(වයි. ඒ. එස්. වීරවංශ)
‘ජනාධිපතිවරණය ලං වෙනවාත් සමඟම එක එක තේමා පාඨ එනවා. ගියවර හලාල් ප‍්‍රශ්නය ගෙන ආවා. මෙවර විල්පත්තුව ගෙනල්ලා. මුස්ලිම් ජනතාවගේ ඡන්දය ඩැහැගනන්න විවිධ උපක‍්‍රම භාවිතා කරනවා. මුළු රටම ඉල්ලන්නේ ගෝඨාභය රාජපක්ෂ. වැඩ්ඩන්ට වැඩ කරන්න පුළුවන් රටක් හදන්න ඕනෑ’ යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (24) බළන්ගොඩ කිරුළ නොරටුන්ට - අවුල මෙරටුන්ට යන තේමා පාඨය යටතේ පැවති සංවාදශීලි ජන හමුවේ දී අදහස් දක්වමිනි.
මෙම රැස්වීම බළන්ගොඩ ගෝල්ඩන් සන් සිටි උත්සව ශාලාවේ දී පැවැත්විණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද කීය.
‘මේ ආණ්ඩුව බලයට ආපු දා සිටම ස්දේශීකයා ගැන සිතුවේ නැහැ. අද ගම්මිරිස් මිල පහළ බැහැලා. ස්දේශිකයාට බදු පිට බදු ගහනවා. මිනිසුන්ගෙන් පන්න පන්න බදු ගන්නවා. විදේශියන්ට ඒ නීති රීති නැහැ. විදේශිකයන්ට බදු සහන ඉඩම් සින්නක්කර දෙනවා. විදේශ විනිමය පනත වෙනස් කළා. කළු සල්ලි අරගෙන මේ රටට විදේශීකයන්ට එන්න අවශ්‍ය නිතිරීති සම්පාදනය කරනවා. මේ රටේ නීතියක් තිබෙනවා කිසියම් මාධ්‍ය ආයතනයක් විදේශීකයන්ට ගන්නා බැහැ කියලා. නමුත් ලයිකා මොබයිල් ආයතනය මේ රටේ මාධ්‍ය ආයතනයක් මිලට ගත්තා.
මේ රටේ ඉඩම් සිතියම් ගත කරන්න කැබිනට් අනු කමිටුවක් පත් කළා. එහි ඇමෙරිකානුවන් සිව් දෙනෙකු ඉන්නවා. අපේ රටේ ඉඩම් මැන වෙන් කරන්න අපේ මිනින්දෝරුවන්ට හැකියාව තිබිය දීත් ඇයි ඇමරිකාවට දෙන්නේ. ලංකාවේ නීතියක් තිබෙනවා එක පුද්ගලයකුට අක්කර 50 කට වඩා ගන්න බැහැ කියලා. නමුත් ඒ නීතිය වෙනස් කරන්න නව පනතක් ගේන්න සැලසුම් කරනවා. ඉඩම් බැංකුවට මගින් තමයි මේ රටේ ඉඩම් පාලනය කිරීමට කටයුතු සූදානම් වන්නේ. ඒ අනුව විදේශිකයින්ට ඕන තරම් ඉඩම් මිල දී ගැනීමට පුළුවන්.
විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න කාටද දැඩිව වුවමනා වෙලා තියෙන්නේ. ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා රනිල්ට දිනන්න බැරි නිසා 20 වැනි සංශෝධනය ගෙන එන්න ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරනවා.’
