IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


වෙඩි තබා බල්ලෙකු මැරූ බව කියන විශ්‍රාමික පොලිස් අධිකාරීවරයෙක් අත්අඩංගුවට

බිමල් ෂ්‍යාමන් ජයසිංහ 

වෙසක් පුන් පොහෝ දා වන අද දින  මීගමුව පෙරියමුල්ල ශාන්ත අන්තෝනි පාරේ නිවසක සුරතලට ඇති කරන බල්ලෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් විශ්‍රාමික පොලිස් අධිකාරී වරයෙක් මීගමුව පොලිසිය මගින් අද අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි .

බල්ලාගේ හිමිකරු නිවසේ ගේට්ටුව ඇරීමෙන් පසු බල්ලා එළියට ගොස් ඇති අතර විනාඩි 5 ක් පමණ ගත වෙද්දී වෙඩි සද්දයක් ඇසීමත් සමගම සොයා බැලීමේදී ලේ ගලන තුවාල සහිතව නිවස ඉදිරිපිටට දුවගෙන ආ බල්ලා ඇද වැටී මියගොස් ඇතැයි පොලිසිය සදහන් කරයි .

බල්ලාට වෙඩි ප්‍රහාරය එල්ල වන අයුරු අසළ නිවසක සී.සී.ටීවී කැමරාවක සටහන් වී ඇතැයි මීගමුව පොලිසිය කියයි .

විශ්‍රාමික පොලිස් අධිකාරී වරයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .



අදහස් (70)

වෙඩි තබා බල්ලෙකු මැරූ බව කියන විශ්‍රාමික පොලිස් අධිකාරීවරයෙක් අත්අඩංගුවට

Gamini Thursday, 07 May 2020 05:11 PM

මේ වගේ මානසික විකුර්තින් අහිංසක සතුන් ඝාතනය කරන පුද්ගලයන්ට අනිවාර්යෙන් තදින් දඬුවම් දිය යුතුයි.

:       5       607

ranaFriday, 08 May 2020 04:16 AM

මොහුට දියහැකි ලිහිල්ම දඬුවම සත්ව අනාථ නිවාසයක අඩුම වශයෙන් අවුරුද්දක්වත් සේවය කිරීමට යෙදවීම නේද?

:       0       0

RaveendraFriday, 08 May 2020 04:52 AM

බල්ලෙක් විසින් බල්ලෙකුට වෙඩි තියන ලදී. මෙහි කිසිඳු විශේෂ දෙයක් අපට නම් නොපෙනේ. එකම වෙනස "පොලිස් සේවයේ යෙදීසිටි විශ්‍රාම ලොම් හැලුණු නකුටු බල්ලෙක් " අහිංසක බල්ලෙකුව මරා දැමීම නොවේද...?

:       0       0

කමල් Friday, 08 May 2020 06:56 AM

අනෙක් මිනිහත් වැරදී. ඒ මිනිහා ගේට්ටුව ඇරලා බල්ලට පාරේ ජරා කරන්න යන්න. අපිටත් මේ වගේ ප්‍රශ්න තියෙනවා. ඒත් නිහඬව ඉන්න වෙලා තියෙන්නෙ මිනිස්සු තරහ වෙන හින්දා. අනික ඇත්තම කතාව පාරේ ඉන්න බල්ලෝ බයිසිකල්, පාරේ යන මිනිස්සුන්ට පනිනවා. ඒකට කිසිම නීතියක් නෑ.

:       272       314

PrabhaFriday, 08 May 2020 09:52 AM

නීතිය දන්න මනුස්සයෙක් විදිහට නීති ක‍්‍රියාමාර්ගයක් ගන්න තිබුණනේ.. කිසිදෙයක් නොදන්න අසරණ සතාට වෙඩි තැබීම උත්තරය නොවෙ...

