(සුජිත් හේවාජුලිගේ )
නිවෙස්වල හෝ උත්සව ශාලාවල හෝ විවාහ මංගල්‍යය උත්සව පැවැත්වීමට හෙට (17)මධ්‍යම රාත්‍රියේ සිට නැවත දැනුම් දෙනතුරු අවසර නොලැබෙන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
එසේම ජනතාව ඒකරාශි වන කිසිදු අවස්ථාවකට අද මධ්‍යම රාත්‍රියෙන් පසු අවසර නොලැබෙන බවද හෙතෙම සඳහන් කළේය.
රජය මෙම තීරණය ගෙන ඇත්තේ කොරෝනා පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙසය.
අවන්හලක වරකට රැඳී සිටිය හැක්කේ එහි රැඳී සිටිය හැකි මුළු සංඛ්‍යාවෙන් සියයට 50ක් පමණකැයිද කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි .
ප්‍රසිද්ධ ස්ථානවල ගැවසීමෙන් සම්පූර්ණයෙන්ම වළකින්නැයිද යුද හමුදාපතිවරයා ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.
වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.
ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.
බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .
රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , ටොෆී සහ චොකලට් පැකට් ලෙස සකස් කර , සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සගවා ගෙන , කටුනා
පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප
රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
’’වෙඩින්’’ තහනම්: එක්රැස් වීමටත් ඉඩක් නෑ
1984 Sunday, 15 August 2021 06:32 PM
17 වෙනිදා වෙනකම් ඉවසන වෛරසයක්නේ බොල කොරොනා කියන්නේ...!!!
පිටිගල මිලානෝ Sunday, 15 August 2021 06:33 PM
වෙඩින් තහනම් කළේ නැත්නම් ජෝඩුවගේ ෆියුනරල් එකත් ඒ සමගම ලෑස්ති කරන්න වෙයි...
Jit Sunday, 15 August 2021 06:34 PM
චූඩා මාණික්‍යය වගේ දේවල් වන්දනා කරගන්න... පෙරහැරවල් වලට සහභාගි වෙන්න රටපුරාම තැනින් තැන සැදැහැවතුන් එක් රැස් වුණාට අවුලක් නැද්ද අපේ මහත්තයෝ? ඒවා ඉතින් මේ වෙලාවේ නැතුවම බැරි දේවල්නේ... ඒකයි ඇහුවේ..
JCN Sunday, 15 August 2021 06:51 PM
අද රෑම නවත්තන්න බැරි මොකෝ?
Malika Sunday, 15 August 2021 07:58 PM
17 වෙනිදාට පෙර ප්‍රභූ වෙඩිං එකක් තියනවා... ඒක ඉවර වුණාමයි තහනම ක්‍රියාත්මක වෙන්නේ....
සිසිර Sunday, 15 August 2021 08:20 PM
සියලු සහභාගීත්වය 25 ට අඩුකර ලියාපදිංචිය, කැඳවා ගෙනයාම, සිදුකර විවාහ ජීවිත ඇරඹීමට අවසර දීම සුදුසුයි.
siri Sunday, 15 August 2021 08:55 PM
මේ උන්නැහේලා වසංගතය පාලනය කරන්න වැඩ කරගෙන යන ආකාරය ගැන හිතන කොට මඟුල් උත්සව වලට මනාල ජෝඩුව සහභාගි වෙන එකත් තහනම් කරලා ගැසට් එකක් ගැහුවොත් පුදුම වෙන්න එපා...
Raveendra Sunday, 15 August 2021 10:50 PM
කූරගල වඳින්න ගියාට කමක් නැද්ද සර්?
chandima Sunday, 15 August 2021 11:55 PM
හඳපානේ පඳුරටත් නොකියා පැනලා ගිය උනුත් ඔය අස්සේ අපුරුවට පවුල් කන්නේ ?
දාස Monday, 16 August 2021 07:06 AM
මේ මිනිස්සු කටයුතු කරන විදිහ දිහා බලපුවම අපට දුක හිතෙනව අපිම ගැන ,මෙවැනි බුද්ධි මට්ටමෙන් අවම මිනිසුන් අපේ පාලකයන් වශයෙන් තෝරා ගැනීම ගැන.
ගමරාළ Monday, 16 August 2021 07:15 AM
නිවසේත් උත්සව ශාලාවේත් බැරිනිසා අවන්හලක මංගල උත්සවේ ගත්තට වැරැද්දක් නැතිද.
Bamunuarachchi Monday, 16 August 2021 12:03 PM
වෙඩින් ගත්තත් කමක් නැහැ. සියලු දේම මීටරයක් දුරින්. ඒක මතක තියා ගන්න.