බදුල්ල නගරය ආශ්‍රිත ප්‍රදේශයේ වායුගෝලයේ මීදුම මෙන් පවතින විස දුම මිනිස් සිරුරට අහිතකර තත්ත්වයක් උදාකර දී.ඇති හෙයින් මුඛ ආවරණ පළදින ලෙසට ආපදා කළමනාකර
ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි රුවන්ඩා මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ රුවන්ඩා ජනරජයේ මහ කොමසාරිස් ජැක්කුලින් මුකන්රියා මහත්මිය අග්‍රාම
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය අකිකෝ ඉකුයිනා මහත්මිය අතර හමුවක් අරලියගහ මන්දිරය
මාතර පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
හැටන් දික්ඔය නගර සභා සිමාවේ ව්‍යාපාරිකයන්ට, පදිංචිකරුවන්ට, නගරයට පිවිසෙන පාරිභෝගිකයන්ට හැටන් පොලිසිය සහ හැටන් දික්ඔය නගර සභාව එක්ව අද (05) රතු නිවේදනය ස
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
‘වැඩ්ඩන්නට වැඩ කරන්න පුළුවන් රටක් හදන්න ඕනෑ’
kumara Sunday, 24 March 2019 08:32 AM
ඉස්සෙල්ලා ඔබතුමා හැදිලා ඉන්න.
මාවිල්මඩ වජිර හිමිSunday, 24 March 2019 09:21 AM
1994 චන්ද්‍රිකාගෙන්ද 2005 මහින්දගෙන්ද විධායක ජනාධිපතිධුරය අහෝසි කරන බවට ජවිපෙ පොරොන්දු ලබා ගනිද්දී ඔබ ජවිපෙ ප්‍රචාරක ලේකම් ලෙස සිටි බව ඔබට අමතකද? 1983 පළමු ජනාධිපතිවරණයේදී පටන් විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම වෙනුවෙන් පෙනී සිටි ජවිපෙට එරෙහිව ඔබ ඉදිරිපත් කරන තර්කයේ කිසිදු පදනමක් නැත.
Hafeel Sunday, 24 March 2019 11:19 AM
හාමුදුරුවනේ, මෙයාගේ මොළේ තියන දේ නොවේ කටින් පිටවෙන්නේ.
liyanageSunday, 24 March 2019 10:57 AM
බොරු දෙශප්‍රේමී සළුපිලි පොරවාගෙන සිටින ජාතිවාදී වෘකයන් වන මොවුන් සම්බන්ධ වූ සියලු දේශපලන පක්ෂ අද වනවිට විනාශයට පත්වෙමින් තිබේ. සුලුජාතීන් එම ප්‍රධාන පක්ෂවලින් දුරස්වී තිබේ. වැඩිකල් නොගොස් මෙවැනි දේශපාලන අපතයන් කුණු කූඩයට වැටෙනු ඇත. දුරකථන කඩයකින් පටන්ගෙන සුපිරිමාලිගා දක්වා දියුණුවී ඇති මොහු සත්‍ය වශයෙන්ම වැඩ්ඩෙකි.
NissankaSunday, 24 March 2019 11:25 AM
"කිරුළ නොරටුන්ට - අවුල මෙරටුන්ට" සහතික ඇත්ත... එත් ඔබ ඇයි මේ නොරටක පුරවැසියෙක් වුණු කෙනෙකුට කිරුළ අරන් දෙන්න මේ තරම් වලිකන්නේ?
ලුම්බිණි Sunday, 24 March 2019 08:35 AM
"මේ රටේ ඉඩම් සිතියම් ගත කරන්න කැබිනට් අනු කමිටුවක් පත් කළා. එහි ඇමෙරිකානුවන් සිව් දෙනෙකු ඉන්නවා.. අපේ මිනින්දෝරුවන්ට හැකියාව තිබියදීත් ඇයි ඇමරිකාවට දෙන්නේ " එතකොට ගෝඨාභය රාජපක්ෂට ඇමෙරිකන් සම්බන්ධයක් නැද්ද?
Sanath Kandy Sunday, 24 March 2019 08:36 AM
සුනඛයෙකුගේ පිහිටක් නැතිව මැක්කෙකුට පැවැත්මක් නැත.