:       7       106

Samitha Senaka Aluthgamage.Friday, 08 May 2020 10:25 AM

කමල් මහතාගේ කතාවත් වැරදි නැහැ. ඒත් සතා මරාදැමීම පව්කාර ක්‍රියාවක්... දණ්ඩනීති සංග්‍රහය අනුව මහජන කරදරය, හිරිහැරය ඇතිකරන සතෙකු පාරේ යැවීම වරදක්. ඒත්.. නීතිය පොතට පමණයි. ක්‍රියාවේ නැහැ. මෙන්න මේ නිසා තමයි සතුන් ඇතිකිරීමේදී පිටරටවල මෙන් නීතිරීති අවශ්‍ය. ඒත්, අපේ මිනිසුන් ඒවා හිතන්න තරම් බුද්ධිමත් නැතුවා වගෙයි පෙනෙන්නේ.

:       0       1

upali Thursday, 07 May 2020 05:15 PM

පර බල්ලෙක් අහිංසක බල්ලකුට වෙඩි තියල.. නිතිය හරියට ක්‍රියාත්මක වෙනවද කියල රටම බලාගෙන ඉන්නවා ...

:       120       864

Samitha Senaka Aluthgamage. Thursday, 07 May 2020 05:18 PM

මිනිසුන් පොලීසියට ගියාම මනුෂ්‍යත්වය රජවෙනවා. අර කිව්ව සතා පොලීසියට ගියාම පොලීසිය ඒ සතාටම යනවා.

:       0       625

චමින්දFriday, 08 May 2020 01:27 AM

මෙම සේවයේ අයගෙන් සිදුවුණු මෙවැනි සිද්ධීන් අනන්තවත් දැකලා තියෙනවා. එයට වෙනස් කථාවක් මම කියන්නම්. මගේ බිරිඳ ගුරුවරියක්... ඇගෙන් කුඩාකාලයේ උගත් ට්‍රැෆික් නිලධාරියෙක් ඉන්නවා. දවසක් විශ්‍රාමික අප දෙදෙනාම බෙහෙත් ගැනීමට ගොස් බසයකින් ආවේ ඉතාම අමාරුවෙන්. මේ බසයේ හිටියා අර කියපු ට්‍රැෆික් රාළහාමි. මගේ බිරිද දුටු ඔහු අහක බලා ගත්තා. කිලෝමීටරයක් වත් නොගිය දුරකදී පන්ති ගොස් එන ලස්සන ගැහැනු ළමයෙක් බසයට නැග්ගා. මෙයා වහාම ඇයට ආසනයදී පාපුවරුවට ගියා... තවත් කෙනෙක් ගැන කියන්නම්... එක් පුද්ගලයෙක් තමාගේ බිරිඳට පහරදී තුවාල සිදුකර තවත් ට්‍රැෆික් රාළහාමි කෙනෙකුට කියා ඔහු මගිනුත් අර කාන්තාවට තර්ජනය කළා.. මේවා ඉතාම සත්‍යම සත්‍ය සිද්ධීන්....

:       0       0

Ajantha Thursday, 07 May 2020 05:35 PM

මනුස්සයෙක් මැරිලා... බල්ලෙක් වෙඩි තියලා...

:       0       656

කුමාර Thursday, 07 May 2020 06:05 PM

පැන්ෂන් ගිහිල්ල මෙහෙම නම් රස්සාව කරන කාලේ කොහොමට ඇද්ද..? අද මේ උතුම් පෝය දවසේ ...

:       1       885

chandaniThursday, 07 May 2020 06:44 PM

මෙ නම් මිනීමරුවෙක්... මිනීමැරුම් නඩු ගණනක් තියෙනවා.

:       0       353

Prabha Thursday, 07 May 2020 06:09 PM

මෙවැනි අසික්කිත වැඩ කරන අයට බල්ලා යැයි කීම බල්ලන්ට කරන බලවත්ම අපහාසය බව මගේ අදහසයි...

:       0       440

banda Thursday, 07 May 2020 06:38 PM

පැන්ෂන් ගිහිල්ල මෙහෙම නම්, රාජකාරි කරන කාලේ අහිංසක මිනිස්සු කොපමණ මරන්න ඇත්ද?

:       0       590

banda Thursday, 07 May 2020 06:40 PM

මෙයාට දෙන්න ඕන රජ කාලේ දඩුවම්...

