූ කම්පනයක් සිදුනොවෙතැයි සහතිකයක් කිසි සේත්ම දිය නොහැකි යැයි ද හෙතෙම සඳහන් කළේය.


කෙසේ වෙතත් මේ භූ කම්පන සම්බන්ධ පරික්ෂණ සිදුකරන කණ්ඩායම් එකී පරික්ෂණ සිදුකළ යුත්තේ මෙම මහා පරිමාණ හුණුගල් කැඩීමේ ව්‍යාපෘති නතර කිරීමෙන් පසුව යැයි ද ඔහු කියා සිටියේය.



අදහස් (1)

වික්ටෝරියා ජලාශය ආශ්‍රිත හුණුගල් කැඩීම නවත්වන්න

ranjith Friday, 11 December 2020 12:43 AM

පරිසර විනාශය සොයා බලන්න රජයේ ආයතන බරගාණක් තියෙනවා. ඒවා ජනතාව සූරා කනවා විතරයි. අන්තිමට රටම අනතුරෙ ... කවුද මෙවට වගකියන්නේ?

:       1       9

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 650 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 180 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 541 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 136 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1806 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 185 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site