NissankaSunday, 24 March 2019 11:38 AM
අර එලොවටත්, මෙලොවටත් වැඩක් නැති පැණි මාධවගේ තුන් වෙනි මංගල උත්සවේට ගියේ නැද්ද? ඔයාගේ හිටපු නායකයයි, වෙන්ඩ නායකයයි දෙන්න නම් ගිහින් හිටියා අත්සන් කරන්න. මේ වගේ අය එක්ක එන ගෑනුන්ට ලැජ්ජාවකුත් නැහැ. සාක්කි අත්සන් කරන්න යන උන්දැලාට ලැජ්ජාවකුත් නැහැ...
parakkramaSunday, 24 March 2019 05:48 PM
මේකට ඩිස්ලයික් දාපු අය, ඔවුන්ගේ දැනුමේ හැටියට , හිතනවා ඇති මාළුවාගේ ඇඟේ මැක්කන්ට ඉන්න පුළුවන් කියලා.
palitha Sunday, 24 March 2019 08:48 AM
අපි වැඩ දැක්කානේ කලින්, හොර පාස්පෝට්, රජයේ ගෙවල් නෑයන්ට දීපුවා, අනුන්ගේ පොත් තමන්ගේ වගේ එලි දක්වපු ඒවා, කොච්චර වැඩ දැක්කද මහජනතාව ඔය වැඩකරයන්ගේ...?
rohan Sunday, 24 March 2019 08:50 AM
පසුගිය කාලයේ බලය තියනකොට මෙයා හොඳ හොඳ වැඩ පෙන්නුවා. එ් රසට තමයි මෙයා නැවත වැඩ්ඩා වෙන්න හදන්නේ... අනේ මෙය හදන රටවල්...
nisar Sunday, 24 March 2019 08:50 AM
ගෙවල්වලට ගිනි තියන්නේ නැතිව ඕන දෙයක් කියලා ඡන්දය ඩැහැගන්න...
sirimal Sunday, 24 March 2019 09:20 AM
අපේ රටේ සියලුම දේශපාලන පක්ෂ මැතිවරණ අපේක්ෂකයින් තේරීමේදී "මධ්‍යම කාරක සභාව" කියා එකක් උපයෝගී කරගන්නා අතරේ මේ උන්නැහේගේ කණ්ඩායම කරන්නේ "එක පුද්ගලයෙකුට" සියලුම තීරණ ගැනීමට බලය පැවරීමයි. එයා කියන ඕන දෙකට අපි ඇත උස්සනවා කියලනේ කියන්නේ. ඒක වෙන්න ඇති ‘වැඩ්ඩන්නට වැඩ කරන්න පුළුවන් රටක් හදන්න ඕනෑ’කියන එකේ තේරුම. ඔය ලණු කන පිරිස දවසින් දවස අඩුවේගන එන බවයි පෙනෙන්නේ. විශේෂයෙන් ජනාධිපති අපේක්ෂකයා කවුද කියන බලලා මල්ලෙන් එලියට පැන්න දවසේ ඉඳලා.
sena Sunday, 24 March 2019 09:20 AM
මෙන්න දේශ ප්‍රේමි වීරවංස මහත්තයා ඇමරිකානුවෙක් රටේ ජනාධිපති කරන්න හදනවෝ
Jehaan Sunday, 24 March 2019 09:25 AM
ඔක්කොටම කලින් රටේ සිවිල් නීතියවත් ඉගෙන ගත්තොත් හොඳයි. රාජ්‍ය තාන්ත්‍රික ලියවිලි වලට සාවද්‍ය තොරතුරු සපයපු උදවිය රටේ හරි වැරදි කතා කරනකොට විහිළුවක් .
Mudali Sunday, 24 March 2019 09:38 AM
කට හන්දා හැදෙන, කට හන්දම නහින පුද්ගලයෙක් මෙයා...
Sarasi Sunday, 24 March 2019 09:59 AM
කිසිම ආදායම් උපයන වෘත්තියක් හෝ පාරම්පරික දේපලක් නැති සමහර උදවිය දේශපාලනයට පැමිණි ගමන් අක්කර ගණන් දේපල ලැබිලා හතර වරිගයම පොහොසත් වෙනවා. හැබැයි ඊට පසුව අනෙකුත් මිනිසුන්ගේ ඉඩකඩම් ආයෝජන ප්‍රශ්න ගැන කතා කරනවා...
fasmy Sunday, 24 March 2019 10:03 AM
මෙදා පාර විමල් වීරවංස දොට්ට....
raviSunday, 24 March 2019 10:20 AM
එතකොට ඉස්සර වගේ බෝක්කුවක් උඩටවෙලා ඉන්න පුළුවන්නේ...
ravi Sunday, 24 March 2019 10:04 AM
මෙයා තමයි හොර ගුවන්ගමන් බලපත්‍රයකින් ඉතාලියට කුඩු / හෙරොයින් ඇද්දේ.. මෙයාගේ අඹුවත් එ්කට සම්බන්ධයි... මේ වගේ වංචනික ගොරකයෝද රටවල් හදන හැටි කියන්නේ...