:       0       180

rohana kumara mendis Thursday, 07 May 2020 07:26 PM

දඩුවම්ද දෙයි... පුලුවන් නම් උසස් වීමක් නම් දෙයි.... විශ‍්‍රාමික වුනත්...

:       25       286

Raveendra Thursday, 07 May 2020 07:28 PM

පැන්ෂන් ගිහිනුත් බලු වැඩ කිරීම අත්හැරලා නැහැ... නිල ඇදුමේ උෂ්නේ 60 පැනලත් නතර වෙලා නැහැ.. නිල ඇදුමටත් "ලැජ්ජයි "...

:       0       410

WCA Thursday, 07 May 2020 07:53 PM

බල්ලන්ට නම් ඉලක්කය ගන්න පුළුවන්... හොරෙක් උනානම් මෙලහකටත් අහිංසකයෙක් ජීවිතයෙන් වන්දි ගෙවල...

:       0       278

chandima Thursday, 07 May 2020 08:36 PM

ඒ කාලේ මිනිස්සු පණපිටින් ටයර් සෑයවල්වලට යවපු කණ්ඩායමේ කෙනෙක් වෙන්න ඇති...

:       0       0

Krishan Senarath Thursday, 07 May 2020 09:04 PM

පොලිසියේ අය සල්ලි වලට ඕනෑම වැඩක් කරනවා.. අහිංසක මිනිසුන් කීදෙනකු සල්ලි වලට බොරු චෝදනා හදලා වාර්තා හදලා යවලා තියෙනවාද?

:       0       0

ජයම්පති Thursday, 07 May 2020 11:49 PM

ආරංචියේ හැටියට ඊයෙම ඇපත් ලැබිලලු. බලන් ඉන්නකෝ පොලිසියත් ලස්සනට චෝදනා ගොනු කරයි එයාලගේ කෙනාට විරුද්ධව. අපි නොදන්න ලයිව්....

:       0       0

rohan Friday, 08 May 2020 01:25 AM

විශ‍්‍රාමික පොලිස් අධිකාරිවරයෙක්ලු... පොලිසියේ ඉන්න කාලයේ කරපු දේවල් හිතාගත හැකියි නේද?

:       0       0

Buddika Friday, 08 May 2020 01:44 AM

අහිංසක සතෙක් මරලා... මිනිහෙක් නෙවෙයි. අසරණ සතාට හොඳ ආත්මයක් ලැබේවා...!!!

:       0       0

Jayadewa Friday, 08 May 2020 01:48 AM

මේ වගෙ අය තව කොපමණ රාජකාරියේ ඇත්ද?

:       0       0

මුණසිංහ Friday, 08 May 2020 01:48 AM

බල්ලෙක් බලු වැඩක් කරලා ඌට දහමට අනුවවත් දඬුවමක් ලැබේවි. හැබැයි තවත් දෙයක් තියෙනවා. බල්ලා ඇයි පාරට ඇරියේ එහි තවත් අරමුණක් තිබෙන බව පැහැදිලියි. මං මාවත්වල නිදහසේ සැරිසරන බල්ලන්, හරකුන් වැනි සතුන්ගෙන් වන හානි වැඩියි. එයටත් පිළියමක් තියෙන්න ඕනෑ.

:       0       0

Silly Point Friday, 08 May 2020 02:16 AM

හුරතලේට ඇතිකරන සතෙක් හරියට තමුන්ගේ දරුවෙක් වගේ. මේ මනුස්සයට (යක්ෂයාට) උපරිම දඬුවම් දෙන්න ඕනේ.

:       0       0

MD Friday, 08 May 2020 02:47 AM

අහිංසක බල්ලෙක් මැරී වැටෙන විට, මිනී මරන්නෙක් ඉපදුණා. සියලු බල්ලන් සුවපත් වේවා..!

