තුවක්කුකරුවන් පිරිසක් ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර ගොඩනැගිල්ලකට කඩා වැදී එල්ල කළ ප්‍රහාරයකින් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට බලධාරිහු පවසති.
රජයට අයත් ගොඩනැගිල්ලකට තුවක්කුකරුවන් එලෙස කඩා වැදී තිබෙන අතර ඔවුන් එල්ල කළ ප්‍රහාරයෙන් මියගිය වැඩිදෙනා රජයේ නිලධාරීන් යැයි ද බලධාරිහු කියති.
සඳුඳා රාත්‍රියේ තුවක්කුකරුවන් කඩා වැදුණු පොලිසිය සහ ආරක්ෂක අංශ එම ගොඩනැගිල්ල වට කළ අතර තුවක්කුකරුවන් සහ පොලිසිය අතර පැය හතකට ආසන්න කාලයක් වෙඩි හුවමාරු විය.
ප්‍රහාරයෙන් 20කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර මියගිය පිරිස අතර පොලිස් නිලධාරියකු සහ ප්‍රහාරයට පැමිණි තුවක්කුකරුවන් තිදෙනකු සිටින බව ඇෆ්ගන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක නජීබ් ධනීශ් මහතා පැවැසීය.
තුවක්කරුවන් වෙඩි තැබීම ආරම්භ කිරීමට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇත. තුවක්කුකරුවන් ප්‍රහාර එල්ල කර ඇත්තේ ඇෆ්ගනිස්තානයේ ආබාධිත පුද්ගලයන්ගේ සහ දිවි පිදුවන්ගේ පවුල් සඳහා ජාතික අධිකාරිය පිහිටා තිබූ ගොඩනැගිල්ලටය. තුවක්කුකරුවන් එහි සිටි සිවිල් වැසියන් ප්‍රාණ ඇපයට ගනිමින් ඇෆ්ගන් ආරක්ෂක අංශ වෙත වෙඩි තබා ඇත.
(රොයිටර්ස් ඇසුරිනි)
(055)
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
වෙඩි තැබීමකින් කාබුල් නුවර 28ක් මරුට