IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


විකිණිමට සැකසූ කුණු ලූනූ තොගයක් දඹුල්ලෙන් හසු වෙයි

(කාංචන කුමාර ආරියදාස)
 
කොළඹ වරායෙන් ඉවත් කරන ලද  මිනිස් පරිභෝජනයට නුසුදුසු නරක් වූ විදේශීය රටවලින් ගෙන්වූ ලොකු ලූනූ කිලෝ 25,000ක් පමණ ප්‍රමාණයක් දඹුල්ල නිකවටවන ප්‍රදේශයේ වී මෝලක දමා හොඳ ලූනු වලට කලවම් කිරීමේ වැඩපිළිවෙලක්  දඹුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වරයා ඇතුළු මහජන සෞඛ්‍යය පරීක්ෂක කණ්ඩායමක් සොයා ගත්තේය.
 
කොරෝනා වසංගත සමයේ 11 දින රට විවෘත කරද්දි මේ ලුනූ තොගය නැවත වෙළදපලට යැවීමට සැලසුම් කර තිබු බව මහජන සෞඛ්‍යය පරීක්ෂක කණ්ඩායම පවසති .
 
කාන්තාවන් 50 ක් පමණ යොදාගෙන මෙම ස්ථානයේ නරක් වූ ලූනු සුද්ද කර හොඳ ලූනු වලට කලවම් කොට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට යවා අලෙවි කරන බවට දඹුල්ල මහ ජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට තොරතුරු ලැබී තිබිණි.
 
ඒ අනුව දඹුල්ල නිකවටවන  ප්‍රදේශයේ පිහිටි අතහැර දමා තිබු මෙම වී මෝල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා නිලධාරී වෛද්‍ය ජයනාත් ජයසුන්දර මහතා ප්‍රමුඛ මහජන සෞඛ්‍ය පරීක්ෂක කණ්ඩායම පරීක්ෂාවට ලක් කිරීමේ දී දැඩි දුර්ගන්ධ සහිත මෙම ලූණු තොගය සොයාගෙන තිබේ.
 
ඉන්දියාවෙන් සහ වෙනත් රටවලින් ගෙනා ලූනූ තොග මෙහි තිබී ඇත. ඉන්දියාවෙන් ගෙන්වූ ලූණු තොගය නරක් වූ ඒවා බවත්  අනිත් රටවල් වලින් ගෙන්වූ ලුණු  සමඟ කලවම්කර නැවත ඇසුරුම් කිරීම මෙහි සිදුකෙරෙන බව ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූයේ යැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති.
 
මෙම ලොකුළුණු ගෙන්වූයේ කවුරුන්ද කවදාද මෙරටට ගෙන්වීමේදී අවශ්‍ය ලියකියවිලි තිබේදැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම ව්‍යාපාරිකයාගෙන් විමසීමේදී කිසිවක් ඔප්පු කර ගැනීමට නොහැකි වූ බව වෛද්‍ය ජයනාත් ජයසුන්දර මහතා පැවසීය.
 
දඹුල්ල ප්‍රදේශයේ දිගින් දිගටම මෙම ජාවාරමක් ලෙස ලූනු සහ අර්තාපල් අල නරක් වූ ඒවා හොද ඒවා ලෙස කලවම් කොට අලෙවි කිරීම සිදු කෙරෙන නිසා දිරියේදී මීට වඩා දැඩි නීතිරීති පැනවීමට අවශ්‍ය බව හෙතෙම සඳහන් කළේය.
 
වහාම මෙම ආහාරයට නුසුදුසු ලොකු ලූණු සියල්ල භූමිතෙල් දමා  වළ දැමීමට එකගතාවය පළ කෙරිණි.
 
 ඒ අනුව අද 09 දින පෙරවරුවේ  වෙනත් ප්‍රදේශයකට රැගෙන ගොස් මේවා විනාශ කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති.



අදහස් (7)

විකිණිමට සැකසූ කුණු ලූනූ තොගයක් දඹුල්ලෙන් හසු වෙයි

rana Saturday, 09 May 2020 05:00 AM

පරිභෝජනයට නුසුදුසු ආහාර වරායෙන් විනාශ නොකර පිටවන්නේ කෙසේද?