:       0       0

PK Friday, 08 May 2020 03:07 AM

බල්ලන්ට වෙඩි තැබීම පාපයක්. ඒ වගේම තමයි තමන්ගේ සුරතල් සතුන් අයාලේ යැවිමත් වරදක්. තමන්ගේ සුරතල් සතුන් තම සීමාවේ පමණක් තබා ගැනීමට උන්ගේ අයිතිකරුවන් කටයුතු කළ යුතුයි. ඒ නිසයි මෙවැනි නොවිය යුතු සිදුවීමක් වුණේ. මොනවා වුණත් මේ පුවතේ අදාළ වෙඩික්කරුගේ පැත්තෙන් කතාවත් අහලා ඉවරවෙලා පාඨකයින් තීරණයක් ගන්න එක තමයි හොඳ. මොකද ඔයවගේ සිදුවීමක් පහුගිය දවස්වලත් සමාජ ජාලාවල, මාධ්‍යවල ගියා කොස් ගෙඩියක් කඩන්න ආපු කෙනෙකුට පිහියෙන් ඇන්නා කියලා. ඒත් හොයලා බලනකොට ඒ පුවතේ අපට නොකියූ තවත් විස්තර තිබුණා.

:       0       0

Sunil sirimaanna Friday, 08 May 2020 03:24 AM

මේ කතාවේ දෙපැත්තක් ඇත. කව්ද දන්නේ බල්ලාගේ අයිතිකාරයා හිතාමතාම ඔය වැඩේ කරනවද කියලා... බල්ලා මරපු එක වැරදියි. ඒත් එයාටත් කියන්න එයාගේ කතාවක් ඇති...

:       0       0

දම්සිරි සරත් Friday, 08 May 2020 03:34 AM

පුද්ගලයාගේ තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. මෙවැනි අකටයුතුකම් වලට විරුද්ධව නැගී සිටින ඔටාරා ඩෙල් මැතිණියට ජයවේවා...!!!

:       0       0

Reality is different Friday, 08 May 2020 03:43 AM

අත්දැකීමෙන් කියන්නේ, බල්ලෝ හදන අය මළපහ කරන්න පාර දිගේ යවනවා. අපේ ගෙදර ඉස්සරහත් මේක වෙනවා හැමදාම.., මම ඒවා අස් කරනවා අනුන් වෙනුවෙන් ලොකු ඉවසීමකින්. බල්ලෝ හදනකොට උන්ගේ අසුචිත් හරියට කළමනාකරණය කරන්න ඕනෑ... නැත්නම් අහිංසක මිනිස්සු මිනීමරුවන් වෙනවා. සතුන්ගේ වැඩ හරියට කරන්න බැරි නම් සතුන් නොහදා ඉන්න. අපේ පරිසරය හා පාරවල් අන්ත ජරා හා අශෝභන වෙනවා මේ වැඩෙන්... අනික් රටවල මේක හරියටම ක්‍රියාත්මක වෙනවා. දඩ ගෙවන්න ඕන ඒ සත්තුන්ගේ මළපහ අස් කලේ නැත්නම් හරියට. මිනිසුනේ ඔළුගෙඩි වලින් කල්පනා කරලා වැඩ කරලා ලංකාව ලස්සන කරමු. ආත්මාර්ථකාමී නොවී...

:       0       0

upali Friday, 08 May 2020 03:48 AM

මෙම තුවක්කුවට බලපත්‍රයක් තිබේද? නැතිනම් සිය රජකාරී තුවක්කුව ආපසු බාරදී නොමැතිවද? 

:       0       0

purawasia Friday, 08 May 2020 03:57 AM

මොහු රාජකාරි කරන කාලේ මිනිස්සු කීදෙනෙක් හපාකන්න ඇතිද ?

:       0       0

balla Friday, 08 May 2020 04:01 AM

කොම්බු චැනල් එකේ උදේට පත්තර කියවන හාදයා නම් කිව්වා ලස්සණට තණකොල වවලා තියෙන තැන ජරා කරන්න බල්ලො ඇරපු එක වැරදියි.. ඒක ගැනයි හිතන්න ඕනේ කියලා. සමහර විට මිනිහට තණකොල වටිනවා ඇති. තමන්ගේ කෑම ගැන එහෙම හිතෙන එකේ පුදුමයක් නෑ... පැන්ෂන් කුක්කාට අවුලක් වෙන්නේ නෑ.. නීතිය අකුරටම වෙන නිසා ලස්සනට එළියට එනවා. නීතිය සැමටම එක විදියට ක්‍රියාත්මක වෙන්නේ නෑ කියලා පිළිගන්න තවත් හොඳම අවස්ථාවක් මේක...