ChinthakaSunday, 24 March 2019 11:11 AM
ඔය ඇත්තමද? අද තමා මෙහෙම කතාවක් මෙතුමා ගැන ඇහුවේ...
chamath Sunday, 24 March 2019 10:17 AM
මෙතුමා ලක්මවට ආදරය කරන කෙනෙක්
kapSunday, 24 March 2019 11:20 AM
ඔයා ලක්මව කියලා අදහස් කරේ ලක්ස්මන්ගෙ අම්මවනේ? මෙයා ලංකා මෑණිට නම් ආදරේ නෑ.. ආදරේ නම් රටේ සල්ලි ගසා කන්නේ නෑ.
NissankaSunday, 24 March 2019 11:22 AM
මුහුණ දිහා බැලුවම කියන්න පුළුවන් ලක් මවට ආදරය කරන ගමන්, විස්කි බෝතල් කීයක් පානය කර තිබේද කියා...?
ගල් බමුණා Sunday, 24 March 2019 04:39 PM
ඒක තමා මමත් බැලුවේ. මෙයා ජවිපෙ ඉන්න කාලේ මුණේ තිබුන පින් පාට දැන් කෝ කියලා.
raviSunday, 24 March 2019 01:59 PM
මෙය කොච්චර අපේ රටට ආදරෙයිද කිව්වොත් ... මෙයා තමයි .. අපේ පාර්ලිමේන්තුවට බෝම්බ ගහනවා කියල මුළුරටම භීතියට පත්කෙරුවේ....
diasSunday, 24 March 2019 02:20 PM
ඇත්ත. මෙයා රටට ආදරේ වැඩි හින්දනේ පාස්පොර්ට් දෙකක්ම තියාගත්තේ...
dias Sunday, 24 March 2019 10:59 AM
එක පැත්තකින් විදේශ ආයෝජකයින්ට රටට එන්ට කියා වැදගෙන ඉන්නවා. අනික් පැත්තෙන් ඒ අයට ඉඩම් දෙන්ට බෑ කියා බෙරිහන් දෙනවා. එතකොට විදේශ ආයෝජකයින් රටට පැමිණ ඔවුන්ගේ ව්‍යපෘති සාදන්නේ අහසේද?
Hafeel Sunday, 24 March 2019 11:17 AM
ලංකාවේ නීතියක් තිබෙනවා එක පුද්ගලයකුට අක්කර 50 කට වඩා ගන්න බැහැ කියලා ඔයා කියනවා. එ්කත් මේ රටේ පුරවැසියකුට. එහෙමනං කොහොමද ඇමරිකානු ඩෝල් සමාගමට සෝමාවතිය, උල්හිටිය, බුත්තල යන ප්‍රදේශවල අක්කර දාස් ගණන් සින්නක්කර ලියලා ඔයාත් කැබිනෙට් එකේ ඉන්නකොට ඔයාගේ මහින්දද දුන්නේ?
Aris Sunday, 24 March 2019 11:27 AM
නිවාස ඇමති ඉන්න කාලේ නැගෙනහිර රජයේ ඉඩම්වල නිවාස හදලා ජන අනුපාතය අනුව බෙදලා දුන්න නම් අද වෙනකොට නැගෙනහිර දේශපාලන බලය මහා ආණ්ඩුව සතුවෙනවා. එහෙම නම් මුස්ලිම් දේශපාලකයෝ ඡන්ද බලය පෙන්නලා වැරදි වැඩ කරන්නෙත් නැහැ ඒවා වහ ගන්නෙත් නැහැ. එදා ගෝඨාභය මහත්මය යුද්ධය නොකර හිටියා නම් දෙමළ ඡන්ද නැති වෙයි කියලා අද කවුරුවත් ඔහු ඉල්ලන්නේ නැහැ. කෙලින් වැඩ කළ නිසා ඔහු අද ජනාදරයට පත්වුණා.
