IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


වටරැක අනතුරින් තුනක් මරුට

(කේ.බුද්ධික කුමාරසිරි සහ  බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පනාගොඩ බෝධිරාජාරාම විහාරස්ථානයේ පැවැත්වෙන කොරෝනා එන්නත්  මධ්‍යස්ථානයට යන පිරිසක් රැගත් ත්‍රිරෝද රථයක් සහ ලොරි රථයක් මීගොඩ වැටරැක දුම්රය ස්ථානය ආසන්නයේදී මුහුණට මුහුණ ගැටීමෙන් මාස හතරක දැරියක ඇතුළු තිදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.

අනතුරින් මියගොස් ඇත්තේ මීගොඩ සෝමරත්න මාවතේ පදිංචිව සිටි ප්‍රියානි  චන්දිකා (57) ඇයගේ මිණිපිරිය වන කේසි විරසිංහ ( මාස 3) ත්‍රීරෝද රථ රියදුරු වන  පාදුක්ක වටරැක පදිංචි ඩි සිරිනන්ද (49) නමැති තිදෙනෙකි. 

දැරියගේ මව වූ 36 හැවිරිදි සචිනි සමරසේකර තුවාල ලබා  ඇති අතර ඇය කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇත. ඇගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග කියයි.

තිරෝද රථය පාදුක්ක දෙස සිට ගොඩගම  දෙසට ධාවනය වෙමින් සිටියදී  ගොඩගම සිට පාදුක්ක දෙසට ධාවනය වූ ලොරි රථය තිරෝද රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.



අදහස් (6)

වටරැක අනතුරින් තුනක් මරුට

wijith Tuesday, 03 August 2021 04:15 PM

ත්‍රි රෝද නිසා රටේ ප්‍රශ්න හුඟාක් විසඳෙන පාටයි. ඒ නිසා වෙන්න ඇති මේ මාරාන්තික ත්‍රිරෝද මාරයා පාරෙන් ඉවත් නොකරන්නේ...

:       40       212

DarshanaTuesday, 03 August 2021 06:40 PM

නොදන්න මඟුල් කථා කරන්න එපා මහත්තයා. හරියට විඩීයෝ එක බලලා අදහසක් ඉදිරිපත් කරන්න. දුප්පත් මිනිහට යන්න එන්න තියෙන එකම වාහනය ත්‍රී රෝද රථය විතරයි... දන්න දෙයක් කතා කරන්න.

:       105       44

wijithTuesday, 03 August 2021 08:15 PM

අපි ළඟදීම මේ ත්‍රි රෝද මගමරුවාට විරුද්ධව පාරට බහිනවා. එනවද අපිත් එක්ක?

:       0       1

චින්තකWednesday, 04 August 2021 12:48 AM

මේක ඉතාමත්ම ශෝකජනක පුවතක්. පලමුවෙන්ම මියගිය සියලු දෙනාට නිවන් සුවත් බරපතළ තුවාල ලැබූ එම සොයුරියට ඉක්මන් සුවයත් ප්‍රාර්ථනා කරමි. විජිත් මහතා ඔහුගේ අදහස් දැක්වීමට භාවිතා කල වචන සම්බන්දයෙන් මා එකග නොවුවත් අද රටේ සිදුවන රිය අනතුරු වලින් බහුතරයක් සිදුවන්නේ ත්‍රීරෝද රථ, පුද්ගලික බස් රථ හා යතුරු පැදි නිසා නොවන්නේද? මේ සිද්ධියේදී කිනම් පාර්ශ්වය අතින් වරද වූවාදැයි නොදනිමි. දුප්පතාගේ වුවත් පොහොසතාගේ වුවත් සැමට එක හා සමාන මාර්ග නීතියක් බල පැවැත්විය යුතු අතර සියල්ලන්ම එයට හිස නැමිය යුතුය. තමා තුල රිය ධාවනයේදී විනයක් හා හික්මීමක් තිබිය යුතුය. එසේ නොවුනහොත් තවත් මෙවන් අහින්සක ජීවිත අකාලයේ මිලින වීම වැලැක්විය නොහැක.

:       0       5

Rohana Tuesday, 03 August 2021 07:00 PM

ත්‍රී රෝද රථ පදවන බොහෝ දෙනා ඒවා පදවන්නේ මහපාර තමන්ට පමණක් අයිති දෙයක් කියල හිතාගෙන. අනතුරු වැඩිවීමට ප්‍රධාන හේතුව මේකයි.

:       0       1

nishantha Tuesday, 03 August 2021 09:30 PM

කිසිම ආරක්ෂාවක් නැති නිකං ටෙන්ට් රෙද්දකින් වටවුන වමෙනුත් දකුනෙනුත් නැතිව මැදින් එලවන පිටි පස්සක් පෙනෙන් නැති ඉස්සරහ එකාට විතරක් එලියට පැනගන්න හැකි යන්තං හැරවුනත් පෙරලෙන රටේ නූගතුන්ම බහුතරයක් කුලියට එලවන මේ කරුම මාරයා අපේ රටින් අතුගාල දානකන් දිනපතා මෙවන් අනතුරු මරණ තියේවි. ඉස්සර කා ටැක්සි කාලේ, වැදගත් මිනිස්සු මේ රස්සාව වගකීමකින් කලා.

:       0       98

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 614 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 172 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 501 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 122 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1735 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 183 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site