:       0       0

kumarage Friday, 08 May 2020 04:07 AM

පෙන්ෂන් ගිහින් මෙහෙම නම්.... ඒ කාලේ මිනිස්සුන්ට සලකන්න ඇත්තේ මීටත් අන්ත විදිහටනේ.. මේ තිරිසන් ගති ඇත්තාට උපරිම දඬුවම් දෙන්න ඕනේ... මැදපෙරදිග නම් මෙලහට අත්දෙකම අයින් කරලා...

:       0       0

නිරෝෂන් Friday, 08 May 2020 04:22 AM

මොහුට වගේම බල්ලව ගේට්ටුව ඇර තමන්ගේ ඉඩමේ සීමාවෙන් එලියට යවපු පුද්ගලයාටත් දඬුවම් දෙන්න ඕනෑ. සත්තු හදන අය දැනගන්න ඕනෑ අනුන්ට කරදරයක් නොවන විදියට උන්ව හදන්න. සමහර බල්ලො ජරා කරන්නෙම අල්ලපු ගෙවල්වලට ගිහින්. මේ වෙඩි තැබීමත් දීර්ඝ කාලයක් හිටන් බල්ලගෙන් තිබ්බ කරදරයක් නිසා කරපු දෙයක් වෙන්න පුලුවන්...

:       0       0

tharindu Friday, 08 May 2020 04:26 AM

වැඩිම වුණොත් යම්කිසි දඩයක් සහිතව මොහුට ඇප ලබා දෙයි... ඕක තමයි අපේ රටේ ලොකු ලොකු උදවියට ක්‍රියාත්මක වන නීතිය.

:       0       0

රට වැසියා Friday, 08 May 2020 04:42 AM

මොහුට උපරිම දඬුවම් දෙනතුරු රටම බලා සිටියි.

:       0       0

maime banda Friday, 08 May 2020 04:56 AM

මේ පුද්ගලයා ඉස්සර කොහොම රැකියාව කරන්න ඇතිද? කීදෙනෙක් අහිංසකයන් මරන්න ඇතිද...?

:       0       0

ජීවක Friday, 08 May 2020 05:15 AM

මේ අසික්කිත මිනිසා ජිවිත කාලය තුලම සිරබත් කන්න සුදුසු නරුමයෙක්. කිසිම නිදහසක් දෙන්න එපා. මුළු සමාජයටම පිළිකාවක් වැනි මොහුගෙන් සාමකාමී ජනතාව ආරක්ෂා කරන්න.

:       0       166

dasun Friday, 08 May 2020 05:20 AM

මීට වඩා කාළකන්නියන් ලංකාවේ සිටිය නොහැකිය.

:       0       98

Karunarathna Gampola Friday, 08 May 2020 05:22 AM

ගෙදරක හැදුන, " පොලිසියේ හැදුන" බල්ලන්ගේ වෙනස තේරුම් ගන්න මේක හොඳටම ප්‍රමාණවත්. බලු ආත්මයෙන් මිදුන තිරිසන් සතාගේ භව ගමන නිමාවී ඉතාමත් ඉක්මනින් නිර්වානාභෝධයට පත්වේවා!!!

:       0       173

rocky Friday, 08 May 2020 06:16 AM

වෙඩි තියන්න තිබුනේ තමන්ගේ `හුරතල්` බල්ලාට පිටවී යන්නට ඉඩ තැබුවා අයිතිකාරයාටයි. බල්ලන්ව හදනවා නම් අසල්වැසියන්ට කරදර නොවෙන විදිහට හදා ගන්න ඕන. මේකේ කමෙන්ට් ගහන මිනිස්සු කතාකරන්නේ හරියට සහ්දර ප්‍රේමයෙන් වගේනේ. ඒ මනුස්සයා බල්ලාට වෙඩි තිබ්බේ නිකම් ආශාවට වෙන්න බැහැ. මොකක් හරි සාධාරණ හේතුවක් තිබිය යුතුයි. ඒක හින්දා .. එක බල්ලෙක් බිරුවාම අනිත් එවුනුත් එක දිගටම බුරනවා වගේ කොමෙන්ට් දාන එකේ තේරුමක් නැහැ.