Buddika Sunday, 24 March 2019 11:56 AM
වැඩ්ඩෙක් කිව්වේ ඔහේ ගැන නෙමෙයිනේ. කරපු වැඩ අපි දන්නවා. ඒවට නඩුත් තියනවනේ... තමුන් ඔච්චර වැඩ්ඩෙක් කියලා හිතනවා නම්. තනි පක්ෂයක් විදිහට ඡන්දෙට ඇවිත් දිනලා පෙන්වන්න. අනුන්ගේ රෙදි හෝදනවට වඩා පරදින එක නේද නම්බුකාර? මේවා කිව්වට ඔහේ දන්නේ නැහැ. ඇමරිකාවට බැනබැන නිවාඩුවට හොලිවුඩ් ගියේ නැත.
Sama Sunday, 24 March 2019 12:07 PM
අන්ගුලිමාලත් පසුව සුවපත් වූ බව බෞද්ධ උගැන්වීම වේ.
Keppetipola Sunday, 24 March 2019 12:47 PM
අද මුළු රටම ඉල්ලන්නේ ගෝඨාභය වෙන්න පුළුවන්. හැබැයි අද මුළුරටම එපා කියන්නේ හොර ඉඩම් ලියපු, හොර පාස්පෝර්ට් හදපු, රටේ සල්ලි හොරකම් කරපු, ගැලරියට කෑ ගහන වීරවංසවයි.
rohana kumara mendis Sunday, 24 March 2019 12:55 PM
මෙච්චර කල් උන්නා... ඇයි ඔය වැඩ්ඩන්ට වැඩ පෙන්නගන්න බැරි වුනාද? අගමැති අවුරුදු දහයයි, ජනාධිපතිත් දහයයි.. තව මොනවද ඉල්ලන්නේ පාස් පොර්ට් එකක් හදාගන්න බැරි කෙනා කොහෙද රට හදන්නේ?
Rata Perata Sunday, 24 March 2019 01:40 PM
අනේ විමලෝ...
chathuri Sunday, 24 March 2019 03:31 PM
දැන් මහින්දව සූප්පලා ඉවරද? ගෝඨාව අල්ලගත්තේ.. තමුන්ට හුඟත් කමක් නැති නිසා තමයි එක එකාට කඩේ යන්නේ කට පොඩ්ඩක් අඩුවෙලා... මොලේ පොඩ්ඩක් වැඩි වුණානම්, මේ ගොයියාගේ. වටිනාකම කියලා වැඩක් නැහැ. ඉඩම් ඇමතිකම දැරුවා. මේ ලෝකේ. දෙයක් දන්නේ නැතිව... ඒ නිසානේ පවුලේ කට්ටියට නෑදෑයින්ට නොමිලේ නිවාස ඉඩම් බෙදලා දුන්නේ. දැන් මුදලට ආණ්ඩුව විකුණන්නේ.... ඒක ප්‍රශ්නයක්. කරගන්න එපා. දැන්වත් ශිෂ්‍යත්වය කරන බලන්න. නූගත්කම තමයි ඉදිරියට එන්නේ... මොන දේ කරන්න ගියත්... මෙයාට ඉගෙන ගන්න බැරි වුනේ භීෂණය තිබුණු නිසාලු... රෝහණ විජේවීර ඇතුළු අනික් සැවොම රුසියාවටත් ගියා ඉගෙනීම අවසාන දක්වා. මෙයාට, පස්වෙනි පන්තියට යන්න බැරිවුණා. ඒ නිසානේ ජෝඩුව වයස අඩුවෙන් දාලා පාස්පෝට් හැදුවේ.
