IMG-LOGO

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා


වජිරා චිත්‍රසේනයන්ට පද්ම ශ්‍රී සම්මානය පිළිගැන්වේ

(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකාවේ නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙන ගිය අග්‍රගණ්‍ය  නර්තන ශිල්පිනියක වන ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මියට ඉන්දීය රජයෙන් පිරිනැමුණු “පද්ම ශ්‍රී සම්මානය” ඇයට පිළිගැන්වීම අරලියහහ මන්දිරයේ දී අද (17) සිදුකෙරිණි.

ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් එච්.ඊ.ගෝපාල් බග්ලේ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ පැවති චාම් උත්සවයකදීය.

ඉන්දීය රජය මගින් පිරිනමන ඉහළම සිවිල් ගෞරව සම්මානයක් වන පද්ම ශ්‍රී සම්මානලාභීන්ගේ ලේඛනය වාර්ෂිකව එරට ජනරජ දිනයේදී ප්‍රකාශයට පත්කෙරේ.

2020 වසරේදී පද්ම ශ්‍රී සම්මානලාභීන් අතරට ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනකුගේ නම් ඇතුළත් වූ අතර, කලා ක්ෂේත්‍රයට ඉටුකළ මෙහෙවර උදෙසා ආචාර්ය වජිරා චිත්‍රසේන සහ  සාහිත්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍රයට ලබාදුන් දායකත්වය වෙනුවෙන් මහාචාර්ය ඉන්ද්‍රා දසනායක (නැසීගිය) යන මහත්මීහු  එම සම්මානයට උරුමකම් කීහ.

මෙම සම්මාන ප්‍රදානය කිරීම ඉන්දීය ජනාධිපති ශ්‍රී රාම්නාත් කෝවින්ද් මහතා අතින් නවදිල්ලියේ පිහිටි රාෂ්ට්‍රපති භවන් හිදී ඉකුත් 08 වැනිදා සිදුකෙරුණු අතර මහාචාර්ය ඉන්ද්‍රා දසනායක මහත්මිය වෙනුවෙන්  ඇගේ දියණිය වන වත්සලා දසනායක ඉෂ්ටවීර මෙනවිය එහි ගොස් ඉන්දීය ජනාධිපතිවරයා අතින් “පද්ම ශ්‍රී සම්මානය “ලබාගත්තාය.

එම සම්මාන ප්‍රදානෝත්සවයට සහභාගීවීමට නොහැකි වූ වජිරා චිත්‍රසේන මහත්මියට හිමි සම්මානය මෙලෙස ප්‍රදානය කෙරිණි.

හෙළයේ මහා ගාන්ධර්ව ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව මහතාද 2002 වසරේදී පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලැබීය. 



අදහස් (1)

වජිරා චිත්‍රසේනයන්ට පද්ම ශ්‍රී සම්මානය පිළිගැන්වේ

Royfedricks Thursday, 18 November 2021 04:51 AM

කිසියම් රටක් වෙනත් රටක පුරවැසියන්ට සම්මාන ගරු බුහුමන් දක්වන්න්නේ පිවිතුරු අරමුනකින් නොවේ. මෙතැනදී සිදුවේ ඇත්තේ ඉන්දියාවේ ප්‍රතිරූපය ඉහල නැන්වීමේ ක්‍රියාවකි. .මහින්ද රාපක්ශ සහභාගී වන්නේ තමන්ගේ ප්‍රතිරූපය ඉහල නන්වා ගැනීමටයි. චිත්‍රසේන සහ වජිරා. මේරටේ බුද්දිමතුන් විසූ යුගයේදි ඉතාමත් වෙහෙස දරා අගනා නිර්මාන කළ බොහෝ සිසු දරුවන් පුහුනු කල දෙදෙනෙකි. ඔවුන්ට ගරු බුහුමන් දැක්වීමට කෙනෙකුට සැබෑ අවශ්‍යතාවක් ඇත්නම් කල යුත්තේ නිර්මාණ කරුවන්ට හිතකර පරිසරයක් බිහිකිරීමයි. ඔවුන්ගේ නිර්මාණ රස විදීමට හැකි පරපුරක් බිහි කිරීමේ අරමුනෙන් අද්‍යාපන ක්‍රමය වෙනස් කිරීමයි. කිසිදු රජයක් මේ අද්‍යාපන ක්‍රමය වෙනස් නොකරන්නේ බහුතරය මොට්ටයන් වන තරමට නැවත නැවතත් තමන්ටත් තමන්ගේ පරපුරටත් පහසුවෙන් බලයට පැමිණිය හැකි හෙයෙනි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

වාසයට හොඳම රට ශ්‍රී ලංකාව
2025 මාර්තු මස 12 625 0

දූවා දරුවන් සමග පදිංචි වීමට ලෝකයේ සුදුසුම රටවල් 10 අතර පළමු ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත.


‘‘පක්ෂ සංවිධායකවරුන්ට මේ වසර සුවිශේෂයි‘‘
2025 මාර්තු මස 12 152 0

මේ වසරේදී එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරුනට සුවිශේෂී වැඩ කොටසක් පැවරෙන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ආසන සංවිධායකවර


හමුදාවෙන් පැන්න 20ක් මහනුවරින් අල්ලයි
2025 මාර්තු මස 12 169 0

යුද හමුදාවේ සේවයෙන් පැන මහනුවර විවිධ පොලිස් වසම් තුළ රැඳී සිටිමින් විවිධ රැකියාවන්හී යෙදී සිටි හමුදා භටයන් විස්සක් අත්අඩංගුවට ගෙන යුද හමුදා පොලීසියට


එක්ව තරඟ කරන තීරණය ගන්න සජබෙට කාලයක් දෙයි
2025 මාර්තු මස 12 366 0

කොළඹ මහ නගර සභාවට එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව තරඟ කිරීම සඳහා සමගි ජන බලවේගයට ලබන 20 වැනිදා තෙක් කල් ලබා දීමට එජාපය තීරණය කර තිබේ.


අපූරේ රෝහලේ ආරක්ෂාව සැලසීම පැහැර හැරලා
2025 මාර්තු මස 12 658 0

වෛද්‍යවරියකට ලිංගික හිංසන සිදුවූ අනුරාධපුර ශික්ෂණ රෝහලේ මෙයට පෙරද යම් යම් අපරාධ ක්‍රියා සිදුවී තිබුණද රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂවරයා ඒවා මැඩ පැවැත්වීම


නගර සැලසුම් අනුමත කිරීම ඔන්ලයින් වෙයි
2025 මාර්තු මස 12 280 0

ජනාධිපති අනුර කුමාර දිසානානයක මහතා සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (12) පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 149 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 375 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 222 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site