:       1296       66

NuwanFriday, 08 May 2020 07:13 AM

එහෙම හිතෙන හිතෙන විදියට වෙඩි තියන්න මේ රට පිස්සගේ කියලා හිතුවද?

:       1       331

JayFriday, 08 May 2020 10:39 AM

තමුන්ගේ මෝඩකම තියාගෙන ඉන්න, ප්‍රදර්ශනය කරන්න එපා...

:       0       0

මීගමුවේ අපි Friday, 08 May 2020 01:53 PM

පාරේ යන බල්ලන්ට වෙඩි තියන්න පෙන්ෂන් ගිය පොලිසියේ කෙනාට තිබෙන අයිතිය මොකක්ද....? ඔබ ඒ වීඩියෝ එක බලන්න. කෙසේ වෙතත් බලු මරුවාගේ අනාගතයනම් එතරම් සුබ නැහැ. 88-89 කාලයේ ජවිපේ කියලා අහිංසක කොල්ලන්ව මරුවා.ඒ නඩු තවමත් තියෙනවා.අපේ ගමේ මේ වගේ තිරිසනෙක් තියාගන්නේ නැහැ. අපි කල්දෙනවා මීගමුවෙන් යන්න යන තැනක. නැතිනම් අපි යන්න ඕන තැනට යවනවා.

:       0       324

ජයන්ත මිලානො Friday, 08 May 2020 06:47 AM

ඕවා මොනවාද පැන්ශන් ගිය පොලිස්කාරයෙක් නම්....මෙයා ඔය විදිහට බල්ලාට ක්‍රියා කළානම්....ඒ කාලේ උසස් පෙළ කල ළමයින්ව අමු අමුවේ මරන්න අති ජේවිපි කොල්ලෝ කියලා.

:       0       181

raviFriday, 08 May 2020 09:07 AM

මේ තිරිසනාට විරුද්ධව මානව හිමිකම් නඩු රාශියක් තියෙනවා ...කාව මැරුවාද? කාව අතුරු දහන් කලාද කියලා නම් දන්නේ නැහැ.

:       0       113

ප්‍රතික්ෂේපFriday, 08 May 2020 01:25 PM

අධිකරණයෙන් වේවා මානව හිමිකම් නඩු වේවා රටේ පවතින කුමන නඩුවෙන් හෝ බලය/මුදල් යොදා නිදහස් විය හැකිය. නමුත් ස්වභාව ධර්මයා විසින් නඩු විසදීමේදී ජයක් ලැබීමේ හැකියාවක් නොමැත. කරන කලට පව් මීරිය මීසේ... විදින කලට දුක් දැඩිවෙයි ගිනිසේ.... සිතට ගන්නවානම් සියල්ලන්ටම යහපත් වේවි !

:       0       103

wicky Friday, 08 May 2020 06:56 AM

අනිත් කාරණය තමයි මේ පුද්ගලයා පාරේ යන සතෙකුට වෙඩි තියන්නේ. එයාගේ වත්තට ඇතුළු උන සතෙක් නෙවෙයි. ඒ නිසා කරපු පාපයට අමතරව බරපතල වරදක් කරලා තියෙන්නේ තරාතිරම නොබලා දඬුවම් කරන්න ඕන. අවධානයෙන් ඉමු නිතිය කොහොමද ක්‍රියා කරන්නේ කියලා.... ඒ නිසා මින් ඉදිරියටත් මේ සම්බන්ධව පාඨකයන් දැනුවත් කරනමෙන් මම කරුණාවෙන් ඉල්ලමි.

:       0       365

theshan Friday, 08 May 2020 06:59 AM

උසාවි දැම්මත් වැඩක් නැහැ. දඩය රුපියල් 100 යි.

