IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


වැඩියෙන්ම ආහාර විනාශ කරන්නේ පාර්ලිමේන්තුව - ජනපති

(සුජිත් හේවාජුලිගේ)

අපේ රටේ වැඩිම ආහාර ප්‍රමාණයක් විනාශ කරන්නේ පාර්ලිමේන්තුව යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

ජනාධිපතිවරයා මේ බව පැවැසුවේ කොළඹ බණ්ඩාරනායන සම්මන්ත්‍රණ ශාලාවේ මිහිලක මැදුරේදී අද (16) පැවැති ලෝක ආහාර දින සැමැරුම් උත්සවයේදීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී මෙසේද කීය.

      ‘‘අපේ රටේ වැඩිම ආහාර ප්‍රමාණයක් විනාශ කරන්නේ පාර්ලිමේන්තුවයි. ඒක අප කවුරුත් දන්න දෙයක්. සමහර මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ නැහැ. සමහරුන් හිටියත් පාර්ලිමේන්තුවේ කෑම කන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ විශාල ආහාර ප්‍රමාණයක් දිනපතා ඉවත දමනවා. අවුරුදු 27ක් අඛණ්ඩව පාර්ලිමේන්තුවේ හිටපු නිසා දැනුත් යන එන නිසා මම ඒක හොඳින්ම දන්නවා.‘‘

ඡායාරූප - චතුර එස් .කොඩිකාර 

 



අදහස් (19)

වැඩියෙන්ම ආහාර විනාශ කරන්නේ පාර්ලිමේන්තුව - ජනපති

dias Tuesday, 16 October 2018 04:09 PM

මන්ත්‍රීවරුන් විසින් උදැසනින්ම ආහාර පිළියෙළ කිරීමට ප්‍රථම, තමන් දවල් ආහාරය සඳහා සහභාගී වනවාද නැද්ද යන්න භෝජනාගාරයට දැන්වීමේ ක්‍රමවේදයක් සකස් කල නොහැක්කේ මන්ද?

:       0       3

Nishantha Tuesday, 16 October 2018 04:36 PM

එදා වේල හොයා ගන්න බැරි මිනිස්සුත් මෙගොල්ලොන්ට කන්න හම්බ කරනවා.

:       0       145

අප්පුහාමි Tuesday, 16 October 2018 04:47 PM

ආහාර විතරක් නෙවෙයි රටම විනාස කරන්නේ පාර්ලිමේන්තුව තමයි.

:       0       621

Daham Tuesday, 16 October 2018 09:19 PM

ඔය විනාශය නවත්වන්න ඔබතුමා ගත් පියවර ඇත්තේද ?

:       0       19

රවීන්ද්‍ර Tuesday, 16 October 2018 10:02 PM

මෙයාට දැන් තියෙන්නේ පාර්ලිමේන්තු භීතිකාව.. දෝෂාභියෝගයක් ගෙනෙයි කියලා බයේ ඉන්නේ... කරන මෝඩ වැඩවලට විරුද්ධව... ඒකයි මේ වගේ කතා කටින් පිටවෙන්නේ...

:       3       32

ලක්ෂ්මන් Wednesday, 17 October 2018 12:59 AM

රට පාලනය කරන පාර්ලිමේන්තුවට පාර්ලිමේන්තුව රැස්වන දිනට පාර්ලිමේන්තුවට එන නොඑන මන්ත්‍රීන්ලා ගැන විමසා අවශ්‍ය කෑම මොනවාද විමසා කෑම සකසන ක්‍රමයක් සාදා අපතේ යාම වලක්වන්න බැරිද.මෙසේ නාස්ති කරන්නේ ජනතා මුදල්.

:       0       7

sanath Wednesday, 17 October 2018 02:04 AM

සහතික ඇත්ත. නමුත් කියලා වැඩක් නෑ කරලා පෙන්නන්න

:       0       13

sanath Wednesday, 17 October 2018 02:04 AM

සහතික ඇත්ත... නමුත් කියලා වැඩක් නෑ කරලා පෙන්නන්න.

:       0       0

KANDEPOLA Wednesday, 17 October 2018 02:51 AM

ඉතින් එක පාලනය කරන්න කියන්නේ අපිටද ?

:       0       50

upali Wednesday, 17 October 2018 03:03 AM

ආහාර විතරක් නෙවෙයි ජනාධිපතිතුමනි, අපේ රටම විනාශ කරන්නේ ඔතනින් තමයි. එය නවත්වන්න ක්‍රියාවෙනුත් ඔප්පු කර පෙන්වන්න ඔබතුමාට ශක්තිය ධෛර්ය ලැබේවා...

:       0       11

HarrySL Wednesday, 17 October 2018 04:08 AM

මුලු රටම විනාශ කරන්නෙ ඔය පාර්ලිමේන්තුවේ ඉන්න අය තමයි.

:       0       27

Lanka Wednesday, 17 October 2018 07:09 AM

ආහාර විතරක් නෙවේ රටත් විනාස කරන්නේ පාර්ලිමේන්තුව තමා.

:       0       32

Sujith Wednesday, 17 October 2018 07:31 AM

තනකොලයි පුන්නක්කුයි අහක ගියා කියල නම් රටට ලොකු හානියක් නැහැ. හබැයි රටම කාල නන්නත්තාර කරන එක තමයි අපිටනම් ප්‍රශ්නෙ.

:       0       1026

kris Wednesday, 17 October 2018 07:57 AM

අපි පාර්ලිමේන්තු ආපන ශාලාව වහලා දාමු. ප්‍රශ්නය ඉවර කරමු.

:       0       3

rama Wednesday, 17 October 2018 08:23 AM

අවුරුදු 27ක් ඉඳලා දන්නවා නම් අය මෙච්චර කල් එක හංගගෙන හිටියේ... මෙයත් F.C.I.D. යවන්න ඕනෑ ඒකට...

:       0       219

suman Wednesday, 17 October 2018 08:48 AM

සහතික ඇත්ත. මහජනතාවගේ මුදල්

:       0       0

Banda Wednesday, 17 October 2018 10:51 AM

අප්පුහාමිගේ කටේ මසුරන් දාන්න වටිනවා.

:       0       8

vidya Wednesday, 17 October 2018 08:37 PM

සුමානයක් වහලා තබන්න. එතකොට ක්‍රම වේදයක් සොයාගන්න පුළුවන් වෙයි.

:       0       0

p Thursday, 18 October 2018 12:22 AM

ඉතින් කියව කියවා ඉන්නේ , ඕක වහල දනවකෝ.............

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

සරසවි හයක කොට උඩ ගිය ඉදිකිරීම් යළි අරඹයි
2025 පෙබරවාරි මස 05 24 0

මොරටුව, පේරාදෙණිය, බෞද්ධ හා පාලි, සඛරගමුව, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන විශ්ව විද්‍යාල වල අතරමග නවත්වනු ලැබ ඇති ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට කැබිනට්


ඇමැති සී.බී. කෝටි 25 සුජීවට ගෙවන්න වෙයි
2025 පෙබරවාරි මස 05 589 1

‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.


රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 722 1

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 204 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 205 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 821 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 775 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 746 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site