(ඩයනා උදයංගනී සහ නාලක සංජීව දහනායක)
වැඩබලන අමාත්‍යවරුන් අමාත්‍යවරුන් ලෙස පාර්ලිමේන්තුව තුළ පිළිගනු ලබන්නේ නම් තමාටත් රජයේ අනෙක් වැඩ බලන ඇමැතිවරයාටත් පාර්ලිමේන්තු සභාවේ කැබිනට් ඇමැතිවරුන්ට හිමි ඉදිරිපෙළ අසුන් හිමිවිය යුතු බව කර්මාන්ත හා වාණිජ කටයුතු දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීමේ සමූපකාර සංවර්ධන වෘත්තිය පුහුණු හා නිපුණතා සංවර්ධන වැඩ බලන අමාත්‍ය බුද්ධික පතිරණ මහතා අද (24) පැවැසීය.
වැඩබලන අමාත්‍ය බුද්ධික පතිරණ මහතා මේ බව පැවැසුවේ පාර්ලිමේන්තුව වැඩ බලන අමාත්‍යවරු අමාත්‍යවරුන් ලෙස පිළිගන්න බවට කතානායක කරු ජයසූරිය මහතා පැවසූ අවස්ථාවේදීය.
එසේ වුවත් ඔවුන්ට එම ආසන ලබාදීම අපහසු බව කතානායකවරයා සඳහන් කළේය.
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව සෞදි අරාබි බාහිර වෙළඳ දූත පිරිසක් සමඟ සාර්ථක වැඩසටහනක් පසුගියදා පැව
ලුණු මිල හෙට (6) සිට වැඩි කිරීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර තිබේ.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
වැඩ බලන ඇමැතිවරුත් ඉදිරිපෙළ අසුන් ඉල්ලති
chandima Wednesday, 24 July 2019 06:02 PM
මේ මෝඩයින්ට වෙන වැඩ නැතුවට ඉස්සරහ සීට් හම්බ වුනේ නැතුවාටත් කෙල ගන්නවා. දණගහලා ඉන්දුවා නම් ඉවරයිනේ වැඩේ.. අම්මපා කවද්ද මොවුන් ටික ගෙදර යවලා රටට වැඩක් ඇති ජනතාවගේ නියෝජිතයින්ට රට බාර දෙන්නේ?
ශ්‍රීThursday, 25 July 2019 04:45 AM
මේ අයට පැදුරත් හොඳ වැඩියි.
Steve Wednesday, 24 July 2019 09:38 PM
මේවත් නිව්ස්ද?
Chanak los angeles Wednesday, 24 July 2019 10:03 PM
හැබැයි යනවා කියන්නේ ජනතාවට සේවය කරන්නයි. ගියාට පසුව කරගන්නේ ඔවුන්ටයි. යකෝ... වැඩක් කරන එකාට ටොයිලට් සීට් එක උඩ වාඩිවුණාම මොකද?
ලුම්බිණි Thursday, 25 July 2019 12:46 AM
"කර්මාන්ත හා වාණිජ කටයුතු දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීමේ සමූපකාර සංවර්ධන වෘත්තිය පුහුණු හා නිපුණතා සංවර්ධන" ..කවුද දන්නේ නැහැ මේ විදියේ නමක් දුන්නේ?
චින්තා Thursday, 25 July 2019 01:44 AM
බුද්ධිකද අබුද්ධිකද?
සමන් Thursday, 25 July 2019 02:09 AM
ගෙම්බෙක් ගිය උඩ කිව්වලු....
bamunuarachchi Thursday, 25 July 2019 02:38 AM
අපේ ආච්චි ළිඳ ළඟ රෙදි හෝදනකොට වාඩි වෙච්ච ලී බැංකු කොටේ තාම තිබෙනවා. ඒක එවන්නද? ඉස්සරහින්ම තියලා වාඩිවෙන්න පුළුවන්. මේ ගොල්ලෝ ගැලරියේ මිනිස්සුනේ... ඒ නිසා ප්‍රශ්නයක් වෙන එකක් නැහැ.
shantha Qatar Thursday, 25 July 2019 03:04 AM
මොවුන්ට පිස්සු... ඔක්කොම ආසන ගලවලා හිටගෙන ඉන්න දෙන්න. වැඩකට නැති අය ඉන්නේ ඕකේ...
thilakasiri Thursday, 25 July 2019 04:31 AM
විශ්ව විද්‍යාල සිසුන් කියන විදිහට ඉගෙනගෙන රටේ වගකිව යුත්තන් වෙලා ඉගෙනගත් කාලේ වින්ද දුක්ගැහැට මතු පරපුරට නොදෙන්න ක්‍රියා කරනවා වෙනුවට දේශපාලකයන්ගේ සමිති සමාගම්වලින් ඔවුන්ව මෙහෙයවමින් මහපාරේ මිනිසුන්ට යන්නත් බැරිවෙන පෙලපාලි යවනවා වගයි. පතිරණලාගේ මෙන්න මේ වගේ වැඩ... මේ වගේ තමයි රවීගේ අමාත්‍යාංශය වෙන තැනකට ගෙනියන්න කෝටි 364ක් ඉල්ලීම.. මෙන්න මේ වගේ වැඩ නිසයි 225ම මහජනතාවට එපාවෙලා තියෙන්නේ... මෙයාලට හා රාජ්‍ය අංශයේ නිලධාරීන්ට පහසුකම් හා වරප්‍රසාද දෙනකොට එංගලන්තේ ඇමෙරිකා වැනි රටවල විදිහට කරලා හරියන්නේ නැහැ. ලංකාවේ රාජ්‍ය හා පුද්ගලික අංශයේ විවිධ වෘත්තිකයින්ගේ මෙන්ම කුලීවැඩ කරන හා සියලු අසරණයන් ඉන්න ගෙවල් නැතුව කුලියට ඉඳිමින් ජීවිත ගැටගහගන්න බැරුව විඳින දුක්වේදනා අහඹු විමසීමකින් නිරන්තරයෙන් බලමින් ඔවුන්ටත් සහන සැලසෙන විදිහට කළයුතුයි. අද ගෙවල් කුලී ලයිට් බිල්, වතුර බිල් වලටම කීයක් යනවද? රටේ ඒ ඒ ජනතාව ලබන්නා වූ මාසික අාදායම ගැන සංගණනයක් ගෙන පතිරණලා, රවීලා ඇතුළු 225 හා රජයේ නිලධාරීන්ගේ හා සමහර පඩි වැඩි වෘත්ති වල පඩි වැඩි වීම හා වරප්‍රසාද දීම කළයුතු නොවේද?
rama Thursday, 25 July 2019 04:42 AM
ලුම්බිණි එහෙම තමයි. ඒවා විද්‍යාත්මකවනේ තෝරලා තියෙන්නේ...
Hafeel Thursday, 25 July 2019 07:44 AM
වැඩේ පෙන්නන්න. එච්චරයි ඕනේ... සමහරවිට මිනිහ පුංචියිනේ. ඉදිරිපෙළ අසුන් ඉල්ලන්න. එ්ක සාධාරණයි.