:       0       51

ashan fernando - Negombo.Friday, 08 May 2020 09:15 AM

උසාවි ගිහින් දඩ ගහලා මදි ..අපි හදන්නේ මේ මිනීමරුවාගේ නිවස අසලින් කුඩා ඉඩම් කැබැල්ලක් " ඕනෑම ගණනකට "මිලදී අරගෙන මේ අහිංසක බල්ලාගේ statue එකක් හදවන්න...

:       0       421

kamani - rathmalanaFriday, 08 May 2020 10:34 AM

ෆේස් බුක් හරහා අපි පටන්ගමු ෆන්ඩ් එකක්. අපි කොහොම හරි මේ සතාගේ ස්ටැචියු එක හදමු.

:       0       251

shantal fernandoFriday, 08 May 2020 10:37 AM

අපි ඉන්නේ කුරණ. අපිත් උදව් කරනවා.

:       0       0

කසුන් සොයිසා Friday, 08 May 2020 10:42 AM

හොඳ අදහසක්...!!! අපි ෆන්ඩ් එකක් පටන්ගමු. කට්ටුවේ ඉන්නවා දක්ෂ ගල් කැටයම් කරුවන්. ඒ ගොල්ලන් සමග කතාකරගන්න. තව කවුරුහරි කුඩා ඉඩම් කැබැල්ලක් හොයන්න. පෙරියාමුල්ලේම... මිනීමරුවාගේ නිවස තිබෙන පාරේම නම් හොඳයි.

:       0       277

amila Friday, 08 May 2020 07:25 AM

රොකී ඔයා හරි. මමත් ඔයාගේ මතයේ ඉන්නේ.

:       258       9

sujanthFriday, 08 May 2020 09:12 AM

"පාරේ "යන බල්ලන්ට වෙඩි තියන්න රොකි ද අර පිස්සට බලපත්‍රයක් දුන්නේ? ඔයා දැක්කද ඒ වීඩියෝ එක...ටිකක් බලන්න..

:       0       253

Helen Friday, 08 May 2020 08:24 AM

බල්ලෙක් නෙමෙයි ඕනම සතෙකුට ජීවත් වෙන්න අයිතියක් තියෙනවා. සතා මරපු එක දවස මොකක් උනත් කොහොමටත් වැරදියි. ඒ ගැන තර්කයක් නැහැ. නමුත් Rocky සහ අමිල කියනව වගේ සත්තු අයාලේ යවන එකයි, දඩාවතේ යන සත්තුයි නිසා කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන මිනිස්සු කොයි තරම් පීඩාවට පත් වෙනවද?

:       1       13

අම්බලන්ගොඩ ලලිත් ජයවීර Friday, 08 May 2020 09:17 AM

දෙපැත්තෙන්ම වරදක් වෙලා තියෙනව. ඉවසීමෙන් වැඩ කරන්න. මේ වෙසක් මාසයේ තම තමන්ගෙන් වෙච්ච වැරදි මෙනෙහි කරන්න. අපි කවුරැවත් දන්නෙ නැහැනෙ කථාවෙ අග මුල.... කොහොම වුනත් බල්ලා අහිංසක සතෙක්. මිනිසුන් ලග නැති ගති ලක්ෂණ බල්ලන් ලග තියෙනව... බල්ලො-බලල්ලු-ගවයො වගෙ සත්වයො මිනිස්සු නැති තැන ජිවත් වෙන්න කැමති නැහැ. ඒ නිසා මින් ඉදිරියට මේ වගේ අවාසනාවන්ත දේවල් නොවෙන්න කවුරැත් වග බලා ගන්න. දෙපැත්තෙන්ම වේදනාවට පත්වූ සිත් සුවපත් වේවා...

:       0       42

sam Friday, 08 May 2020 10:29 AM

ඕක පොලිසියේ හිටිය කාලෙත් බල්ලෙකුට වඩා වෙනසක් නැහැ. ඕකට මිනිස්සු බල්ලා කියල කොයිතරම් කියලා ඇද්ද? ඔය කෙනාටත් එ් අහිංසක සතාට දුන්නු දඬුවමම දෙන්න...