Arjuna Ranawana Sunday, 24 March 2019 03:46 PM
වැඩ්ඩන්ගේ වැඩ පේනවා නඩු විභාග කරන කොට...
chamath Sunday, 24 March 2019 03:57 PM
කවුරු මොන දේවල් කීවත් මෙතුමාට ඡන්ද ලක්ෂ තුනකට වැඩිය තියන කෙනෙක්... නොදන්නා අයට දැන ගන්න කියන්නේ. කිසිම හොරකමක් නීතියෙන් ඔප්පු වී නැත.
liyanage Sunday, 24 March 2019 10:11 PM
නොදන්නා අයට දැනගන්න ඔබවත් නිවැරදිව දැනගෙන කිව්වනම් නේද හරි. ඡන්ද ලක්ෂ තුනකට වැඩිය ලබාගත්තේ පොදුපෙරමුනේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද. ඔය කියන වීරවංස අටවාගෙන තිබෙන පක්ෂයෙන් ඉල්ලුවානම් ඡන්ද 250ක් ගන්නේ නැත. අනුන්ගෙන් පෝෂනයවන පරපොශිත්යන්ගේ දේශපාලන ලෝකයේ අවසන්වෙමින් තිබෙනබව තේරුම් ගන්න. මෙවැනි කරවිල පණුවන්ගෙන් ඔබේ වටිනා පක්ෂය සහ නායකයන් ආරක්ෂා කර ගන්න.
NissankaMonday, 25 March 2019 04:47 AM
තනියම එයාගේ පක්ෂෙන් ඉල්ලලා බලන්න කියන්නකෝ. ලක්ෂ තුනක් තියා තුන්දාහක්වත් තියෙයිද බලන්න.
තරස්තයා Sunday, 24 March 2019 05:12 PM
මෙච්චරකල් දාපු වැඩ හින්දා තමයි ජනතාව හරි සතුටින් කාලය ගත කරන්නේ. ජනතාවට කෙසේ වෙතත් මෙයාලට සැප. ආයේ රිංගන්න හදන්නේ සැප ගන්න. ආයේ කව්රුත් ගිවිසුම් ගහලා නැතෙයි?
Chanak Los angeles Monday, 25 March 2019 12:17 AM
බමුණා නිදිද ?
Nishan Monday, 25 March 2019 01:24 AM
ලයිකා මොබයිල් ආයතනය විදේශගත ශ්‍රී ලාංකිකයෙකුට අයිති ව්‍යාපාරයක්... ඔහු මඩකලපුව ප්‍රදේශයේ ද්‍රවිඩ ව්‍යාපාරිකයෙක්... දැන් පදිංචිය එංගලන්තේ. විමල් වීරවංස මොනවද දන්නේ? ඔහුත් හිටපු මහින්දගේ ආණ්ඩුවෙන් ඩයලොග් සමාගම මැලේසියානු සමාගමකට සම්පුර්ණයෙන් වික්කා. ඔහු ඒ ගැන මොකද කලේ? තමුන් කිසිදෙයක් දන්නෙත් නෑ වගේම බොරුවෙන් රටත්, ජනතාවත් රවට්ටනවා.
rocky Monday, 25 March 2019 02:09 AM
තමන්ගේ කටින් වර්චස් පිට කරන එකම පුද්ගලයා හැටියට මොහු ගිනස් වාර්තාවට ඇතුලත් කළ යුතුයි.
athura Monday, 25 March 2019 04:17 AM
බමුණා මේක දැක්කෙ නැද්ද?
sandy123Monday, 25 March 2019 05:27 AM
කොහේ දකින්නද? උතුරු නැගනහිර ගිහිල්ලා. ඉඩම් බෙදන එක ගැන දැන ගන්න. එනකොට මේක දකින්න නැහැ.
Deepal Nirosh Monday, 25 March 2019 04:35 AM
ඔය ඔක්කොටම කලින් පොහොට්ටු-බුලත් දීඝය සාර්ථක කරගෙන ඉන්න. වැඩ කරන්න, රට හදන්න ඊට පස්සේ පුළුවන්.
rocky Monday, 25 March 2019 05:54 AM
අතුර ළමයෝ. ඔයාගේ යාලුවා ගරාජ් එකකට යන්න ඇති, ලූස් නට් එක තද කරගන එන්න. එත්, මලකඩ කාලා හින්දා වැඩේට ටිකක් පරක්කු වෙන්න පුළුවනි.