:       0       0

අනුර Saturday, 09 May 2020 06:29 AM

වරායෙන් ඉවත්කළ ලොකු ළුෑණු විනාශ නොකර දඹුල්ලට ගියේ කොහොමද? වැරදිකරුවන් සොයා දඞුවම් කළ යුතුයි.

:       0       0

Jayasekara Saturday, 09 May 2020 09:32 AM

ඔය ලූනු නිකන් විසි කරන්න එපා. හිටවන්න බීජ විදියට පාවිච්චි කරන්න. අඩු ගානේ කොල හරි ගන්න පුළුවන් නේ.

:       0       7

කල්පනාSunday, 10 May 2020 01:00 AM

ජයසේකර මහතාගේ අදහස ක්‍රියාත්මක වෙනවානම් රටටම යහපතක්.

:       0       0

rocky Saturday, 09 May 2020 10:12 AM

මුදලාලියාට සහ උගේ පවුලේ උන්ට මේ කුණු ලුණු තොගයම කැවීම සුදුසුය. ඕකා මනුස්සකම බාල්දු කරන තිරිසනෙකු ලෙස නම් කර ඒ වෙනුවෙන් උපහාර උත්සවයක් පවත්වමු.

:       0       5

Helen Sunday, 10 May 2020 04:30 AM

රොකීගේ අදහස් නරකම නැහැ. අර මර්ලින් ඉංග්‍රීසි මාළා නාටකයේ මෙන් සිටවා සිරස්ව තබා හිස සහ අත් දඬුකඳේ ගසා මේ කුණු ලූනු වලින් පහර දිය යුතුය.

:       0       0

Nihal Sunday, 10 May 2020 11:42 AM

මෙවැනි ඉවත දැමිය යුතු දේ ආහාර ද්‍රව්‍ය සඳහා මිශ්‍ර කලේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පිටුපසින් තිබූ ගබඩා තුළයි. එහිදීද මේ ආකාරයෙන් කිහිපවරක් වටලා නීතිය ක්‍රියාත්මක කල බැවින් එම ස්ථානය අතහැර මෙම ගම්මානය තෝරාගෙන ඇත. මෙම ගම්මානයට දිනකට මෙවැනි බහාලුම් 20, 30 ප්‍රමාණයක් පැමිනේ... මෙම බහාලුම් තුළ ඇති අල, ලොකු ලූනු, සුදු ළූණු වැනි දේ නරක් වී ඇති විට මුළු ප්‍රදේශයම දුඟද හමයි. එහි සේවයේ නියුතු ශ්‍රමිකයින්ගේ සෞඛ්‍ය තත්ත්වයද අනතුරේ ඇත. තවද වෑවල, දඹුල්ල මාර්ගය මෙවැනි විශාල බරක් සහිත වාහන සඳහා කිසිසේත් නොගැලපේ. මාර්ගයද විනාශ වීමට මෙම කරුණු හේතුවී තිබේ. නීතිය ක්‍රියාත්මක කරන මහත්වරුන්ට මෙම අදහස කියවන්න ලැබේවා....!!! 

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න ව්‍යාජ ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 26 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 33 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


විජය පුවත්පත් සමාගමට කෝටි 3ක පොල්ලක් තැබූ දැන්වීම් හිමිකරුට වරෙන්තු
2025 පෙබරවාරි මස 05 155 0

විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ


නාමල් රාජපක්ෂට සිතාසි
2025 පෙබරවාරි මස 05 268 0

රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට


අරාබි රටේ ලාංකික කෑම විකුණන්න අලුත් වැඩක්
2025 පෙබරවාරි මස 05 172 0

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව සෞදි අරාබි බාහිර වෙළඳ දූත පිරිසක් සමඟ සාර්ථක වැඩසටහනක් පසුගියදා පැව


ලුණු මිල වැඩි වෙයි
2025 පෙබරවාරි මස 05 299 0

ලුණු මිල හෙට (6) සිට වැඩි කිරීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 742 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site