:       0       0

chandima Friday, 08 May 2020 01:11 PM

අල්ලපු එකේ නම් වරදක් නැහැ. ඒ වුනත් ඒ කාලේ ඔය බල්ලා මරපු විදියටම මිනිස්සු මරද්දී මෙයාලට පදක්කම් දුන්න මිසක් ඔය විදියට අත්අඩංගුවට ගත්තේ නැහැනේ.

:       0       59

මීගමුවේ අපිFriday, 08 May 2020 01:45 PM

මේ දේ කරපු " නරුමයා" ට දෙන දඬුවම ගැන අප අවධානයෙන් ඉන්නේ. දඬුවම ලිහිල් වුනොත්....මීගමුවේ අපි දඬුවම දෙනවා...බලු මරුවාව මිගමුවෙන්ම පන්නනවා

:       0       365

චමින්දSaturday, 09 May 2020 12:42 AM

බල්ලන් මරණ කෙනාට කියන්නේ බලු අබරා කියලයි

:       0       0

sumudu Friday, 08 May 2020 01:58 PM

කසුන් , පෙරියාමුල්ලේ සිටින කිහිප දෙනෙක්ම පාරට මායිම්ව චුටි ඉඩම් කැල්ලක් තමන්ගේ ඉඩමෙන් දෙන්න ඇහුවා..නොමිලේ.

:       0       58

කසුන් සොයිසාFriday, 08 May 2020 03:11 PM

ඉස්සෙල්ලම අපි බ්‍රිටෝ මහත්මයත් එක්ක මේගැන කතාකරමු.

:       0       0

kumara - katuwapitiyaFriday, 08 May 2020 05:15 PM

අදම "බලු මරුවා" ගමෙන් පන්නමුද....?

:       0       25

කසුන් සොයිසාFriday, 08 May 2020 10:08 PM

බ්‍රිටෝ මහත්තයා දැනුවත් කරන්න.

:       0       0

Kumar Friday, 08 May 2020 02:35 PM

තමන්ගේ සුරතලාට එතරම් ආදරයක් තිබෙනවා නම් මහපාරට යවනවද? සුනඛයෙක් පාරේ දුවන අවස්ථාවක වාහනයක ගැටෙන්න ඉඩතිබෙන අතර ඒ සතා මරාදැමුව අය වගේ අයත් ඉන්නවා. ලංකාවෙ බල්ලන්ට සලකන්නේ බොහොම පහත් විදියටයි. ඇමෙරිකාවේ සලකන්නේ පවුලේ සාමාජිකයෙක් හැටියටයි.

:       0       0

wicky Friday, 08 May 2020 03:31 PM

රොකී, ඔබ මේ ප්‍රශ්නය දිහා බලන කෝණය වැරදි බව තේරුම් ගන්න. මේ සතාට වෙඩි තැබීමෙන් ඔබ්බට අපි හිතන්න ඕනෑ. මොකද මෙවැනි විකෘති මනසක් ඇති පුද්ගලයින් වටා සිටින අසල්වාසීන්ටත් මෙයා උත්තර දෙන්නේ මේ ගිනිඅවියෙන්ම තමයි. කොහොම වුණත් මේ ගිනිඅවිය නීත්‍යානුකූලද, එසේවුවත් මෙවැනි අපරාධයකට එය පාවිච්චි කළහැකිද? මෙය නීතියට බාරදී අපි බලා ඉඳිමු...

:       0       0

ruwindaja Saturday, 09 May 2020 02:46 PM

පොලිස්කාරයට හෙන 7ම ගහපන්. ඊලග ආත්මේ බල්ලෙක් වෙලා තමයි ඉපදෙන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 466 1

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 149 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 159 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 634 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 213 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


විජය පුවත්පත් සමාගමට කෝටි 3ක පොල්ලක් තැබූ දැන්වීම් හිමිකරුට වරෙන්තු
2025 පෙබරවාරි මස 05 670 0

විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 774 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 745 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site