නව කොරෝනා වයිරස වසංගතය පැතිර යෑමට පටන් ගැනීමෙන් පසු ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වූ නරකම දිනය ලෙස අද (30) දිනය සටහන් විය.
ඕස්ට්‍රේලියාවේ දෙවැනියට වැඩිම ජනගහනයක් වෙසෙන වික්ටෝරියා ප්‍රාන්තයෙන් අද දිනයේදී නව කොරෝනා වයිරස ආසාදිතයන් 700 ඉක්මවා වාර්තා වූ අතර වයිරස ආසාදිත මරණ 13ක් වාර්තා විය.
මීට පෙර ඔස්ට්‍රේලියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන 518ක් ලෙස දැක්විණි.
කෙසේ නමුත් වික්ටෝරියා ප්‍රාන්තයේ ඇති වී තිබෙන වයිරසයේ දෙවැනි රැල්ලත් වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථානවල වයිරසය පැතිරෙමින් තිබීමත් නිසා දිනපතා වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන වැඩිවෙමින් තිබේ. මේ හේතුවෙන් වික්ටෝරියා ප්‍රාන්ත බලධාරීන්ට ප්‍රාන්තයේ අගනුවර වන මෙල්බර්න් නුවරට අගුළු දැමීමටත් අනෙකුත් ප්‍රාන්ත සමඟ තිබෙන සීමා වසා දැමීමටත් සිදුවිය.
“මම මේ සංඛ්‍යා ගැන දැඩි විමසිල්ලෙන් පසුවෙනවා. පෞද්ගලික අංශයට අයත් වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථානවලින් වයිරස ආසාදිතයන් වැඩි වැඩියෙන් හඳුනාගැනීමට ලැබීම ගැන පුදුම වෙන්න දෙයක් නැහැ” යැයි වික්ටෝරියා ප්‍රාන්ත ආණ්ඩුවේ ප්‍රධානී ඩැනියෙල් ඇන්ඩෲස් මෙල්බර්න් නුවරදී මාධ්‍යවේදීන් අමතමින් කීය.
අසනීප තත්ත්වයේ පසුවන බොහෝ පිරිසක් රැකියාවලට යන බවත් පරීක්ෂණවලට යොමු වන පිරිස් ද ඒවායේ ප්‍රතිඵල ලැබීමට පෙර රැකියා හෝ ඔවුන්ගේ රාජකාරීවලට හෝ යොමුවන බවත් හෙතෙම කීය.
වයිරස ආසාදිතයන් වැඩිවීමත් සමඟ සමාජ දුරස්ථභාවයට අදාළ නීති හා සීමා දීර්ඝ කිරීමට ද වික්ටෝරියානු ප්‍රාන්ත බලධාරීන් පියවර ගෙන ඇත. එමෙන්ම වික්ටෝරියා ප්‍රාන්තයේ දකණු දෙස ජීවත්වන පිරිසට සිය නිවෙස්වලට අමුත්තන් ගෙන්වා ගැනීම ද අද සිට තහනම් වේ.
එමෙන්ම ප්‍රාන්තයේ සියලු දෙනාම නිවසින් බැහැරට යෑමේදී අනිවාර්යයෙන් මුඛ ආවරණ පැළැඳිය යුතු අතර ඉරිදා සිට එම නීතිය ක්‍රියාත්මක වේ.
රොයිටර්
055
රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම
ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග
ජනාධිපති කාර්යාලයේ අඳුරු කාමරයක සිරගත වූ බට ලන්ද අද හිරු එළිය දුටු බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කරමින් පැවස
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
වික්ටෝරියා ප්‍රාන්තයේ තත්ත්වය නරක අතට
Rohana Thursday, 30 July 2020 08:10 AM
ඉක්මණින් වයිරසය තුරන්වී සැමට නිරෝගි සුවය ලැබේවා !!!
kavinda Saturday, 01 August 2020 03:02 PM
සමීක්ෂණ වාර්තා අනුව 4 වන ස්ථානයේ හිටිය රට තමයි ඔය...ලංකාව හිටියේ 10වැනි ස්ථානයේ..